Wednesday, April 23, 2025
Home » සාප­රාධී බල­හ­ත්කා­රය පෑවැයි කුලි­යා­පි­ටිය HQI අත්අ­ඩං­ගු­වට ගන්න

සාප­රාධී බල­හ­ත්කා­රය පෑවැයි කුලි­යා­පි­ටිය HQI අත්අ­ඩං­ගු­වට ගන්න

කුලි­යා­පි­ටිය මහේ­ස්ත්‍රාත් රන්දික ලක්මාල් ජය­ලත් නියෝග කරයි

by Gayan Abeykoon
October 29, 2024 1:23 am 0 comment

කුලි­යා­පි­ටිය - මෙවිරු ධනාන්

පැමි­ණි­ල්ලක් විභාග කිරී­මට පැමිණි අය­කුට සාප­රාධී බල­හ­ත්කා­රය පෑ බව කියන කුලි­යා­පි­ටිය මූල­ස්ථාන ප්‍රධාන පොලිස් පරී­ක්‍ෂ­ක­ව­රයා වහාම අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර­න්නැයි කුලි­යා­පි­ටිය මහේ­ස්ත්‍රාත් රන්දික ලක්මාල් ජය­ලත් මහතා ඉකුත්දා ( 25) කුලි­යා­පි­ටිය පොලි­සි­යට නියම කළේය.

මෙලෙස අත්අ­ඩං­ගු­වට ගෙන ඉදි­රි­පත් කරන ලෙසට නියෝග නිකුත් වූයේ කුලි­යා­පි­ටිය මූල­ස්ථාන ප්‍රධාන පොලිස් පරී­ක්‍ෂක වජිර ඉන්ද්‍ර­ජිත් නමැ­ත්තා­වය.

පවුල් ආර­වු­ලක් විසඳා ගැනී­මට කුලි­යා­පි­ටිය පොලිස් කොට්ඨා­ස­යට අයත් කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාං­ශ­යට පැමිණි අඹු සැමි යුව­ළ­කගේ සැමියා ප්‍රකාශ ලබා­දෙ­මින් සිටිය දී එම ස්ථාන­යට වී ඇති සැක­කාර මූල­ස්ථාන පොලිස් පරී­ක්‍ෂ­ක­ව­රයා ප්‍රකාශ සට­හන් කර ගනි­මින් සිටි පොලිස් නිල­ධා­රි­නි­යට උස් හඩින් බැණ එළවා දමා ප්‍රකා­ශය ලබා­දෙ­මින් සිටි පුද්ග­ල­යාට පහ­ර­දී­මට සැරසී ඇති බව කුලි­යා­පි­ටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි මහේෂ් කුමා­ර­සිංහ මහතා බී වාර්තා­වක් මඟින් අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කර­මින් පැවැ­සීය.

එහිදී එම කාර්යං­ශයේ ස්ථානා­ධි­ප­ති­ව­රිය එම ස්ථාන­යට පැමිණ තත්ත්වය සම­නය කිරී­මට උත්සාහ ගෙන තිබූ බවත් සැක­කාර මූල­ස්ථාන පොලිස් පරී­ක්‍ෂ­ක­ව­රයා එයද නොතකා කල­හ­කා­රීව හැසි­රෙ­මින් ස්ථානා­ධි­ප­ති­ව­රි­යට ද පරුෂ වච­න­යෙන් බැණ­වැදී ඇතැයි ද පොලිස් අධි­කා­රි­ව­රයා අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් අදාළ අංශයේ ස්ථානා­ධි­ප­ති­ව­රිය සහ තවත් පොලිස් නිල­ධා­රීන් තිදෙ­නකු ලබා දී තිබූ සාක්‍ෂි මත ඉදිරි විම­ර්ශන සිදු­ක­රන බවත් සැක­කාර පොලිස් නිල­ධා­රියා මේ වන­විට නිවාඩු වාර්තා­කොට ස්ථාන­යෙන් පිටව ගොස් ඇති බවත් පොලිස් අධි­කා­රි­ව­රයා අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කළේය.

ඒ අනුව මෙම සැක­කාර මූල­ස්ථාන පොලිස් පරී­ක්‍ෂ­ක­ව­රයා අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට වෙනත් දින­යක් ලබා­දෙන ලෙසද පොලිස් අධි­කා­රි­ව­රයා අධි­ක­ර­ණ­යෙන් ඉල්ලීය.

කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාං­ශය ඇත්තේ මූල­ස්ථාන පොලි­සිය යට­තේද යන්න මෙහි දී විමසූ මහේ­ස්ත්‍රා­ත්ව­රයා නොවැ­ම්බර් මස 8 වැනිදා සැක­කරු අත්අ­ඩං­ගු­වට අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර­න්නැයි නියම කළේය.

කුලි­යා­පි­ටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි මහේෂ් කුමා­ර­සිංහ, කොට්ඨාස අප­රාධ විම­ර්ශන කාර්යාං­ශයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්‍ෂක පුෂ්පිත ගුණ­සේ­කර යන නිල­ධා­රීහු සිද්ධිය සම්බ­න්ධ­යෙන් බී වාර්තා­වක් මඟින් අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කළහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT