Monday, April 21, 2025
Home » මහනුවර ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

මහනුවර ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

by yasara
October 29, 2024 9:56 am 0 comment

water Cut

මහනුවර නගරය ඇතුලු ප්‍රදේශ කිහිපයකට අද (29) දහවල් 12.00 දක්වා ජල කප්පාදුවක් සිදු කරන බව නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ සඳහන් කරයි.

ගුඩ්ෂෙඩ් ව්‍යාපෘතියේ ඉදිකිරීම් අතරතුර ප්‍රධාන ජල නලයක පිපිරීමක් සිදුවී ඇති බැවින් මෙලෙස ජල කප්පාදුවන් සිදුවී තිබෙයි.

ඊට අදාළ නඩත්තු කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව ද වාර්තා වෙයි.

තැන්නේකඹුර, විලියම් ගොපල්ලව මාවත, සිරිමාවෝ බණ්ඩාරණායක මාවත, බහිරවකන්ද, ගුරුදෙණිය සහ අම්පිටිය ඇතුලු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුව සිදු කරන බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT