Sunday, April 20, 2025
Home » ජාතික ජන බල­වේ­ගය ජනතා අප්‍ර­සා­ද­යට ලක් වෙලා

ජාතික ජන බල­වේ­ගය ජනතා අප්‍ර­සා­ද­යට ලක් වෙලා

නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණේ කොළඹ දිස්ත්‍රික් අපේ­ක්ෂක සුගී­ෂ්වර බණ්ඩාර

by Gayan Abeykoon
October 29, 2024 1:05 am 0 comment

නෙරං­ජලා වික්ර­ම­සිංහ

ජාතික ජන බල­වේග ආණ්ඩුව දින 35ක් තුළ ජනතා අප්‍ර­සා­ද­යට ලක්වී ඇතැයි නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණේ කොළඹ දිස්ත්‍රික් අපේ­ක්ෂක සුගී­ෂ්වර බණ්ඩාර මහතා පැවැ­සීය.

ඒ මහතා මේ බව පැවැ­සුවේ මහ­ර­ගම පිහිටි නව ජනතා පෙර­මුණ ප්‍රධාන කාර්යා­ල­යේදී ඊයේ (28) පැවැති මාධ්‍ය සාක­ච්ඡා­ව­කට එක් වෙමිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙසේද කීවේය.

Òජාතික ජන බල­වේග ආණ්ඩුව දින 35ක් තුළ ජනතා අප්‍ර­සා­ද­යට ලක් වී ඇති අයුරු ඇල්පි­ටිය ප්‍රාදේ­ශීය සභා මැති­ව­ර­ණ­යෙන් මනාව පිළි­බිබු වෙනවා. රටෙහි වත්මන් ජනා­ධි­පති අනුර කුමාර මැති­තුමා ප්‍රකාශ කළ පරිදි රාජ්‍ය සේවක වැටුප් වැඩි­කි­රීම හා අත්‍ය­වශ්‍ය පාරි­භෝ­ගික භාණ්ඩ වන හාල්, අල, ලූණු, හාල්මැස්සෝ යනාදි භාණ්ඩ­වල මිල අඩු කිරී­මට ද එතු­මාට නොහැකි වී තිබෙ­නවා.

ඇල්පි­ටිය ප්‍රාදේ­ශීය සභා මැති­ව­රණ ප්‍රති­ඵ­ල­යෙන් ඒ පිළි­බ­ඳව පෙන්නුම් කළ ඇල්පි­ටිය ජන­තා­වට ස්තූති­වන්ත වෙනවා.

2019 ඇල්පි­ටිය ප්‍රාදේ­ශිය සභා මැති­ව­ර­ණ­යේදී ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ඇල්පි­ටිය ආස­න­යෙන් 66.7%ක් ලබා­ගත්තා.

2024 අනුර කුමාර මහතා ප්‍රමුඛ ජාතික ජන බල­වේ­ග­යට 49.37%ක් ප්‍රති­ශ­ත­යක් පම­ණයි ලබා­ගත හැකි වූයේ. අනුර කුමාර ජනා­ධි­ප­ති­තු­මාට ඇල්පි­ටි­යෙන්ද බහු­ත­ර­යක් නොමැති අතර ප්‍රති­ඵ­ලය 2.8% ප්‍රමා­ණ­ය­කින් අඩු වී තිබෙ­නවා.

ඊයේ පොලො­න්න­රුව දිස්ත්‍රි­ක්කයේ ප්‍රධාන හාල් මෝල් පරී­ක්ෂාව පිළි­බ­ඳව ප්‍රසා­දය පළ කර­නවා වගේම ඒ සඳහා පොලො­න්න­රු­වේම පාරි­භෝ­ගික අධි­කා­රි­යෙහි නිල­ධා­රින් යැවී­මෙන් අක්‍ර­මි­කතා සිදු­විය හැකියි. එයට විස­ඳුම ලෙස ඩඩ්ලි සිරි­සේන හා සිරි­පාල ගම්ලත් මහ­ත්ව­රුන්ගේ වී මෝල්වල සත්‍ය වශ­යෙන්ම පව­තින වී සහ හාල් තොග පිළි­බ­ඳව වට්ස්ඇප් (Whatsapp ) පණි­වි­ඩ­යක් ගෙන්වා ගන්නේ නම් යාව­ත්කා­ලීන නිවැ­රදි තොර­තුරු ලබා ගැනී­මට හැකි­යාව ලැබෙ­නවා.Ó

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT