ජනාධිපතිවරණයට පෙර පොරොන්දු වූ කිසිවක් වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතා මෙතෙක් දීමට අපොහොසත්වී ඇති බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම්, එක්සත් ජාතික සන්ධානයේ නුවරඑළිය දිස්ත්‍රික් කණ්ඩායම් නායක, අපේක්ෂක ජීවන් තොණ්ඩමන් මහතා පැවැසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ පසුගියදා (26) කොටගල ලංකා කම්කරු කොංග්රස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
Òසහල්, බිත්තර සහ පොල් මිල ඉහළ යෑම හමුවේ රටේ ජනතාවගේ ජීවන වියදම තවත් ඉහළ ගොස් තිබෙනවා. මෙය පාලනය කිරීමට ජනපති අපොහොසත්වී තිබෙනවා. ජීවන වියදම ඉහළ යෑම වතුකරයේ ජනතාවට දැඩි ලෙස බලපෑමක් එල්ල කරනවා.
වතුකරයේ ජනතාව පිළිබඳව කිසිදු ප්‍රකාශයක් වත්මන් ජනාධිපතිවරයා සිදු නොකිරීම හමුවේ මෙවර මහමැතිවරණයේදී වතුකරයේ ජනතාව නියෝජනය කිරීමට පාර්ලිමේන්තුවේ දමිළ මන්ත්‍රීවරුන් සිටිය යුතුයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේදී ඉන්ධන මිල පාලනය කිරීමට මිල සූත්‍රයක් හඳුන්වා දුන්නා. වත්මන් රජය මිල සූත්‍රය අනුව කටයුතු නොකරන නිසා රටේ ඉන්ධන අර්බුදයක් ඇති විය හැකියි. මම ජල සම්පාදන ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ ජල ගාස්තු 10%කින් අඩු කළත් වත්මන් රජයේ එවැනි වැඩපිළිවෙළක් නෑ.Ó