සමාජයට යහපත් සේවයක් කිරීමේ අරමුණෙන් සමාජ මාධ්‍ය භාවිත කිරීම කාලීන අවශ්‍යතාවක් බවත්, අවාසනාවකට මාධ්‍ය ක්ෂේත්රය පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති පිරිස් මේ වන විට සමාජ මාධ්‍ය සිය යටතට ගෙන කටයුතු කිරීමෙන් සිදුවන්නේ මහත් හානියක් බවත් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම් නායක රෝහණ දිසානායක මහතා පැවැසීය.
ඒ මහතා මේ බව පැවැසුවේ රත්තොටදී පැවැති ජන හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“මෙය සමස්ත මාධ්‍ය කෙළෙසීමක්. මේ සමාජ මාධ්‍ය තුළින් පාර්ලිමේන්තුවේ සිටි සෑම මන්ත්‍රීවරයකුටම චෝදනා එල්ල කරමින්, අවලාද කිරීම යුක්තිගරුක බුද්ධිමත් ජනතාව කිසිසේත්ම අනුමත කරන්නේ නෑ.
ජනතා මෙහෙවර සිදු කිරීමට වයස භේදයක් නැත. නමුත් මේ උත්තුංග කාර්ය සම්බන්ධයෙන් කටයුතු කිරීමට පෙර එම පුද්ගලයන් පොළොවේ පය ගසා ජනතා අභිලාසයන් තේරුම් ගැනීම අතිශයින් වැදගත්. එසේ නොමැති පුද්ගලයන්ට සේවය කිරීමේදී විවිධ හැලහැප්පීම්වලට මුහුණදීමට සිදු වෙනවා. එනිසා මෙවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් බුද්ධිමත් ජනතාව මැනවින් තේරුම් ගත යුතුයි. රටට, ජනතාවට දැනෙන යමක් කිරීම අතිශයින් වැදගත්. එවිටයි විශ්වාසය ගොඩනැඟෙන්නේ.
මෙතෙක් අපේ වැඩි පිරිසක් වැඩ කර ඇත්තේ දෙන්නම් කාසිවලට. එහි ප්‍රතිඵලය අද අපි හොඳින් භුක්ති විඳිනවා. අපි අවස්ථාවාදීන්ගේ එවැනි තීරණවලට මුලාවීම නිසා අප පමණක් නොව අපේ දරුවන් ද දුක්විඳිනවා. එනිසා තවදුරටත් එවැනි තත්ත්වයකට අපි මුහුණ දිය යුතු නෑ.”