බ/ හාළිඇළ මධ්‍ය මහා විද්‍යාලයේ 135 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධාන කෙරුණු පින්කම් මාලාවක් සමඟ සංවත්සර උලෙළක් ඉකුත්දා එම විද්‍යාලයේදී පැවැත්විණි. මේ යටතේ විද්‍යාලයීය භූමියේ පිහිටි දර්ශනීය බුද්ධ ප්‍රතිමාව සුරක්ෂිත කරමින් ඉදිකරන ලද නව බුද්ධ මන්දිරය විවෘත කිරීම ද, මෙම විදුහලේ සේවය කොට නැසී ගිය විදුහල්පතිවරුන්, ගුරුභවතුන්, අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් ආදි සිසුන් හා මවුපියන් ඇතුළුව විදුහලේ අභිවෘද්ධිය පිණිස දායක වූ සියලුදෙනාට පින් පිණිස මහා සංඝයා වහන්සේ 50 නමක් විෂයෙහි දිවා දානය පිරිනැමීම ද සිදු කෙරිණි. ඌව අමරපුර මහානිකායේ රිල්පොළ, දෙහිවින්න, බෝගොඩ කෝරළත්‍රයේ ප්‍රධාන සංඝනායක හාළිඇළ සිරි බිම්බාරාම විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය බෝගහමඩිත්තේ ධම්මසාර හිමි, උඩදොම්පේ ශ්‍රී විසුද්ධාරාම විහාරාධිකාරි පූජ්‍ය බිබිලේ ධම්මාලෝක හිමි, උඩුවර පුරාණ විහාරාධිකාරි ශාස්ත්‍රපති පූජ්‍ය කැටවල බුද්ධසිරි හිමි, පනාකන්නිය ශ්‍රී සම්බෝධි විහාරාධිපති පූජ්‍ය අන්තුඩුවාවෙල යසස්සි හිමි ඇතුළු මහාසංඝරත්නයේ සහභාගිත්වයෙන් දානමය පින්කම පැවැත්විණි. ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී මහින්දපාල ජෝපියස් හා බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සරත් රණසිංහ යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වූහ. විදුහල්පති ලුතිනන් කර්නල් අසේල තෙන්නකෝන් මහතාගේ මූලිකත්වයෙන් විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය, ආදි ශිෂ්‍ය සංගමය හා ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාව එක්ව මෙම උළෙල සංවිධාන කොට තිබිණි.