Sunday, April 20, 2025
Home » ජන­ප­ති­ව­ර­ණ­යට ජන­පති දුන් පොරොන්දු කඩ­වෙලා

ජන­ප­ති­ව­ර­ණ­යට ජන­පති දුන් පොරොන්දු කඩ­වෙලා

එක්සත් ජාතික සන්ධා­නයේ නුව­ර­එ­ළිය දිස්ත්‍රික් අපේ­ක්ෂක ජීවන් තොණ්ඩ­මන්

by Gayan Abeykoon
October 29, 2024 1:06 am 0 comment

හැටන් - රංජිත් රාජ­පක්ෂ

ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට පෙර පොරොන්දු වූ කිසි­වක් වත්මන් ජන­පති අනුර කුමාර දිසා­නා­යක මහතා මෙතෙක් දීමට අපො­හො­සත්වී ඇති බව ලංකා කම්කරු කොංග්‍ර­සයේ මහ­ලේ­කම්, එක්සත් ජාතික සන්ධා­නයේ නුව­ර­එ­ළිය දිස්ත්‍රික් කණ්ඩා­යම් නායක, අපේ­ක්ෂක ජීවන් තොණ්ඩ­මන් මහතා පැවැ­සීය.

ඒ මහතා මේ බව කියා සිටියේ පසු­ගි­යදා (26) කොට­ගල ලංකා කම්කරු කොංග්‍රස් මූල­ස්ථා­නයේ පැවැති මාධ්‍ය හමු­ව­ක­දීය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

Òසහල්, බිත්තර සහ පොල් මිල ඉහළ යෑම හමුවේ රටේ ජන­තා­වගේ ජීවන විය­දම තවත් ඉහළ ගොස් තිබෙ­නවා. මෙය පාල­නය කිරී­මට ජන­පති අපො­හො­සත්වී තිබෙ­නවා. ජීවන විය­දම ඉහළ යෑම වතු­ක­රයේ ජන­තා­වට දැඩි ලෙස බල­පෑ­මක් එල්ල කර­නවා.

වතු­ක­රයේ ජන­තාව පිළි­බ­ඳව කිසිදු ප්‍රකා­ශ­යක් වත්මන් ජනා­ධි­ප­ති­ව­රයා සිදු නොකි­රීම හමුවේ මෙවර මහ­මැ­ති­ව­ර­ණ­යේදී වතු­ක­රයේ ජන­තාව නියෝ­ජ­නය කිරී­මට පාර්ලි­මේ­න්තුවේ දමිළ මන්ත්‍රී­ව­රුන් සිටිය යුතුයි.

හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ පාලන සම­යේදී ඉන්ධන මිල පාල­නය කිරී­මට මිල සූත්‍ර­යක් හඳුන්වා දුන්නා. වත්මන් රජය මිල සූත්‍රය අනුව කට­යුතු නොක­රන නිසා රටේ ඉන්ධන අර්බු­ද­යක් ඇති විය හැකියි. මම ජල සම්පා­දන ඇමැ­ති­ව­රයා වශ­යෙන් කට­යුතු කළ සමයේ ජල ගාස්තු 10%කින් අඩු කළත් වත්මන් රජයේ එවැනි වැඩ­පි­ළි­වෙ­ළක් නෑ.Ó

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT