Home » ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පද­නමේ ශිෂ්‍යත්ව ප්‍රදා­නෝ­ත්ස­වය නොවැ. 02 දා

ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පද­නමේ ශිෂ්‍යත්ව ප්‍රදා­නෝ­ත්ස­වය නොවැ. 02 දා

by Gayan Abeykoon
October 29, 2024 1:04 am 0 comment

රක්ෂණ ශ්රියන්ත

ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පද­නමේ 32 වැනි ශිෂ්‍යත්ව ප්‍රදා­නෝ­ත්ස­වය නොවැ­ම්බර් 02 පස්වරු 2.00ට කැල­ණිය මානෙ­ල්වත්ත නාගා­නන්ද ජාත්‍ය­න්තර බෞද්ධ අධ්‍ය­යන ආය­තන සම්මේ­ලන මධ්‍ය­ස්ථා­න­යේදී පැවැ­ත්වී­මට කට­යුතු යොදා තිබේ.

මෑත යුගයේ ජපා­නයේ තියොතෝ නුවර කේන්ද්‍ර කර­ගෙන බිහිවූ අගොන්ශු විහා­ර­ස්ථා­නය ජපා­නයේ සුවි­ශේෂ බෞද්ධ සිද්ධ­ස්ථා­න­යක් බවට මේ වන විට පත්ව තිබේ. වර්ෂ 1978දී ජපා­නයේ බිහිවූ අගොන්ශු නිකායේ මූල­ස්ථා­නය වනුයේ ද මෙම අගොන්ශු විහා­ර­යයි. ජපා­නයේ නගර කිහි­ප­යක සේම ඉන් පිට­ස්තර රට­ව­ලත් ශාඛා පිහි­ටුවා තිබෙන මෙම අගොන්ශු විහාර සමූ­හයේ නිර්මා­තෘ­ව­රයා වනුයේ සෙයිසු කිරි­යාමා මහ­නා­හි­මි­පා­ණෝය.

මෙම අගොන්ශු විහා­රය කේන්ද්‍ර කර­ගෙන වර්ෂ 1994 ජන­වාරි 12 වැනිදා ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පද­නම ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම දීර්ඝ කාලීන ජපන් ශ්‍රී ලංකා මිත්‍ර­ත්වය යළි තහ­වුරු වූ අව­ස්ථා­වක් ලෙස නම් කළ හැකිය.

සෙයිසු කිරි­යාමා මහා නාහි­මි­යන් විසින් මෙහි වග­කීම් සියල්ල පවරා දෙන ලද්දේ ජපන් භාෂාව හා සංස්කෘ­තිය පිළි­බඳ මනා දැනුම් සම්භා­ර­ය­කින් හෙබි සෝම­සිරි අද්දර පති­ර­ණගේ මහතා වෙතය.

මෙවර 32 වැනි වාර්ෂික ශිෂ්‍යත්ව ප්‍රදා­නය සිදු­ක­රන අව­ස්ථාව වන විට ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පද­නම හරහා ලබා දුන් සමස්ත ශිෂ්‍යත්ව ප්‍රමා­ණය 18,801කි. මෙවර ශිෂ්‍යත්ව 735ක් ප්‍රදා­නය කෙරේ. පද­නමේ නිර්මාතෘ සෙයිසු කිරි­යාමා මහා­නා­හිමි වර්ෂ 2016දී අගෝස්තු මස 29 වැනිදා අප­වත්වී වදාළ අතර එයින් පසු අගොන්ශු විහාර සමූ­හයේ සභා­පති පද­වි­යට පත්වූයේ වදා නඔතෝ මැති­නි­යයි. මහ­නා­හිමි අභා­ව­යෙන් පසු­වද මෙම ශිෂ්‍යත්ව ව්‍යාපෘ­තිය එහෙ­යින් ක්‍රියා­ත්මක කිරී­මට එතු­මිය ප්‍රමුඛ අගොන්ශු විහාර සමාජ සුබ­සා­ධන අංශය ක්‍රියා කළේය.

මෙවර ශිෂ්‍යත්ව ප්‍රදා­නෝ­ත්ස­වය සඳහා ජපා­නයේ අගොන්ශු විහා­රය නියෝ­ජ­නය කර­මින් තොමොනෝ මසු­යුකී හිමි, අර­තනී හරු­හිදේ හිමි, සතෝ තකෙ­හිෂි හිමි සහ­භාගි වෙති. තායි­වා­නයේ ප්‍රධාන සංඝ­නා­යක කැල­ණිය මානෙ­ල්වත්ත නාගා­නන්ද ජාත්‍ය­න්තර බෞද්ධ අධ්‍ය­යන ආය­ත­නයේ උප­කු­ල­පති ආචාර්ය බෝදා­ගම චන්දිම නාහිමි මුල­සුන හොබ­වන අතර ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලයේ උප කුල­පති ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය පත්ම­ලාල් එම්. මානගේ මහතා ප්‍රධාන ආරා­ධි­තයා ලෙස එක් වෙයි.

නොවැ­ම්බර් 02 වැනිදා පස්වරු 2.00ට කැල­ණිය මානෙ­ල්වත්ත නාගා­නන්ද ජාත්‍ය­න්තර බෞද්ධ අධ්‍ය­යන ආය­තන සම්මේ­ලන මධ්‍ය­ස්ථා­න­යේදී පැවැ­ත්වෙන මෙම ශිෂ්‍යත්ව ප්‍රදා­නෝ­ත්ස­වය ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පද­නමේ අධ්‍යක්ෂ ජන­රාල් අගොන්ශු නිකායේ දකුණු ආසි­යානු කලා­පීය රට­වල බෞද්ධ උප­දේ­ශක රෝහණ කීර්ති ශාස­න­බන්දු සෝම­සිරි අද්දර පති­ර­ණගේ මහ­තාගේ අධී­ක්ෂ­ණය පරිදි ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පද­නමේ අධ්‍යක්ෂ මණ්ඩ­ලයේ හා ප්‍රාදේ­ශීය සම්බ­න්ධී­ක­රණ නිල­ධා­රීන්ගේ මෙහෙ­ය­වී­මෙන් උලෙළ සංවි­ධා­නය කෙරේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT