Home » කෝටියේ කොන්ත්‍රා­ත්කරු අල්ලද්දී කාන්තා­වත් සැමි­යාත් මරා අව­සන්

කෝටියේ කොන්ත්‍රා­ත්කරු අල්ලද්දී කාන්තා­වත් සැමි­යාත් මරා අව­සන්

by Gayan Abeykoon
October 29, 2024 1:00 am 0 comment

ගයාන් කුමාර වීර­සිංහ

රුපි­යල් කෝටි­යක කොන්ත්‍රා­ත්තු­ව­කට කාන්තා­වක් ඝාත­නය කිරීම සඳහා සූදා­නම්ව  සිටි  පුද්ග­ල­යකු ගිනි අවි­යක් සහ ජීව උණ්ඩ හයක් සමඟ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් ඉකුත් සති අන්තයේ  ගිනි අවි­යක්ද සමඟ අත්අ­ඩං­ගු­වට ගන්නා විටත්  එම කාන්තාව සමඟ ඇගේ සැමි­යාව ද ඝාත­න­ය­කර තිබී ඇතැයි විම­ර්ශ­න­ව­ලින් හෙළිවී තිබේ.

එම ද්විත්ව ඝාත­නය සිදුව ඇත්තේ පසු­ගිය 04 වෙනිදා අහං­ගම වැල්හේ­න්ගොඩ නිව­සක් තුළ­දීය. ඊට සම්බන්ධ සැක­ක­රු­වන්ද අහං­ගම පොලි­සිය මේ වන විට අත්අ­ඩං­ගු­වට ගෙන ඇති බව ද පොලිස් තොර­තුරු සඳ­හන් කළේය.  ඉඩම් ආර­වු­ලක් මුල්ක­ර­ගෙන මෙම ඝාතන කොන්ත්‍රා­ත්තුව ලබා දී ඇත්තේ ව්‍යාපා­රි­ක­යෙක් බවත් වෙඩි තබා ඝාත­නය කිරී­මට පිරි­ස­කට කෝටි­ය­කත කොන්ත්‍රා­ත්තුව ලබා­දෙන අතර තුර වෙනත්  පාර්ශ්ව­ය­ක­ටද තවත් කොන්ත්‍රා­ත්තු­වක් ලබා දී තිබී ඇති බවත් විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් ඇත. මෙහි දී වෙඩි තබා ඝාත­නය කිරී­මට ලබා­දුන් කොන්ත්‍රා­ත්තු­වට පෙර කපා කොටා කාන්තාව සමඟ ඇගේ සැමි­යා­වද ඝාත­න­ය­කර ඇති බව පොලි­සිය සඳ­හන් කරයි.

මෙසේ ඝාත­න­ය­කර ඇත්තේ කමනි වීර­තුංග (63) සහ පී.ජය­සිංහ (67) යන අඹු­සැමි යුවල බව පොලි­සිය සඳ­හන් කරයි. නිවස තුළ කපා කොටා මේ දෙදෙ­නාව ඝාත­නය කර තිබී ඇත.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවි­ධා­නා­ත්මක අප­රාධ විම­ර්ශන අංශය මේ බව නොදැන අහං­ගම කාන්තා­වක් ඝාත­නය කිරී­මට සූදා­න­මින් සිටි පුද්ග­ල­යකු ගිනි අවි­යක් සමඟ අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

හබ­රා­දුව මීපේ ප්‍රදේ­ශයේ පදිංචි හොර­යින් මත්කු­ඩු­ව­ලට දැඩිව ඇබ්බැ­හිව සිටින පුද්ග­ල­යකු වන සැක­ක­රු­ගෙන් ප්‍රශ්න කිරීමේ දී පවසා ඇත්තේ  අහං­ගම ප්‍රදේ­ශයේ පදිං­චිව සිටින ව්‍යාපා­රි­ක­යකු විසින් කාන්තා­වක් ඝාත­නය කිරී­මට  තමා­ටත් මිතු­රෙ­කු­ටත් රුපි­යල් කෝටි­යක කොන්ත්‍රා­ත්තු­වක් ලබා­දුන් බවත් ඒ සඳහා ගිනි අවිය සූදා­න­ම්ක­ර­ගෙන සිටි බවය. මිතුරා වෙනත් සිදු­වී­ම­කට බන්ධ­නා­ගා­ර­ගත වී ඇත. ඒ හේතු­වෙන් ඝාතන කොන්ත්‍රා­ත්තුව ඉටු කිරී­මට ප්‍රමාද වීම හේතු­වෙන් වෙනත් කණ්ඩා­ය­මක් යොදා ව්‍යාපා­රි­කයා විසින් අඹු­සැමි යුවල මරා දමා ඇති බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැවැ­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT