Monday, April 21, 2025
Home » රාජ්‍ය අංශයේ ආරවුල් වැළැක්වීමට යාන්ත්‍රණයක්

රාජ්‍ය අංශයේ ආරවුල් වැළැක්වීමට යාන්ත්‍රණයක්

by chanaka
October 29, 2024 2:20 pm 0 comment

රාජ්‍ය අංශයේ ආරවුල් වැලැක්වීම සහ ආරවුල් නිරාකරණය සඳහා යාන්ත්‍රණයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

රාජ්‍ය අංශයේ ආරවුල් වැළැක්වීම සහ ආරවුල් නිරාකරණය සඳහා යාන්ත්‍රණයක් හඳුන්වා දීම සඳහා 2023-11-20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, ආරවුල් නිරාකරණය කිරීම සඳහා වන යාන්ත්‍රණය සමස්ත රාජ්‍ය සේවය තුළ ක්‍රියාත්මක කිරීම පිණිස රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 05/2024 නිකුත් කර තිබෙන බව අද (29) පැවැති කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් අමාත්‍ය විජිත හේරත් පැවසීය.

ඉහත සඳහන් අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ තාක්ෂණික සහ විශේෂඥ සහාය ලබා ගැනීමට අනුමැතිය ලබා දී ඇති අතර, එකී යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්ගේ සාමය ගොඩනැගීමේ අරමුදලින් ව්‍යාපෘති ආධාර ඉල්ලා ඇත.

ඒ අනුව, “ශ්‍රී ලංකාවේ සාමය සහ අර්බුද වැළැක්වීම සඳහා සමාජ සංවාදය” නැමති නව ව්‍යාපෘතිය යටතේ “රාජ්‍ය සේවයේ සමාජ කතිකාවත වැඩසටහන” සහ “පෞද්ගලික හා අවිධිමත් ආර්ථීක අංශ දෙකෙහි සමාජ කතිකාවත ප්‍රවර්ධන වැඩසටහන” යනුවෙන් වැඩසටහන් දෙකක් සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 2 ක් ලබා දී තිබේ.

එකී වැඩසටහන් අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ ලේකම්ගේ සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකගේ සම සභාපතිත්වයෙන් යුතු අන්තර් සමායෝජන කමිටුවක් මඟින් සම්බන්ධීකරණය කරමින් 2024-2026 කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව සඳහන් කරමින් අධිකරණ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරැ අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT