එක්සත් ප්රජාතන්ත්රවාදී හඩ පක්ෂයේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වූ ජාතික සම්මේලනයට කිසිදු පුද්ගලයකු මුදල් ගෙවා ගෙන්වා නොගත් බව පක්ෂයේ නායක රන්ජන් රාමනායක මහතා අවධාරණය කරයි.
එක්සත් ප්රජාතන්ත්රවාදී හඩ පක්ෂයේ නායක රන්ජන් රාමනායක මහතා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින්…
අප පසුගිය දාක අපේ පක්ෂයේ ජාතික සමුළුව පැවැත්වූවා සුගතදාස ක්‍රීඩාංගණයේදී. ඒක ඉතාමත් අනර්ඝ විදියට උත්කර්ශවත් විදියට මහා ජනතාවගේ සහභාගීත්වයෙන් පැවැතුණා. ඉතාම සාර්ථක ලෙස අපේ පක්ෂ සම්මේලනය සිදුවුණා කියලා තමයි මාධ්‍ය වාර්තා කළේ. ඒ වගේම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමත් සිදුවුණේ එදාම තමයි. අපි 2.00ට පටන් ගන්න නියමිත තිබුණා උත්සවය. නමුත් ජනතාවගේ පැමිණීමේ තදබදයක් හේතුවෙන් දිස්ත්‍රික්ක නමයකින් විශාල ජනතාවක් ඒ දිස්ත්‍රික්ක අපේක්ෂකයෝ අරන් ඇවිත් තිබුණා. විශාල සංඛ්‍යාවක් ශාලාවට එමින් තිබුණු නිසා පැය භාගයක් පැයක් වගේ පොඩි ප්‍රමාදයක් ඇතිවූවා.
ඊට පස්සේ ඉතාම හොඳට අපේ සියලුම දිස්ත්‍රික්ක නායකවරු කතා පවත්වලා ඉතාම අනර්ඝ විදියට වැඩේ කෙරුණා.
ඊට පස්සේ ඒ උත්සවයේ සාර්ථකත්වය දරා ගන්නට බැරිවද කොහෙද එක දිගට අපිට අපහාස කරන්න පටන් ගත්තා අපි මුදල් ගෙවලා සල්ලි දීලා ජනතාව ගෙන්නුවා කියලා.
මම පැහැදිලිව කියන්න ඕන මේ ජාතික සමුළුව උත්සවය අප පක්ෂය විසින් දිනය තීරණය කළාට පස්සේ 26 වෙනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පවත්වනවා කියලා ප්‍රකාශ කළාට පස්සේ අපි සහ මම විශේෂයෙන් මගේ නිල පේස් බුක් පිටුවේ මෙම පෝස්ට් එකක් දැම්මා මගේ රසික ජනතාවට මට ආදරය කරන ජනතාවට මගේ පක්ෂයේ ප්‍රතිපත්තිවලට එකග ජනතාවට කරුණා කරලා එන්න කියලා මගේ පක්ෂයට අවශ්‍ය සහයෝගය දෙන්න එන්න කියලා විවෘත ආරාධනාවක් කළා. ඉතින් එහෙම නැතිව කාටවත් මුදල් දීලා ගෙන්වා ගන්න තරම් අහේනියක් අපිට තිබුණෙ නැහැ. නමුත් ඒක වැරැදි විදියට සමාජ ගත වෙලා තිබෙන හින්දා ඒ ගැන කතා කරන්න තමයි ආවේ.