Wednesday, April 23, 2025
Home » අලි ගම් වැදීම වැළැ­ක්වී­මට අලි වෙඩි බෙදා හැරීම කාර්ය­ක්ෂම කරන්න

අලි ගම් වැදීම වැළැ­ක්වී­මට අලි වෙඩි බෙදා හැරීම කාර්ය­ක්ෂම කරන්න

ඇමැති විජිත හේර­ත්ගෙන් නිල­ධා­රීන්ට උප­දෙස්

by Gayan Abeykoon
October 29, 2024 1:00 am 0 comment

බුද්ධිකා ඉඹු­ලාන

වන අලි ගම් වැදීම වළක්වා ගැනී­මට නම් ඒ අව­දා­නම ඇති ප්‍රදේ­ශ­ව­ලට අලි වෙඩි බෙදා හැරීම කාර්ය­ක්ෂම කරන ලෙස පරි­සර, වන­ජීවී, වන සම්පත්, ජල සම්පා­දන වැවිලි හා ප්‍රජා යටි­තල පහ­සු­කම් ඇමැති විජිත හේරත් මහතා අදාළ නිල­ධා­රීන්ට උප­දෙස් ලබා දී ඇත. පසු­ගිය වසරේ අන­ව­සර විදුලි රැහැන් ඇට­වීම ඇතුළු මිනිස් ක්‍රියා­කා­ර­කම් නිසා වන අලි 90ක් මර­ණ­යට පත්ව තිබේ. වන අලි මිනිස් ගැටු­මට කෙටි කාලීන විස­ඳුම් ලබා­දී­මට මේ පිය­වර කාර්ය­ක්ෂම කිරී­මට  වන­ජීවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව කට­යුතු යොදා ඇතැයි එම අධ්‍යක්ෂ ජන­රාල්  චන්දන සූරි­ය­බ­ණ්ඩාර මහතා පැවැ­සීය. මෙහිදී සූරි­ය­බ­ණ්ඩාර මහතා පෙන්වා දුන්නේ පසු­ගිය වස­රට වඩා 100ක් පමණ අඩු­වෙන් අලි මරණ මේ වන විට වාර්තා වී ඇති බවයි.

වන­ජීවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ පව­තින සේවක පුර­ප්පාඩු සහ යටි­තල පහ­සු­කම් අවම මට්ට­මක පැවැ­තීම නිසා මේ දෙපා­ර්ත­මේ­න්තුවේ කට­යුතු සිදු කර­ගෙන යෑමේදී තමන් දුෂ්ක­රතා රැස­කට මුහු­ණපා ඇතැයි පසු­ගි­යදා ඇමැ­ති­ව­රයා සමඟ පැවැති සාක­ච්ඡා­ව­කදී නිල­ධා­රින් ඇමැති විජිත හේරත් මහ­තාට පෙන්වා දී ඇත. එහිදී  ඇමැ­ති­ව­රයා උප­දෙස් දී ඇත්තේ වසර 2025 වන විට මේ පුර­ප්පාඩු වහාම පිර­වී­මට අදාළ ක්‍රියා­මාර්ග ගන්නා ලෙසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT