47
යාපනය, නල්ලූර් ප්‍රදේශයේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ගිය නිලධාරීන් පිරිසකට ත්‍රිරෝද රථයක් තුළ දී මියගිය වයෝවෘද්ධ පුද්ගලයකුගේ මළ සිරුරක් ඉකුත් 26 වැනිදා හමු වී තිබේ. යාපනයේ තිරුණවේලි ප්‍රදේශයේ නිවෙසක් පරික්ෂාවට ලක් කරමින් සිටිය දී, ත්‍රිරෝද රථය තුළට එබී බැලූ නිලධාරීන්ට මළ සිරුර දැක ගැනීමට හැකි වී ඇත. සෞඛ්‍ය නිලධාරීන් වහාම මේ බව කෝපායි පොලිසියට දැනුම් දීමෙන් පසුව පොලිසිය පැමිණ එම පුද්ගලයාගේ මළ සිරුර යාපනය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් තිබේ.