Home » පේරා­දෙ­ණිය සර­ස­වි­යෙන් පරි­ස­රය පිරි­සිදු කෙරේ

පේරා­දෙ­ණිය සර­ස­වි­යෙන් පරි­ස­රය පිරි­සිදු කෙරේ

by Gayan Abeykoon
October 29, 2024 1:02 am 0 comment

ගලහ සමූහ - සී.කේ. වික්රම

ලෝක පරි­සර දින­යට සම­ගා­මීව පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ සීරෝ ප්ලාස්ටික් සංවි­ධා­නය මඟින් සංවි­ධා­නය කරන ලද පරි­ස­රය පිරි­සිදු කිරීමේ පාග­ම­නක් ඉකුත් 26 වැනිදා ගලහ හන්දියේ සිට මහ­නු­වර කිංග්ස්වුඩ් විදු­හල දක්වා ගමන් කෙරිණි.

මෙම සීරෝ ප්ලාස්ටික් සංග­මය ලංකාව පුරා පව­තින විශ්ව­වි­ද්‍යාල, පාසල් ඇතුළු විවිධ ආය­තන කේන්ද්‍ර කර ගනි­මින් පිරි­සිදු කිරීමේ පාග­මන් සංවි­ධා­නය කර තිබුණු අතර, මෙම වැඩ­ස­ට­හන ද එහි තවත් අදි­ය­රක් විය. මෙහිදී ගලහ මංස­න්ධියේ සිට කිංග්ස්වුඩ් විදු­හල තෙක් මාර්ගය දෙපස තිබුණු පොලි­තීන්, ප්ලාස්ටික්, බෝතල්, ටින්, කඩ­දාසි ආදී සියල්ල වෙන වෙනම එකතු කෙරුණු අතර, පාග­මන කිංග්ස්වුඩ් විද්‍යා­ලය අස­ලින් අව­සන් කර වෙන් කරන ලද කසළ, නගර සභා කසළ එකතු කිරීමේ අංශ­යට ලබා­දීම සිදු­විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT