Monday, April 21, 2025
Home » මර්වින් ජානා STF දැලට කොටු­වෙයි
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වකු වූ

මර්වින් ජානා STF දැලට කොටු­වෙයි

by Gayan Abeykoon
October 29, 2024 1:06 am 0 comment

නුගේ­ගොඩ සමූහ සමීර අබේ­සිංහ බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ

ශ්‍රී ලංකාව තුළ සංවි­ධා­නා­ත්මක අප­රාධ හා මහා පරි­මාණ මත්ද්‍රව්‍ය ජාවා­රමේ නියැළී සිටි ජානක ප්‍රසාද් නොහොත් “මර්වින් ජානා” නමැත්තා පොලිස් විශේෂ කාර්ය බළ­කායේ මොර­ටුව කඳ­වුරේ නිල­ධා­රින් විසින් බොර­ලැ­ස්ග­මුව ප්‍රදේ­ශ­යේදී සිදු කළ මෙහෙ­යු­ම­කදී රුපි­යල් ලක්ෂ තුන­කට ආසන්න වටි­නා­ක­ම­කින් යුත් මෙත්ඇ­න්පි­ට­මින් ක්‍රිස්ටල් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 17යි මිලි­ග්‍රෑම් 60ක ප්‍රමා­ණ­යක් සහ ජාවා­ර­ම්ක­රුට අයත් සුඛෝ­ප­භෝගී මෝටර් රථ­යක් ද සමඟ අත්අ­ඩං­ගු­වට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළ­කාය පව­සයි.

අත්අ­ඩං­ගු­වට පත් වූ සැක­කරු මර්වින් ජානා නොහොත් බේකිරි ජානා නමැති අන්වර්ථ නාම­ව­ලින් පෙනී සිටින 45 හැවි­රිදි වියේ පසු වන අයෙක් වන බවත් ස්ථිර වශ­යෙන් පැර­කුම් මාවත, අත්ති­ඩිය, දෙහි­වල ලිපි­න­යෙහි පදිං­චිව සිට ඇති බවත් ස්ථිරව පදිං­චිව සිටින නිවෙසේ සිට බොර­ලැ­ස්ග­මුව, දේවා­ල­මුල්ල, පළමු පටු­මඟ ප්‍රදේ­ශයේ ඥාති නි‍ෙව­ස­කට පැමිණ සිටි­යදී සැක­කරු අත්අ­ඩං­ගු­වට ගත් බවත් පොලි­සිය පැව­සීය.

2016 වර්ෂයේ බොර­ලැ­ස්ග­මුව පොලිස් වසමේ කටු­වා­වල, ඇහැ­ළපේ මංස­න්දිය ආස­න්නයේ ව්‍යාපා­රික ස්ථාන­යක් ඉදි­රි­පිට සංවි­ධා­නා­ත්මක අප­රාධ කල්ලි සාමා­ජි­ක­යකු වන පොඩි චානක නමැ­ත්තාට වෙඩි තබා ඝාත­නය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැක­කරු දැනට අත්අ­ඩං­ගුවේ පසු­වන සැක­කරු බව සිදු කළ මූලික විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය කර­ගත් බවත් පොලි­සිය පව­සයි.

සැක­කරු ආර­ක්ෂක අංශ නොමඟ යව­මින් තමන් රටින් පිටව සිටින බවට ප්‍රචා­රය කර­මින් ඉතා සූක්ෂ්ම ආකා­ර­යෙන් මෙරට රැඳී සිටි­මින් තමන්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ මත්කුඩු හා අයිස් මත්ද්‍රව්‍ය ගෝල­යන් හරහා බෙදා හැර ඇති බවත් සිදු කළ ප්‍රශ්න කිරී­ම්ව­ලදී අනා­ව­ර­ණය කර ගැනී­මට හැකි වූ බවත් පොලි­සිය පව­සයි.

විශේෂ කාර්ය බළ­කායේ නිල­ධා­රින්ට දින කිහි­ප­යක සිට ලද බුද්ධි තොර­තුරු අනුව සැක­කරු පිළි­බ­ඳව විම­ර්ශන සිදු කර­මින් සිටි­යදී ලද රහ­සි­ගත තොර­තු­රක් මත සිදු කළ මෙහෙ­යු­මේදී සැක­කාර පුද්ග­ලයා අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකි වූ බවද විශේෂ කාර්ය බළ­කාය පව­සයි.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු ඉදිරි විම­ර්ශන හා පරී­ක්ෂණ කට­යුතු සිදු කිරී­මට අධි­ක­ර­ණ­යෙන් ලබා­ගත් දින 07 රැඳ­වුම් නියෝග මත බොර­ලැ­ස්ග­මුව පොලිස් ස්ථානය වෙත භාර දුන් බවද විශේෂ කාර්ය බළ­කාය පව­සයි.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් වැඩි­දුර පරී­ක්ෂණ පොලිස් විශේෂ කාර්ය බළ­කායේ මොර­ටුව කඳ­වුරෙ නිල­ධා­රින් හා බොර­ලැ­ස්ග­මුව පොලිස් ස්ථානයේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක සුමේධ විමල ගුණ­රත්න මහ­තාගේ උප­දෙස් හා මෙහෙ­ය­වීම මත අප­රාධ අංශයේ ස්ථානා­ධි­පති උප පොලිස් පරී­ක්ෂක ආසිරි ජය­සූ­රිය මහතා ඇතුළු නිල­ධා­රින් විසින් සිදු කරනු ලබයි.

විශේෂ කාර්ය බළ­කායේ සේනා­වි­ධා­යක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති නීතිඥ වරුණ ජය­සු­න්දර මහ­තාගේ නියෝග හා උප­දෙස් පරිදි සහ­කාර පොලිස් අධි­කාරී (බුද්ධි/ විශේෂ මෙහෙ­යුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවි­ධා­නා­ත්මක අප­රාධ මර්දන) සාගර කුල­සේ­කර මහ­තාගේ මඟ­පෙ­න්වීම හා අධී­ක්ෂ­ණය මත විශේෂ කාර්ය බළ­කාය විශේෂ මෙහෙ­යුම් අංශ iii හි ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක ආර්.ඒ.ඩී.ඒ. රණ­සිංහ ඇතුළු නිල­ධා­රින් කණ්ඩා­ය­මක් විසින් මර්වින් ජානා අත්අ­ඩං­ගු­වට ගැනීමේ මෙහෙ­යුම දියත් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT