Wednesday, April 23, 2025
Home » අනුරපුර පූජා නගරයට එන බැතිමතුන්ට සමෘද්ධියෙන් නව ව්‍යාපෘතියක්

අනුරපුර පූජා නගරයට එන බැතිමතුන්ට සමෘද්ධියෙන් නව ව්‍යාපෘතියක්

by chanaka
October 29, 2024 10:57 am 0 comment

අනුරාධපුර පූජා නගරය වැද පුදා ගැනීමට පැමිණෙන දහස් සංඛ්‍යාත දේශීය බැතිමතුන් ඉලක්ක කර ගනිමින් අනුරාධපුර දිස්ත්‍රික් සමෘද්ධි දෙපාර්තමේන්තුව හරහා නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සුදුසු බව අනුරාධුපර දිස්ත්‍රිත් ලේකම් කේ.බි.ආර් විමලසූරිය මහතා පැවැසීය.

අනුරාධපුර දිස්ත්‍රිකයේ මධ්‍යම නුවරගම්පළාත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති සමෘද්ධි ප්‍රගති සමාලෝචන වැඩසටහන එක් වෙමින් ඒ මහතා මේ බව කීය.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කේ.බී ආර් විමලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම නුවරගම් පළාතේ ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායක මහතාගේ සහ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂක ඩබ්ලිව් .වසන්ත මහතාගේ සහභාගිත්වයෙන් මධ්‍යම නුවරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආවරණය වන පරිදි සාලියපුර, ඇලයාපත්තුව සහ කටුකෑලියාව යන සමෘද්ධි බැංකු පද්ධතිය මූලික කරගනිමින් මෙම ප්‍රගති සමාලෝචනය වැඩසටහනක් පැවැත්වුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුරාධුපර දිස්ත්‍රිත් ලේකම් කේ.බි.ආර් විමලසූරිය මහතා,

මෙරට මේවන විට බැංකු පිළිබද අත්දැකීම් බහුල හොඳම කණ්ඩායම සිටින්නේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සතු බැංකු පද්ධතියයි. දිළිදු ජනතාව නගාසිටුවීමට විවිධ සහනාධාර ක්‍රම හදුන්වා දී තිබුණද එම ජනතාව නගාසිටුවීමට ඇති එකම සහනාධාර ක්‍රමය සමෘද්ධි සහනාධාර ක්‍රමය පමණක් බව මේවන විට ජනතාව පිළිගෙන තිබෙනවා. අපි හැමදාම සහනාධාර මතම හිතලත් බෑ. අපි දිලුදු ජනයා ඉලක්ක කරගනිමින් විවිධ ව්‍යෘපෘති හදුන්වා දී තිබෙනවා. නමුත් මේ අනුරාධපුර පූජා නගරයට සතිපතා පැමිණෙන දේශීය බැතිමතුන් ඉලක්ක කරගනිමින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ලෙස අපි දිළිදු ජනයා ආර්ථික වශයෙන් නගා සිටූවීමට ව්‍යාපෘතියක් ආරම්භ කරලා නැහැ කියන කාරනාව අපි දන්නවා.

ඒ නිසා මම යෝජනා කරනවා අනුරාධපුර පූජානගරයට සතිපතා පැමිණෙන බැතිමතුන් සහ සති අන්තයේ පැමිණෙන බැතිමතුන් ඉලක්ක කරගනිමින් නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සුදුසු බව. ඒ පිළිබද සාකච්ඡා කරලා තීරණයක් ගැනීම සුදුසුයි. මේ තුළින් අපට පුලුවන් සමෘද්ධි දෙපාර්තමේන්තුවත් සමග අත්වැල් බැදගනිමින් සිටි දිළිදු ජනයාගේ ආර්ථිකය නගා සිටුවීමට බව අනුරාධුපර දිස්ත්‍රිත් ලේකම් කේ.බි.ආර් විමලසූරිය මහතා පැවැසීය.

මෙම අවස්ථාවට සමෘද්ධි කළමණාකරුවන්, සමෘද්ධි සංවර්ධන නිලධාරින් රැසක් සහභාගි වූහ.

 

මැදවච්චය – සජිත් ගයාන් උබේපාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT