අද රටේ පීඩාවට අසහනයට පත් ජනතාවට මැතිවරණයේ දී පොරොන්දු වූ ආකාරයට රජය විසින් පීඩනය අවම කිරීමට කටයුතු කළ යුතු බව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පෙරේදා (27) කොලොන්නාවේ පැවැති ජන හමුවක් අමතමිනි.
මේ වන විට අත්‍යාවශ්‍ය ආහාරවල හිඟයක් ඇතිව පොල් ගෙඩි සඳහා ද පෝලිමක් ඇති බවත් හිටපු ජනාධිපතිවරයා රටම අමාරුවේ දමා 2028 සිට ණය ගෙවන්න පොරොන්දු වී ඇති බවත් තවත් වසර හතරක් පමණක් එයට ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
වත්මන් ආර්ථිකයට නම් මේ ණය ගෙවීම දරාගත නොහැකියි. ඒ සඳහා ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් අවශ්‍යයි. මේ ණය කන්දරාව නැවත ගෙවීමට නම් සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් බහුතරයක් පාර්ලිමේන්තුවට පත් කළ යුතුයි. එසේ නොමැති වුවහොත් 2028දීත් බංකොලොත් වෙයි යැයිද හෙතෙම කීවේය.
අයි.එම්.එෆ්. එකත් එක්ක සාකච්ඡා කර ජනතාවට ගැළපෙන ගිවිසුමක් අත්සන් කළ හැකි වන්නේ සමගි ජන බලවේගයට බවත් පෝලිම් යුගය වෙනුවට සංවර්ධන යුගයක් නිර්මාණය කරන රටක් ගොඩනැඟිය හැක්කේ සමගි ජන බලවේගයට බවත් සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පැවැසීය.