මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සහ ජීව පතරොම් 4ක් සමඟ හිටපු යුද හමුදා සෙබළකු ඇතුළු දෙදනකු අත්අඩංගුවට ගත් බව පොතුපිටිය පොලිසිය කියයි.
රක්වාන, පොතුපිටිය පොලිස් බල ප්රදේශයේ ස්ථාන දෙකකදී කළ වැටලීමකදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුටව ගත් බවද පොලිසිය සඳහන් කරයි.
හිටපු යුද හමුදා සෙබළා පොතුපිටිය කෝපිකෑල්ල ප්රදේශයේදී ද අනෙක් සැකකරු පොතුපිටිය ප්රදේශයේදී ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
හිටපු හමුදා සෙබළා මීට පෙර මත්කුඩු ළඟ තබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වන නඩුවක සැකකරුවකු බවද පොලිසිය සඳහන් කරයි.
රක්වාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. බී. කේ. නලවංශ මහතා ඇතුළු නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරති.