Home » ඩෙංගු හොයන්න ගිය නිල­ධා­රීන්ට මළ සිරු­රක් හමු­වෙයි

ඩෙංගු හොයන්න ගිය නිල­ධා­රීන්ට මළ සිරු­රක් හමු­වෙයි

by Gayan Abeykoon
October 29, 2024 1:00 am 0 comment

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

යාප­නය, නල්ලූර් ප්‍රදේ­ශයේ ඩෙංගු මර්දන කට­යුතු සඳහා ගිය නිල­ධා­රීන් පිරි­ස­කට ත්‍රිරෝද රථ­යක් තුළ දී මිය­ගිය වයෝ­වෘද්ධ පුද්ග­ල­ය­කුගේ මළ සිරු­රක් ඉකුත් 26 වැනිදා හමු වී තිබේ. යාප­නයේ තිරු­ණ­වේලි ප්‍රදේ­ශයේ නිවෙ­සක් පරි­ක්ෂා­වට ලක් කර­මින් සිටිය දී, ත්‍රිරෝද රථය තුළට එබී බැලූ නිල­ධා­රීන්ට මළ සිරුර දැක ගැනී­මට හැකි වී ඇත. සෞඛ්‍ය නිල­ධා­රීන් වහාම මේ බව කෝපායි පොලි­සි­යට දැනුම් දීමෙන් පසුව පොලි­සිය පැමිණ එම පුද්ග­ල­යාගේ මළ සිරුර යාප­නය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT