සබරගමුව, ශ්‍රී ජයවර්ධනපුර හා කැලණිය විශ්වවිද්‍යාල මඟින් පවත්වනු ලබන ක්‍රීඩා විද්‍යාව සහ කළමනාකරණ උපාධි පාඨමාලාවටත්, සබරගමුව හා යාපනය විශ්වවිද්‍යාල මඟින් පවත්වන ශාරීරික අධ්‍යාපනය යන උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ක්‍රීඩා ක්ෂේත්‍රයේ සුවිශේෂී දක්ෂතා දක්වා ඇති අපේක්ෂකයන්ගෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අයදුම්පත් කැඳවයි.
ඔලිම්පික් පදක්කමක් ලබා තිබීම හෝ සහභාගිත්වය, පොදුරාජ්‍ය මණ්ඩල, ආසියානු හෝ සාර්ක් ක්‍රීඩා උලෙළකදී අවම වශයෙන් රන්, රිදී හෝ ලෝකඩ පදක්කමක් ලබා තිබීම, පොදුරාජ්‍ය මණ්ඩල, ආසියානු, සාර්ක් හෝ පිළිගත් ලෝක කුසලාන තරගයක දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රිකට්, පාපන්දු, රගර්, වොලිබෝල්, දැල්පන්දු හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් තීරණය කරනු ලබන වෙනත් එවැනි ක්‍රීඩා කණ්ඩායමක සාමාජිකයකුවීම යන සුදුසුකම් මේ සඳහා ඉල්ලුම් කළ හැකි සුදුසුකම් වේ.
මේ විශේෂ ප්‍රවේශය යටතේ විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන අයදුම්කරුවන්, අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මඟින් පවත්වනු ලබන පදනම් අධ්‍යාපන පාඨමාලාවක් සම්පූර්ණ කළ යුතුය. මේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන්ගෙන් ඒ සඳහා වන අයදුම්පත් 2024 නොවැම්බර් මස 26 වැනිදා දක්වා භාර ගන්නා අතර එම අයදුම්පත් තම සහතිකපත්රවල සහතික කරන ලද ඡායා පිටපත් ද සමඟ නියෝජ්‍ය ලේකම්, විශ්වවිද්‍යාල ප්‍රවේශ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, අංක 20, වෝර්ඩ් පෙදෙස, කොළඹ 07 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළයුතුය.