Sunday, April 20, 2025
Home » ක්‍රීඩා විද්‍යාව සහ කළ­ම­නා­ක­රණ උපාධි පාඨ­මා­ලා­ව­ලට අය­දු­ම්පත් කැඳ­වයි

ක්‍රීඩා විද්‍යාව සහ කළ­ම­නා­ක­රණ උපාධි පාඨ­මා­ලා­ව­ලට අය­දු­ම්පත් කැඳ­වයි

by Gayan Abeykoon
October 29, 2024 1:00 am 0 comment

නෙත්මි පූජනී රත්නා­යක

සබ­ර­ග­මුව, ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර හා කැල­ණිය විශ්ව­වි­ද්‍යාල මඟින් පව­ත්වනු ලබන ක්‍රීඩා විද්‍යාව සහ කළ­ම­නා­ක­රණ උපාධි පාඨ­මා­ලා­ව­ටත්, සබ­ර­ග­මුව හා යාප­නය විශ්ව­වි­ද්‍යාල මඟින් පව­ත්වන ශාරී­රික අධ්‍යා­ප­නය යන උපාධි පාඨ­මාලා හැදෑ­රීම සඳහා ක්‍රීඩා ක්ෂේත්‍රයේ සුවි­ශේෂී දක්ෂතා දක්වා ඇති අපේ­ක්ෂ­ක­ය­න්ගෙන් විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­ෂන් සභාව අය­දු­ම්පත් කැඳ­වයි.

ඔලි­ම්පික් පද­ක්ක­මක් ලබා තිබීම හෝ සහ­භා­ගි­ත්වය, පොදු­රාජ්‍ය මණ්ඩල, ආසි­යානු හෝ සාර්ක් ක්‍රීඩා උලෙ­ළ­කදී අවම වශ­යෙන් රන්, රිදී හෝ ලෝකඩ පද­ක්ක­මක් ලබා තිබීම, පොදු­රාජ්‍ය මණ්ඩල, ආසි­යානු, සාර්ක් හෝ පිළි­ගත් ලෝක කුස­ලාන තර­ග­යක දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩා­යම නියෝ­ජ­නය කර­මින් ක්‍රිකට්, පාපන්දු, රගර්, වොලි­බෝල්, දැල්පන්දු හෝ විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­ෂන් සභාව විසින් තීර­ණය කරනු ලබන වෙනත් එවැනි ක්‍රීඩා කණ්ඩා­ය­මක සාමා­ජි­ක­ය­කු­වීම යන සුදු­සු­කම් මේ සඳහා ඉල්ලුම් කළ හැකි සුදු­සු­කම් වේ.

මේ විශේෂ ප්‍රවේ­ශය යටතේ විශ්ව­වි­ද්‍යාල ප්‍රවේ­ශය ලබන අය­දු­ම්ක­රු­වන්, අධ්‍ය­යන කට­යුතු ආරම්භ කිරී­මට ප්‍රථම ශ්‍රී ලංකා විවෘත විශ්ව­වි­ද්‍යා­ලය මඟින් පව­ත්වනු ලබන පද­නම් අධ්‍යා­පන පාඨ­මා­ලා­වක් සම්පූර්ණ කළ යුතුය. මේ විශ්ව­වි­ද්‍යාල ප්‍රවේ­ශය සඳහා සුදු­සු­කම් සපුරා ඇති අය­දු­ම්ක­රු­ව­න්ගෙන් ඒ සඳහා වන අය­දු­ම්පත් 2024 නොවැ­ම්බර් මස 26 වැනිදා දක්වා භාර ගන්නා අතර එම අය­දු­ම්පත් තම සහ­ති­ක­ප­ත්‍ර­වල සහ­තික කරන ලද ඡායා පිට­පත් ද සමඟ නියෝජ්‍ය ලේකම්, විශ්ව­වි­ද්‍යාල ප්‍රවේශ, විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­ෂන් සභාව, අංක 20, වෝර්ඩ් පෙදෙස, කොළඹ 07 යන ලිපි­න­යට ලියා­ප­දිංචි තැපෑ­ලෙන් යොමු කළ­යු­තුය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT