Monday, April 21, 2025
Home » 41 වස­රක සේවා කාල­යට උප­හාර

41 වස­රක සේවා කාල­යට උප­හාර

by Gayan Abeykoon
October 29, 2024 1:02 am 0 comment

අකු­රැස්ස මධ්යම විශේෂ - විජිත සල්ගාදු

රුහුණ විශ්ව­වි­ද්‍යා­ලයේ ක්‍රීඩා අධ්‍ය­යන අංශයේ වසර 41ක සේවා කාලය නිමා කර­මින් විශ්‍රාම ලැබූ සුහද සමා­ජයේ ප්‍රථම සාමා­ජි­ක­ත්වය හිමි­ක­ර­ගත් විශ්‍රා­ම­ලත් ක්‍රීඩා­පිටි සේවක ඩබ්ලිව්. සුදත් පෙරේරා මහ­තාට උප­හාර දැක්වීමේ උත්ස­ව­යක් ඉකුත් 25 වැනි දින පැවැ­ත්විණි.

රුහුණ විශ්ව­වි­ද්‍යා­ලයේ පැවති ශ්‍රී ලංකා විශ්ව­වි­ද්‍යා­ල­යීය ලිපි­කාර, කළ­ම­නා­ක­රණ සහ­කාර හා කාර්මික සේවා රුහුණ විශ්ව­වි­ද්‍යා­ල­යීය ශාඛා සංව­ත්ස­ර­යේදී මෙම උප­හාර පිදීම සිදු කෙරිණි.

විශ්ව­වි­ද්‍යා­ල­යීය වෘත්තීය සමිති ඒකා­බද්ධ කමි­ටුවේ සම සභා­පති ධම්මික එස්. ප්‍රියන්ත, අන්තර් විශ්ව­වි­ද්‍යා­ල­යීය වෘත්තීය සමිති මහා සම්මේ­ල­නයේ උප සභා­පති එච්.ජී. කැළුම් යන මහ­ත්ව­රුන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් උත්ස­වය පැවැ­ත්විණි.

මෙම සංව­ත්සර උත්ස­වය සඳහා ශ්‍රී ලංකා විශ්ව­වි­ද්‍යා­ල­යීය ලිපි­කාර, කළ­ම­නා­ක­රණ සහ­කාර හා කාර්මික සේවා සංග­මයේ ප්‍රධාන ලේකම් ජී.බී. දොර­ටි­යාව, වැඩ­බ­ලන භාණ්ඩා­ගා­රික රෝහිත ධනං­ජය, රුහුණ විශ්ව­වි­ද්‍යා­ලයේ සුහද සමා­ජයේ ප්‍රධාන සභා­පති සුගත් ආන­ම­ඩුව යන මහ­ත්වරු සහ­භාගි වී සිටි­යහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT