මේ දිනවල අමෙරිකාවේ වොෂින්ටන් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකු වාර්ෂික රැස්වීම්වලට සමගාමීව කලාපීය සහයෝගිතාව සඳහා වූ දකුණු ආසියානු සංගමයේ මූල්‍ය ජාලයේ (SAARCFINANCE) අධිපතිවරුන්ගේ 46 වැනි රැස්වීම වොෂින්ටන් නුවරදී පැවැත්විණි.
මෙම රැස්වීම, සංගමයේ සභාපති වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ සත්කාරකත්වයෙන්, 2024 ඔක්තෝබර් මස 24 වැනි දින වොෂින්ටන් නුවරදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකු වාර්ෂික රැස්වීම්වලට සමගාමීව පවත්වන ලදි.
කලාපීය සහයෝගිතාව සඳහා වූ දකුණු ආසියානු සංගමයේ සාමාජික රටවල මහ බැංකු අධිපතිවරු, නියෝජ්‍ය අධිපතිවරු, මුදල් ලේකම්වරු සහ මහ බැංකු හා මුදල් අමාත්‍යාංශවල නියෝජිතයෝ මෙම රැස්වීමට සහභාගි වූහ.
කලාපීය සහයෝගිතාව සඳහා වූ දකුණු ආසියානු සංගමයේ මූල්‍ය ජාලයේ අධිපතිවරුන්ගේ 46 වැනි රැස්වීම දකුණු ආසියානු මහ බැංකු අධිපතිවරුන්ට සහ මුදල් අමාත්‍යාංශවල ලේකම්වරුන්ට කලාපීය ආර්ථික අභියෝග සාකච්ඡා කිරීමට මූල්‍ය සහයෝගිතාව ශක්තිමත් කිරීමට සහ ප්‍රතිපත්ති මූලාරම්භයන් සම්බන්ධීකරණය කිරීම සඳහා වේදිකාවක් සැපයීය.
සහයෝගි පර්යේෂණ සහ මානව ධාරිතා ගොඩනැඟීමේ මුලපිරීම් සම්බන්ධව මෙන්ම ආර්ථික අර්බුද තත්ත්වයකදී කලාපීය මූල්‍ය ආධාර ලබා දීම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා පැවැත්විණි.
කලාපීය සහයෝගිතාව සඳහා වූ දකුණු ආසියානු සංගමයේ මූල්‍ය ජාලයේ කලාපීය සහයෝගිතාව සඳහා වූ මාර්ග සිතියම (Roadmap) බැංකු නියාමනය සහ අධීක්ෂණය සඳහා සහයෝගිතාව, දේශගුණය සහ තිරසාර සංවර්ධනය සඳහා මූල්‍යනය සහ මහ බැංකු මෙහෙයුම්වලට සම්බන්ධ නැඟීඑන ඩිජිටල් තාක්ෂණය පිළිබඳ අභියෝග සහ අවස්ථාවන් තක්සේරු කිරීම යන නව ක්ෂේත්‍ර තුනක් ඇතුළත් කිරීම සඳහා මෙහිදී නැවත සමාලෝචනය කෙරිණි.