Sunday, April 20, 2025
Home » සැබෑ විප­ක්ෂ­යක කාර්ය­භා­රය ඉටු කිරී­මට සැදී පැහැදී සිටි­නවා

සැබෑ විප­ක්ෂ­යක කාර්ය­භා­රය ඉටු කිරී­මට සැදී පැහැදී සිටි­නවා

සර්ව­ජන බලය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේ­ක්ෂක විරාජ් මීරි­ය­ගල්ල

by Gayan Abeykoon
October 29, 2024 1:07 am 0 comment

ආරි­ය­රත්න ගනේ­ගොඩ මැද කොළඹ සමූහ

සර්ව­ජන බලය දේශ­පා­ලන සන්ධා­නය මේ රටේ සැබෑ විප­ක්ෂයේ කාර්ය­භා­රය ඉටු කිරී­මට සැ‍දී පැහැදී සිටින බවත් ආණ්ඩුවේ හොඳ වැඩ­ව­ලට සහාය දෙන බව එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේ­ක්ෂක විරාජ් මීරි­ය­ගල්ල මහතා පැවැ­සීය.

ඒ මහතා මේ බව පැවැ­සුවේ පසු­ගි­යදා මහ­ර­ගම පැවැති රැස්වීම් මාලා­ව­ක­දීය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැ­සීය.

“මේ වන විට රටේ ආර්ථි­කය ස්ථාවර තත්ත්ව­යක නෑ. සාමාන්‍ය ජන ජීවි­තය ඉතාම ශෝච­නීය තත්ත්ව­යක තියෙන්නෙ. මේ සිදු­වී­ම්ව­ලට මෙතෙක් පැවැති දේශ­පා­ලන ක්‍රමය වග­කි­යන්න ඕනෙ. ජන­තා­වට අවශ්‍ය දූෂිත, වංච­නික දේශ­පා­ලන ක්‍රම­වේ­ද­යට තිත තියන්න. රටේ සමෘ­ද්ධිය ගැන හිතන, ගරා­වැ­ටුණු දේශය යළි ගොඩ නැඟී­මට හැකි, උගත් බුද්ධි­මත් තරුණ පිරි­ස­කගේ අව­ශ්‍ය­තාව ජන­තා­වට දැනිලා තියෙ­නවා. අන්න ඒ නිසයි මමත් මේ සද්කා­ර්ය­යට උර­දෙන්න හිතුවේ. අපට ඉන්නවා, හොඳ, ශක්ති­මත්, බුද්ධි­මත් නාය­ක­යෙක්. ඒ තමයි දිලිත් ජය­වීර මහතා. ඒ මහතා හොඳ ව්‍යව­සා­ය­ක­යෙක්. මේ රට පව­තින බංකො­ලො­ත්භා­ව­යෙන් නිවැ­රදි ලෙස ගොඩ ගත හැක්කේ ව්‍යව­සා­යක රාජ්‍ය­ය­කින් පම­ණයි.

ආණ්ඩුව පත්කර ඇත්තේ ජන­තාව. ඒ අනුව ජාතික ජන බල­වේ­ග­යට ආණ්ඩු­වක් කර­ගෙන යන්න සහ­යෝ­ගය දිය යුතුයි. කකු­ලෙන් අදින්න හොඳ නෑ. ඒ අය ආණ්ඩුව හරි­යට කර­යිද නැද්ද කියලා රටේ ජන­තාව ඉදිරි මැති­ව­ර­ණ­ව­ලදී තීන්දු කරයි. සර්ව­ජන බලය ඉන්නේ ජන­තා­වට නිවැ­රදි මාර්ගය පෙන්වා දීමට. ඒ කාර්ය­භා­රය අපි එඩි­ත­රව ඉදි­රි­යට කර­නවා.”

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT