කුවේට් රාජ්‍යය විසින් ඉතිහාසයේ ප්‍රථම වරට බොදුනු ආගමික වැඩසටහනක්, කුවේට් තානාපති කාර්යාල පරිශ්‍රයේ දී පසුගිය 24, 25 හා 26 දිනයන් හි පවත්වන ලදි. මව්බිමේ උදාවූ නව ජනතා අපේක්ෂාවට සෙත් පැතීම, කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්රමනියම් මහතාගේ නොබෝදිනකින් සිදුවන විශ්‍රාම යෑම ආදී කරුණු මුල් කර ගනිමින්, කුවේට් හි ශ්‍රී ලාංකේය ප්‍රජාව විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
Òවැලි කතරට සදහම් අමා වර්ෂාවÓ නමින් නම් කළ මෙම වැඩසටහනේ දී සර්වරාත්‍රික පිරිත් පින්කමක්, සංඝගත දක්ෂිණාවක්, දාන, ශීල, භාවනා වැඩසටහන් සහ බොදු සංස්කෘතික අංගයන්ගෙන් ද විචිත්‍රවත් විය. මෙම වැඩසටහන් මෙහෙයවීම සඳහා විචිත්‍ර ධර්ම කථික ගලිගමුවේ ඥානදීප, කුරුණෑගල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු නියෝජ්‍ය ලේකඛාධිකාරි පූජ්‍ය නෙලෙවැවේ ගුණානන්ද, පුත්තලම මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත යන හිමිවරුන් ඇතුළු භික්ෂූන් වහන්සේලා දසනමක් වැඩම කොට තිබිණි.
මෙම වැඩසටහන්වලට කුවේට් රාජ්‍යයේ වාසය කරන සහ එරට රැකියාවල නිරත වී සිටින ශ්‍රී ලාංකියෝ විශාල පිරිසක් ද පැමිණ සහභාගි වී සිටියහ.