Home » සල්ලි දීල මිනිස්සු නොගෙනා බව රන්ජන් කියයි

සල්ලි දීල මිනිස්සු නොගෙනා බව රන්ජන් කියයි

by Gayan Abeykoon
October 29, 2024 1:00 am 0 comment

රක්ෂණ ශ්රියන්ත

එක්සත් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී හඩ පක්ෂයේ සුග­ත­දාස ගෘහස්ථ ක්‍රීඩාං­ග­ණයේ පැවැත්වූ ජාතික සම්මේ­ල­න­යට කිසිදු පුද්ග­ල­යකු මුදල් ගෙවා ගෙන්වා නොගත් බව පක්ෂයේ නායක රන්ජන් රාම­නා­යක මහතා අව­ධා­ර­ණය කරයි.

එක්සත් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී හඩ පක්ෂයේ නායක රන්ජන් රාම­නා­යක මහතා මේ සම්බ­න්ධ­යෙන් වැඩි­දු­ර­ටත් අද­හස් දක්ව­මින්…

අප පසු­ගිය දාක අපේ පක්ෂයේ ජාතික සමු­ළුව පැවැ­ත්වූවා සුග­ත­දාස ක්‍රීඩාං­ග­ණ­යේදී. ඒක ඉතා­මත් අනර්ඝ විදි­යට උත්ක­ර්ශ­වත් විදි­යට මහා ජන­තා­වගේ සහ­භා­ගී­ත්ව­යෙන් පැවැ­තුණා. ඉතාම සාර්ථක ලෙස අපේ පක්ෂ සම්මේ­ල­නය සිදු­වුණා කියලා තමයි මාධ්‍ය වාර්තා කළේ. ඒ වගේම අපේ ප්‍රති­පත්ති ප්‍රකා­ශය එළි දැක්වී­මත් සිදු­වුණේ එදාම තමයි. අපි 2.00ට පටන් ගන්න නිය­මිත තිබුණා උත්ස­වය. නමුත් ජන­තා­වගේ පැමි­ණීමේ තද­බ­ද­යක් හේතු­වෙන් දිස්ත්‍රික්ක නම­ය­කින් විශාල ජන­තා­වක් ඒ දිස්ත්‍රික්ක අපේ­ක්ෂ­කයෝ අරන් ඇවිත් තිබුණා. විශාල සංඛ්‍යා­වක් ශාලා­වට එමින් තිබුණු නිසා පැය භාග­යක් පැයක් වගේ පොඩි ප්‍රමා­ද­යක් ඇති­වූවා.

ඊට පස්සේ ඉතාම හොඳට අපේ සිය­ලුම දිස්ත්‍රික්ක නාය­ක­වරු කතා පව­ත්වලා ඉතාම අනර්ඝ විදි­යට වැඩේ කෙරුණා.

ඊට පස්සේ ඒ උත්ස­වයේ සාර්ථ­ක­ත්වය දරා ගන්නට බැරි­වද කොහෙද එක දිගට අපිට අප­හාස කරන්න පටන් ගත්තා අපි මුදල් ගෙවලා සල්ලි දීලා ජන­තාව ගෙන්නුවා කියලා.

මම පැහැ­දි­ලිව කියන්න ඕන මේ ජාතික සමු­ළුව උත්ස­වය අප පක්ෂය විසින් දිනය තීර­ණය කළාට පස්සේ 26 වෙනිදා සුග­ත­දාස ගෘහස්ථ ක්‍රීඩාං­ග­ණයේ පව­ත්ව­නවා කියලා ප්‍රකාශ කළාට පස්සේ අපි සහ මම විශේ­ෂ­යෙන් මගේ නිල පේස් බුක් පිටුවේ මෙම පෝස්ට් එකක් දැම්මා මගේ රසික ජන­තා­වට මට ආද­රය කරන ජන­තා­වට මගේ පක්ෂයේ ප්‍රති­ප­ත්ති­ව­ලට එකග ජන­තා­වට කරුණා කරලා එන්න කියලා මගේ පක්ෂ­යට අවශ්‍ය සහ­යෝ­ගය දෙන්න එන්න කියලා විවෘත ආරා­ධ­නා­වක් කළා. ඉතින් එහෙම නැතිව කාට­වත් මුදල් දීලා ගෙන්වා ගන්න තරම් අහේ­නි­යක් අපිට තිබුණෙ නැහැ. නමුත් ඒක වැරැදි විදි­යට සමාජ ගත වෙලා තිබෙන හින්දා ඒ ගැන කතා කරන්න තමයි ආවේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT