Tuesday, April 22, 2025
Home » ත්‍රිරෝද දෙකක් ගැටී හතක් රෝහලේ

ත්‍රිරෝද දෙකක් ගැටී හතක් රෝහලේ

by Gayan Abeykoon
October 29, 2024 1:00 am 0 comment

පුත්ත­ලම අති­රේක - හිරාන් ප්රියං­කර ජය­සිංහ

පුත්ත­ලම නග­රයේ ත්‍රිරෝද රථ දෙකක් මුහු­ණට මුහුණ ගැටී සිදුවු අන­තු­රීන් හත් දෙනෙකු තුවාල ලබා පුත්ත­ලම මූලික රෝහ­ලට ඇතු­ළත් කර ඇති අතර එක් අය­කුට බර­ප­තළ බව පුත්ත­ලම මූල­ස්ථාන පොලි­සිය පව­සයි. මෙලෙස අන­තු­රට ලක්ව ඇත්තේ පුත්ත­ලම නාග­වි­ල්ලුව ප්‍රදේ­ශයෙ පදිං­චි­ක­රු­වන් පිරි­සක් හා පුත්ත­ලම සිට මුන්ද­ලම දෙසට ගමන් ගනි­මින් සිටි පිරි­සක් බව පොලි­සිය පව­සයි.

පොලි­සිය පව­සන්නේ ත්‍රිරෝද රථ දෙක මුහු­ණට මුහුණ ගැටී මෙම අන­තුර සිදුව ඇති බවයි. අන­තු­රින් සිව් හැවි­රිදි දැරි­වි­යන් දෙදෙ­නෙකු, අවු­රුදු 8 හා 11 වය­ස්වල පිරිමි දරු­වන් දෙදෙ­නෙකු, අවු­රුදු 28 හා 35 කාන්තා­වන් දෙදෙ­නෙකු හා එක් ත්‍රීවි­ලර් රථ රියැ­දු­රේකු බර­ප­තළ තුවාල ලබා ඇති බවයි.

පොලි­සිය පව­සන්නේ එක් ත්‍රිරෝද රථ රිය­දු­රු­ව­කුගේ නොසැ­ල­කි­ලි­මත් ලෙස ත්‍රිරෝද රථය ධාව­නය කිරී­මත් සමඟ මාර්ග­යෙන් ප්‍රති­වි­රුද්ධ දිශා­වට ඇදි ගොස් අනෙක් පසින් පැමිණි ත්‍රිරෝද රථයේ ගැටී මෙම අන­තුර සිදුව ඇති බවයි.

අන­තු­රින් බර­ප­තළ තුවාල ලැබූ තුවා­ල­කරු සමඟ සෙසු තුවා­ල­ක­රු­වන් කඩි­න­මින් පුත්ත­ලම මූලික රෝහ­ලට වෙත රැගෙන යෑමට අවට සිටි පිරිස් කට­යුතු කර තිබිණි. පුත්ත­ලම මූල­ස්ථාන පොලි­සියෙ රථ­වා­හන අංශය පරී­ක්ෂණ ආරම්භ කර ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT