Monday, April 21, 2025
Home » අන­ව­බෝ­ධ­යෙන් සමාජ මාධ්‍ය සිය යට­තට ගැනී­මෙන් වන්නේ මහත් හානි­යක්

අන­ව­බෝ­ධ­යෙන් සමාජ මාධ්‍ය සිය යට­තට ගැනී­මෙන් වන්නේ මහත් හානි­යක්

නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණේ මාතලේ දිස්ත්‍රික් අපේ­ක්ෂක රෝහණ දිසා­නා­යක

by Gayan Abeykoon
October 29, 2024 1:07 am 0 comment

මාතලේ දිස්ත්රික් සමුහ ඒ. ඒ. එල්. ඩයස්

සමා­ජ­යට යහ­පත් සේව­යක් කිරීමේ අර­මු­ණෙන් සමාජ මාධ්‍ය භාවිත කිරීම කාලීන අව­ශ්‍ය­තා­වක් බවත්, අවා­ස­නා­ව­කට මාධ්‍ය ක්ෂේත්‍රය පිළි­බඳ කිසිදු අව­බෝ­ධ­යක් නොමැති පිරිස් මේ වන විට සමාජ මාධ්‍ය සිය යට­තට ගෙන කට­යුතු කිරී­මෙන් සිදු­වන්නේ මහත් හානි­යක් බවත් නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණේ මාතලේ දිස්ත්‍රික් කණ්ඩා­යම් නායක රෝහණ දිසා­නා­යක මහතා පැවැ­සීය.

ඒ මහතා මේ බව පැවැ­සුවේ රත්තො­ටදී පැවැති ජන හමු­ව­ක­දීය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“මෙය සමස්ත මාධ්‍ය කෙළෙ­සී­මක්. මේ සමාජ මාධ්‍ය තුළින් පාර්ලි­මේ­න්තුවේ සිටි සෑම මන්ත්‍රී­ව­ර­ය­කු­ටම චෝදනා එල්ල කර­මින්, අව­ලාද කිරීම යුක්ති­ග­රුක බුද්ධි­මත් ජන­තාව කිසි­සේත්ම අනු­මත කරන්නේ නෑ.

ජනතා මෙහෙ­වර සිදු කිරී­මට වයස භේද­යක් නැත. නමුත් මේ උත්තුංග කාර්ය සම්බ­න්ධ­යෙන් කට­යුතු කිරී­මට පෙර එම පුද්ග­ල­යන් පොළොවේ පය ගසා ජනතා අභි­ලා­ස­යන් තේරුම් ගැනීම අති­ශ­යින් වැද­ගත්. එසේ නොමැති පුද්ග­ල­යන්ට සේවය කිරී­මේදී විවිධ හැල­හැ­ප්පී­ම්ව­ලට මුහු­ණ­දී­මට සිදු වෙනවා. එනිසා මෙවැනි පුද්ග­ල­යන් සම්බ­න්ධ­යෙන් බුද්ධි­මත් ජන­තාව මැන­වින් තේරුම් ගත යුතුයි. රටට, ජන­තා­වට දැනෙන යමක් කිරීම අති­ශ­යින් වැද­ගත්. එවි­ටයි විශ්වා­සය ගොඩ­නැ­ඟෙන්නේ.

මෙතෙක් අපේ වැඩි පිරි­සක් වැඩ කර ඇත්තේ දෙන්නම් කාසි­ව­ලට. එහි ප්‍රති­ඵ­ලය අද අපි හොඳින් භුක්ති විඳි­නවා. අපි අව­ස්ථා­වා­දීන්ගේ එවැනි තීර­ණ­ව­ලට මුලා­වීම නිසා අප පම­ණක් නොව අපේ දරු­වන් ද දුක්වි­ඳි­නවා. එනිසා තව­දු­ර­ටත් එවැනි තත්ත්ව­ය­කට අපි මුහුණ දිය යුතු නෑ.”

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT