අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් මාස 9ක් තුළ වැටලීම් 81ක් සිදු කර සැකපිට පුද්ගලයන් 67 දෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ කාලය තුළ අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් කොමිසමට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 3,045කි. ඒ අතර, අල්ලස් පැමිණිලි 259ක්, දූෂණ පැමිණිලි 466ක් හා අයුතු වත්කම් ඉපැයීම සම්බන්ධයෙන් පැමිණිලි 86ක් වන බවද කොමිසම කියා සිටියි.
ප්‍රමාණවත් කරුණු නොතිබීම හා අල්ලස් පනතට අදාළ නොවීම හේතුවෙන් අදාළ කාලය තුළ ලැබී ඇති පැමිණිලි අතරින් 810ක් පිළිබඳ විමර්ශනය නොකිරීම සඳහා නියෝග ලැබී ඇති බවද කොමිසම පැවැසීය.
ලැබී ඇති පැමිණිලි අතරින් නඩු පැවරීම සඳහා ගොනු 124ක් යෝජනා වී ඇති බවත් ප්‍රකාශ සටහන් කිරීමට ගොනු 30ක් පවතින බවද කොමිසම සඳහන් කරයි.