Monday, April 21, 2025
Home » දකුණු ආසි­යානු සංග­මයේ මූල්‍ය ජාලයේ 46 වැනි රැස්වීම වොෂි­න්ටන් නුව­රදී

දකුණු ආසි­යානු සංග­මයේ මූල්‍ය ජාලයේ 46 වැනි රැස්වීම වොෂි­න්ටන් නුව­රදී

by Gayan Abeykoon
October 29, 2024 1:04 am 0 comment

ජය­සිරි මුණ­සිංහ
ඡායා­රූ­පයේ දකුණේ සිට භූතා­නයේ රාජ­කීය මුදල් අධි­කා­රියේ අධි­පති දාශෝ පෙන්ජෝරේ, ශ්‍රී ලංකාවේ මුදල් අමා­ත්‍යාං­ශයේ ලේකම් කේ. මහින්ද සිරි­ව­ර්ධන, නේපාල මහ බැංකුවේ අධි­පති මහා ප්‍රසාද් අධි­කාරී, බංග්ලා­දේශ මහ බැංකුවේ අධි­පති ආචාර්ය අහ්සාන් එච් මන්සූර්, ශ්‍රී ලංකා මහ බැකුවේ අධි­පති ආචාර්ය පී. නන්ද­ලාල් වීර­සිංහ, පාකි­ස්තාන මහ බැංකුවේ අධි­පති ජමීල් අහ­මඩ්, මාල­දි­ව­යිනේ මුදල් අධි­කා­රියේ නියෝජ්‍ය අධි­පති අහ­මඩ් ඉමාඩ්, ඉන්දීය මහ බැංකුවේ නියෝජ්‍ය අධි­පති ආචාර්ය මයි­කල් ඩෙබා­බ්‍රාතා පත්‍රා සහ බංග්ලා­දේශ මුදල් අමා­ත්‍යාංශ ලේකම් ආචාර්ය මොහො­මඩ් කයි­රු­ස්ස­මන් මොසු­ම්දර් යන මහ­ත්වරු වෙති.

මේ දින­වල අමෙ­රි­කාවේ වොෂි­න්ටන් නුවර පැවැ­ත්වෙන ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සහ ලෝක බැංකු වාර්ෂික රැස්වී­ම්ව­ලට සම­ගා­මීව කලා­පීය සහ­යෝ­ගි­තාව සඳහා වූ දකුණු ආසි­යානු සංග­මයේ මූල්‍ය ජාලයේ (SAARCFINANCE) අධි­ප­ති­ව­රුන්ගේ 46 වැනි රැස්වීම වොෂි­න්ටන් නුව­රදී පැවැ­ත්විණි.

මෙම රැස්වීම, සංග­මයේ සභා­පති වශ­යෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ සත්කා­ර­ක­ත්ව­යෙන්, 2024 ඔක්තෝ­බර් මස 24 වැනි දින වොෂි­න්ටන් නුව­රදී ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සහ ලෝක බැංකු වාර්ෂික රැස්වී­ම්ව­ලට සම­ගා­මීව පව­ත්වන ලදි.

කලා­පීය සහ­යෝ­ගි­තාව සඳහා වූ දකුණු ආසි­යානු සංග­මයේ සාමා­ජික රට­වල මහ බැංකු අධි­ප­ති­වරු, නියෝජ්‍ය අධි­ප­ති­වරු, මුදල් ලේක­ම්වරු සහ මහ බැංකු හා මුදල් අමා­ත්‍යාං­ශ­වල නියෝ­ජි­තයෝ මෙම රැස්වී­මට සහ­භාගි වූහ.

කලා­පීය සහ­යෝ­ගි­තාව සඳහා වූ දකුණු ආසි­යානු සංග­මයේ මූල්‍ය ජාලයේ අධි­ප­ති­ව­රුන්ගේ 46 වැනි රැස්වීම දකුණු ආසි­යානු මහ බැංකු අධි­ප­ති­ව­රුන්ට සහ මුදල් අමා­ත්‍යාං­ශ­වල ලේක­ම්ව­රුන්ට කලා­පීය ආර්ථික අභි­යෝග සාකච්ඡා කිරී­මට මූල්‍ය සහ­යෝ­ගි­තාව ශක්ති­මත් කිරී­මට සහ ප්‍රති­පත්ති මූලා­ර­ම්භ­යන් සම්බ­න්ධී­ක­ර­ණය කිරීම සඳහා වේදි­කා­වක් සැප­යීය.

සහ­යෝගි පර්යේ­ෂණ සහ මානව ධාරිතා ගොඩ­නැ­ඟීමේ මුල­පි­රීම් සම්බ­න්ධව මෙන්ම ආර්ථික අර්බුද තත්ත්ව­ය­කදී කලා­පීය මූල්‍ය ආධාර ලබා දීම් පිළි­බ­ඳව ද මෙහිදී සාකච්ඡා පැවැ­ත්විණි.

කලා­පීය සහ­යෝ­ගි­තාව සඳහා වූ දකුණු ආසි­යානු සංග­මයේ මූල්‍ය ජාලයේ කලා­පීය සහ­යෝ­ගි­තාව සඳහා වූ මාර්ග සිති­යම (Roadmap) බැංකු නියා­ම­නය සහ අධී­ක්ෂ­ණය සඳහා සහ­යෝ­ගි­තාව, දේශ­ගු­ණය සහ තිර­සාර සංව­ර්ධ­නය සඳහා මූල්‍ය­නය සහ මහ බැංකු මෙහෙ­යු­ම්ව­ලට සම්බන්ධ නැඟී­එන ඩිජි­ටල් තාක්ෂ­ණය පිළි­බඳ අභි­යෝග සහ අව­ස්ථා­වන් තක්සේරු කිරීම යන නව ක්ෂේත්‍ර තුනක් ඇතු­ළත් කිරීම සඳහා මෙහිදී නැවත සමා­ලෝ­ච­නය කෙරිණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT