Home » පසු­ගිය මාස 9ට අල්ලස් ගත් 67ක් අත්අ­ඩං­ගු­වට

පසු­ගිය මාස 9ට අල්ලස් ගත් 67ක් අත්අ­ඩං­ගු­වට

by Gayan Abeykoon
October 29, 2024 1:29 am 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක

අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බ­න්ධ­යෙන් මාස 9ක් තුළ වැට­ලීම් 81ක් සිදු කර සැක­පිට පුද්ග­ල­යන් 67 දෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව මඟින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. අදාළ කාලය තුළ අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බ­න්ධ­යෙන් කොමි­ස­මට ලැබී ඇති පැමි­ණිලි සංඛ්‍යාව 3,045කි.  ඒ අතර, අල්ලස් පැමි­ණිලි 259ක්, දූෂණ පැමි­ණිලි 466ක් හා අයුතු වත්කම් ඉපැ­යීම සම්බ­න්ධ­යෙන් පැමි­ණිලි 86ක් වන බවද කොමි­සම කියා සිටියි.

ප්‍රමා­ණ­වත් කරුණු නොති­බීම හා අල්ලස් පන­තට අදාළ නොවීම හේතු­වෙන් අදාළ කාලය තුළ ලැබී ඇති පැමි­ණිලි අත­රින් 810ක් පිළි­බඳ විම­ර්ශ­නය නොකි­රීම සඳහා නියෝග ලැබී ඇති බවද කොමි­සම පැවැ­සීය.

ලැබී ඇති පැමි­ණිලි අත­රින් නඩු පැව­රීම සඳහා ගොනු 124ක් යෝජනා වී ඇති බවත් ප්‍රකාශ සට­හන් කිරී­මට ගොනු 30ක් පව­තින බවද කොමි­සම සඳ­හන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT