Home » ජන­තාව පත් කළ නියෝ­ජි­ත­යන්ට හිතූ හිතූ ලෙස පක්ෂ මාරු කරන්න බැහැ

ජන­තාව පත් කළ නියෝ­ජි­ත­යන්ට හිතූ හිතූ ලෙස පක්ෂ මාරු කරන්න බැහැ

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ මාතලේ දිස්ත්‍රික් අපේ­ක්ෂක නිශාන්ත ඩයස්

by Gayan Abeykoon
October 29, 2024 1:07 am 0 comment

උකු­වෙල සංචා­රක - ප්රියන්ත සුම­න­සේන

“මැති­ව­ර­ණ­යක් ප්‍රකා­ශ­යට පත් කළ ගමන්ම ජන­තාව හිත­නවා, අපි කාටද ඡන්දය දෙන්නේ, අපි කොයි පැත්තෙද හිට­ගන්නේ කියලා. එහෙම හිතලා දෙන ඡන්ද ගන්න මහ­ජන නියෝ­ජි­ත­යන්ට හිතුණ හිතුණ විදි­හට පැති මාරු කරන්න බෑ.” යනු­වෙන් ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ මාතලේ දිස්ත්‍රික් අපේ­ක්ෂක නිශාන්ත ඩයස් මහතා පැවැ­සීය.

ඒ මහතා මේ බව පැවැ­සුවේ මාතලේ පැවැති ජන හමු­වක් අම­ත­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“මෙරට දේශ­පා­ල­නය තුළ ජන­තා­වට තමන්ගේ පක්ෂය මාරු කරන්න පුළු­වන්. ඒක සැබෑ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය. නමුත් ජන­තා­වගේ ඡන්ද­යෙන් පත්වන පක්ෂ නියෝ­ජි­ත­යන්ට හිතුණ හිතුණ විදි­හට පක්ෂ මාරු කරන්න බෑ. මහ­ජන නියෝ­ජි­ත­යන්ගේ මෙවැනි ක්‍රියා නිසා ව්‍යාකූල වට­පි­ටා­වක් නිර්මා­ණය වී තිබෙ­නවා. මහ­මැ­ති­ව­ර­ණය ඉතා­මත් විනි­වි­ද­භා­ව­යෙන් පැවැ­ත්වී­මත්, එහිදී තරුණ ප්‍රජා­වට ප්‍රමු­ඛ­ස්ථා­නය දීමත් ඉතා වැද­ගත්.

ඒව­ගේම සෑම ක්ෂේත්‍ර­ය­කින්ම පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය විය යුතුයි. පාර්ලි­මේන්තු යන දෙසිය විසි පහෙන් ජනතා අභි­ලාෂ ඉෂ්ට විය යුතුයි. ඒ සඳහා සැබෑ ජන පිළි­බි­ඹු­වක් පාර්ලි­මේ­න්තුව තුළ නියෝ­ජ­නය කිරී­මට ජන­තාව වග­බලා ගත යුතුයි.

රට සංව­ර්ධ­නය කිරී­මේදී ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ සැබෑ ලෙසම ජන­තා­වගේ අව­ශ්‍යතා වෙනු­වෙන් පෙනී සිටියා. අහිං­සක මිනිස්සු ජීවි­ත­ව­ලින් වන්දි ගෙවන එම ජීවිත ආරක්ෂා කර දුන්නේ මහින්ද රාජ­පක්ෂ මහතා. ඒ නිසා මොන දේ වුණත් පොදු­ජන පෙර­මුණ ජන­තා­වගේ මතය පිළි­බිඹු කළ පක්ෂ­යක්. ජන­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ගත් උත්සා­හය තුළ දේශ­පා­ල­නික වශ­යෙන් මේ සමා­ජ­යට පණි­වි­ඩ­යක් දෙන්න පුළු­ව­න්කම ලැබු­ණොත් ඒ ගමන සාර්ථක බව අපි හිත­නවා.”

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT