Òපසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව මන්ත්‍රී ධුර 05න් 03ක් අපේ පක්ෂයට ලැබෙනවා. එම සංඛ්‍යාව 04 දක්වා වැඩි කරගැනීමට නම් තවත් ඡන්ද 50,000ක් අවශ්‍යයි. ඒ සඳහා එක් ඡන්දපොළකින් ඡන්ද 200ක් වැඩිපුර ගත්තොත් අපේ ඉලක්කය සපුරා ගත හැකියි.Óයනුවෙන් ජාතික ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් අපේක්ෂිකා දීප්ති වාසලගේ මහත්මිය පැවසුවාය.
ඇය මේ බව පැවසුවේ පසුගිය 23 වැනිදා මැදබැද්ද කොට්ඨාස සභාවේ රැස්වීමකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය මෙසේ ද පැවසුවාය.
Òමම දේශපාලනයට එන්න හිතකවත් තිබුණේ නෑ. ගුරු වෘත්තියට පිවිසි පසු දරුවන්ට සිදු වන අසාධාරණකම් දූටු විට ඒ වෙනුවෙන් පෙනී සිටීමට මට හිතුණා. ඒ වෙනුවෙන් හඬක් නැඟීමට හිතා ගත්තා. ඔවුන්ට සිදු වන අපහසුකම් සහ අසාධාරණකම් මගේ දෑස්වලින් දුටුවා. පාසල් ඇතුළේ සිටින දරුවන්ගේ තත්ත්වය නොවේ එළියේ තිබෙන්නේ. අද වන විට අපේ රටේ දරුවන් 332,000ක් පාසල් යෑම නවතා තිබෙනවා. විශ්වවිද්‍යාලවල සිටින දරුවන් වේල් තුනෙන් දෙකයි කන්නේ. අපි හදලා දුන් රට ද මේ කියලා හදවත් නිතර මොරගා කියනවා. ශිෂ්‍යත්ව විභාගය දරුවන්ගේ ළමා කාලය උදුරාගෙන තිබෙනවා. පාසල්වල තිබෙන අසමතුලිතතාව නිසා මවුපියන් ශිෂ්‍යත්වයට පොර බදනවා. පාසල්වල පහසුකම් එකම මට්ටමක නොතිබීම ඊට හේතුවයි. ජපානයේ අධ්‍යාපන ප්‍රතිපත්ති හදාරා ඒ අනුව අපේ ප්‍රතිපත්ති සකස් කළ යුතුයි.
අද තරුණ තරුණියන්ගේ ජීවිත අසාර්ථක වෙලා. ඔවුන් විවාහය ප්‍රතික්ෂේප කරනවා. විවාහ වූ අය දරුවන් හදන්නේ නෑ කියා කියනවා. රටේ ආර්ථිකය පිරිහීම ඊට හේතුව බව ඔවුන් පවසනවා. තරුණ තරුණියන්ගේ සිහින මරා දැමූ රටක් හිටපු පාලකයන් අපට උරුම කර දී තිබනවා. ඒ වැරැද්දට අඩු වැඩි වශයෙන් අපත් දායක වී තිබෙනවා. පාලකයන් ඔවුන්ගේ පෙළැන්තිය හදා ගත්තා මිස රට හැදුවේ නෑ. අපේ රටේ ගොඩබිම මෙන් අට ගුණයක් සාගරය විශාලයි. සාගරය කළමනාකරණය කර ගත්තොත් මේ රට සංවර්ධනය කිරීමට අපහසු නෑ. අවුරුද්දේ දින 365ම අපේ රටට සූර්යාලෝකය ලැබෙනවා.පොළොවට බීජයක් දැම්මොත් පැළ වෙනවා. නමුත් මේ රටේ හිටපු පාලකයන් එම සම්පත්වලින් ප්‍රයෝජනයක් ගත්තේ නෑ.
මාලිමාවට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන් සාමාන්‍ය පවුල්වල අය.