Sunday, April 20, 2025
Home » වසර 76ක් පුරා ආණ්ඩු ගණ­නා­වක් පත් කළත් රටේ ප්‍රශ්න එතැ­න­මයි

වසර 76ක් පුරා ආණ්ඩු ගණ­නා­වක් පත් කළත් රටේ ප්‍රශ්න එතැ­න­මයි

දෙවැනි පර­පුර පක්ෂයේ නායක උවිඳු විජේ­වීර

by Gayan Abeykoon
October 29, 2024 1:06 am 0 comment

සුනිල් එස්. පැල්ල­න්දෙ­ණිය - කුරු­ණෑ­ගල

“වසර 76ක් පුරා අපි ආණ්ඩු ගණ­නා­වක් පත් කළත් රටේ ප්‍රශ්න එතැ­න­මයි. අපි කරන්නේ ආණ්ඩු ගේනවා ආණ්ඩු එළ­ව­නවා විත­රයි.” යනු­වෙන් දෙවැනි පර­පුර පක්ෂයේ නායක උවිඳු විජේ­වීර මහතා පැවැ­සීය.

ඒ මහතා මේ බව පැවැ­සුවේ මෙවර මහ­මැ­ති­ව­ර­ණ­යට කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්ක­යෙන් තරග කරන තම කණ්ඩා­යමේ ජය තහ­වුරු කිරීම වෙනු­වෙන් කුරු­ණෑ­ගල, ඉඳු­ල්ගො­ඩ­කන්ද ප්‍රදේ­ශයේ පසු­ගි­යදා (26) පැවැති ජන හමු­ව­ක­දීය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“නිල් පක්ෂ­යෙන් නාය­ක­යෙක් ආ විට, කොළ පක්‍ෂ­යයි රතු පක්ෂයි එකතු වෙලා එයාගේ කකු­ලෙන් අදි­නවා. කොළ පක්‍ෂ­යෙන් නාය­ක­යෙක් ආ විට රතු පක්‍ෂ­යයි නිල් පක්ෂ­යයි එකතු වෙලා එයාගේ කකු­ලෙන් අදි­නවා. දැන් රතු පක්ෂයේ නාය­ක­යෙක් ඇවිත් ඉන්නවා. ඔන්න දැන් නිල් පක්ෂ­යයි කොළ පක්ෂ­යයි එකතු වෙලා එයාගේ කකු­ලෙන් අදි­නවා. මේක කර්මය වගේ අපි පස්සෙන් එනවා. අපි බෞද්ධ­යන් විදි­යට කර්ම විශ්වාස කරන අයනේ. අර කරත්ත රෝදේ වගේ කැරකි කැරකි පසු පස්සෙන් එනවා වගේ මේ දේ නොක­ඩ­වාම සිදු වෙනවා.

අපි විශ්වාස කර­නවා, මේ රටට අලුත් දේශ­පා­ලන ව්‍යාපා­ර­යක්, අලුත් දේශ­පා­ලන ගම­නක් අව­ශ්‍යයි කියලා. ඒ අලුත් ගමන වෙනු­වෙන් තමයි අපි දෙවන පර­පුර කියලා පක්ෂ­යක් හදලා තියෙන්නේ. මේ රටේ තියෙන බහු­ත­ර­යක් ප්‍රශ්න­ව­ලට හේතුව තමයි අපි මේ පක්ෂ­ව­ලට බෙදිලා ඉන්න එක. පක්ෂ­ව­ලට බෙදිලා අපි ගහ මරා ගන්න එක. අපට බැරි වෙලා තියෙ­නවා තාමත් අපි ලාංකීය මිනිස්සු කියලා හිතන්න. දැන් අපි මේ වෙන කොට ආණ්ඩු කීයක් නම් පත්කර ගෙන තියෙ­න­වාද? ඒත් රටේ ප්‍රශ්න එතැ­න­මයි. අපි කරන්නේ ආණ්ඩු ගේනවා ආණ්ඩු එළ­ව­නවා විත­රයි.

තෙල් පෝලිම් එන­කොට ඒකට සතුටු වූ පාක්ෂි­ක­යන් හිටියා. ඉතින් මේ දේශ­පා­ල­නය වෙනස් කරන්න ඕනේ. අපි කවද්ද ලාංකි­ක­යන් හැටි­යට හිතන්නේ. මේ ගම්වල ඉන්න අම්මලා තාත්තලා අපට දැනෙන්නේ අපේ අම්මලා තාත්තලා වගේ. අපට යූඑන්පී අම්මල වෙන­මයි ශ්‍රී ලංකා අම්මලා වෙන­මයි ජේවීපී අම්මලා වෙන­මයි කියල නෑ. අපි ඔක්කොම මේ රටේ මිනිස්සු. අපේ රටේ පුර­වැ­සියෝ. අන්න එහෙම හිතන්න පුළු­වන් දේශ­පා­ලන ව්‍යාපා­ර­යක් තමයි අපි මේ දෙවන පර­පුර කියලා නිර්මා­ණය කර තියෙන්නේ.

අපි අපේ පක්ෂ­යට අපේ­ක්ෂ­ක­යන් තෝරන කොට ඔහුට කොච්ච­රක් විය­දම් කරන්න පුළු­වන්ද කියලා බැලුවේ නෑ. අපි හෙව්වේ කාරණා කිහි­ප­යයි. ඒ තමයි ඔහු මාන­ව­වා­දය තියෙන කෙනෙක්ද? ඔහු පරි­ස­ර­යට ආදරේ කර­න­වාද? ඔහු දක්ෂ­යෙක්ද? ඔහු තවත් දක්ෂ­යන්ට ඉඩ දෙන­වාද? ඔහු මේ මව්බිමේ උරු­ම­යට ආද­රය කර­න­වාද? මෙන්න මේ දෘෂ්ටි­වාදී සංක­ල්ප­යට පද­නම්ව තමයි අපි හොඳ මනු­ස්ස­යන්ව තේරුවේ. අපි ධන­ය­ට­වත්, බල­ය­ට­වත්, අපට ඥාතී­ත්ව­යක් තියෙ­න­වාද කිය­ල­වත් බලලා නෙමෙයි ඔබේ ගමෙන් අපි අපේ­ක්ෂ­ක­යන් තෝරා ගත්තේ.

එක්ද­හස් නව­සිය හැත්තෑ හතේ විවෘත ආර්ථි­කය ආවට පස්සේ අපේ රටේ හැදු­ණෙම මහා කෑදර මනු­ස්ස­යෙක්. මේ ගහ කොළ සතා සීපාව පවා මුදල් හැටි­යට පේන කෑදර මනු­ස්ස­යෙක්. ඒ මිනිසා තමන්ගේ අම්ම තාත්තගේ වටි­නා­ක­මක් දන්නේ නෑ. එහෙම සමා­ජ­යක් අද හැදිලා තියෙන්නෙ. අන්න ඒ නිසා මේ මහා පරි­ස­ර­යට ආද­රය කරන මනු­ස්සයා අද පාර්ලි­මේ­න්තුවේ ඉන්න ඕනේ. කුස­ල­තා­වට, දක්ෂ­තා­වට ඉඩ දෙන මනු­ස්ස­ක­මට ඉඩ දෙන මනු­ස්ස­යෙක් අද පාර්ලි­මේ­න්තුවේ ඉන්න ඕනෙ. දක්ෂයා හදලා දක්ෂ­යාට ඉඩ දීලා ගම­නක් ගියොත් මේ රටට ලස්සන ගම­නක් යන්න පුළු­වන්. මේක බදා­ගෙන ඉන්න ආපු මිනිස්සු ටිකක් නෙවෙයි අපි. අන්න ඔබට පුළු­වන් එහෙම දැක්මක් තියෙන මත­වා­ද­යක් තියෙන මිනිස්සු ටිකක් පාර්ලි­මේ­න්තු­වට යවන්න. අපි කතා කරන්නේ වෙනස් චින්ත­න­යක් ගැන. අපි කතා කරන්නේ වෙනස් දැක්මක් ගැන. මේක ඔබට තේරෙ­නවා. ඔබේ හද­ව­තට තේරෙ­නවා. මේ මහ පොළො­වත් එක්ක ගැට­ගැ­හිච්ච දේශ­පා­ලන ව්‍යාපා­ර­යක් දැන් මේ රටට අව­ශ්‍යයි.

අපි ඔබට ආරා­ධනා කර­නවා, නැවත වරක් මේ පාට, පක්ෂ, ජාති, ආගම් භේද අත­හැර ලාංකීය මිනිස්සු හැටි­යට හිතන්න පුළු­වන් ලාංකීය දේශ­පා­ලන මත­වා­ද­යක් එක්ක එකතු වෙන්න කියලා.”

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT