රුහුණ විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා අධ්‍යයන අංශයේ වසර 41ක සේවා කාලය නිමා කරමින් විශ්‍රාම ලැබූ සුහද සමාජයේ ප්‍රථම සාමාජිකත්වය හිමිකරගත් විශ්‍රාමලත් ක්‍රීඩාපිටි සේවක ඩබ්ලිව්. සුදත් පෙරේරා මහතාට උපහාර දැක්වීමේ උත්සවයක් ඉකුත් 25 වැනි දින පැවැත්විණි.
රුහුණ විශ්වවිද්‍යාලයේ පැවති ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයීය ලිපිකාර, කළමනාකරණ සහකාර හා කාර්මික සේවා රුහුණ විශ්වවිද්‍යාලයීය ශාඛා සංවත්සරයේදී මෙම උපහාර පිදීම සිදු කෙරිණි.
විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත, අන්තර් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති මහා සම්මේලනයේ උප සභාපති එච්.ජී. කැළුම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්විණි.
මෙම සංවත්සර උත්සවය සඳහා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයීය ලිපිකාර, කළමනාකරණ සහකාර හා කාර්මික සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජී.බී. දොරටියාව, වැඩබලන භාණ්ඩාගාරික රෝහිත ධනංජය, රුහුණ විශ්වවිද්‍යාලයේ සුහද සමාජයේ ප්‍රධාන සභාපති සුගත් ආනමඩුව යන මහත්වරු සහභාගි වී සිටියහ.