Monday, April 21, 2025
Home » රජය ජනතා පීඩ­නය අවම කළ යුතුයි – සජිත් ප්‍රේම­දාස

රජය ජනතා පීඩ­නය අවම කළ යුතුයි – සජිත් ප්‍රේම­දාස

by Gayan Abeykoon
October 29, 2024 1:07 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත, මැද කොළඹ සමූහ - ආරි­ය­රත්න ගනේ­ගොඩ

අද රටේ පීඩා­වට අස­හ­න­යට පත් ජන­තා­වට මැති­ව­ර­ණයේ දී පොරොන්දු වූ ආකා­ර­යට රජය විසින් පීඩ­නය අවම කිරී­මට කට­යුතු කළ යුතු බව සජිත් ප්‍රේම­දාස මහතා ප්‍රකාශ කළේය.

සමගි ජන බල­වේ­ගයේ නායක සජිත් ප්‍රේම­දාස මහතා මේ බව කියා සිටියේ පෙරේදා (27) කොලො­න්නාවේ පැවැති ජන හමු­වක් අම­ත­මිනි.

මේ වන විට අත්‍යා­වශ්‍ය ආහා­ර­වල හිඟ­යක් ඇතිව පොල් ගෙඩි සඳහා ද පෝලි­මක් ඇති බවත් හිටපු ජනා­ධි­ප­ති­ව­රයා රටම අමා­රුවේ දමා 2028 සිට ණය ගෙවන්න පොරොන්දු වී ඇති බවත් තවත් වසර හත­රක් පම­ණක් එයට ඇති බවත් සජිත් ප්‍රේම­දාස මහතා පැවැ­සීය.

වත්මන් ආර්ථි­ක­යට නම් මේ ණය ගෙවීම දරා­ගත නොහැ­කියි. ඒ සඳහා ශීඝ්‍ර ආර්ථික වර්ධ­න­යක් අව­ශ්‍යයි. මේ ණය කන්ද­රාව නැවත ගෙවී­මට නම් සමගි ජන බල­වේග මන්ත්‍රී­ව­රුන් බහු­ත­ර­යක් පාර්ලි­මේ­න්තු­වට පත් කළ යුතුයි. එසේ නොමැති වුව­හොත් 2028දීත් බංකො­ලොත් වෙයි යැයිද හෙතෙම කීවේය.

අයි.එම්.එෆ්. එකත් එක්ක සාකච්ඡා කර ජන­තා­වට ගැළ­පෙන ගිවි­සු­මක් අත්සන් කළ හැකි වන්නේ සමගි ජන බල­වේ­ග­යට බවත් පෝලිම් යුගය වෙනු­වට සංව­ර්ධන යුග­යක් නිර්මා­ණය කරන රටක් ගොඩ­නැ­ඟිය හැක්කේ සමගි ජන බල­වේ­ග­යට බවත් සජිත් ප්‍රේම­දාස වැඩි­දු­ර­ටත් පැවැ­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT