හෙරොයින් ග්‍රෑම් 11කට වැඩි ප්රමාණයක් ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ කොළඹ බොරැල්ල ප්රදේශයේ පදිංචිකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (28) බරපතළ වැඩ සහිතව ජීවිතාන්ත සිරදඬුවම් නියම කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ කර ඇති බව තීරණය කළ මහාධිකරණ විනිසුරුවරයා චුදිතට එරෙහිව ඉදිරිපත් වූ චෝදනා දෙකකට ජීවිතාන්ත සිරදඬුවම් නියම කළේය.
මෙලෙස දඬුවම් නියම වූයේ හෙට්ටිආරච්චිගේ බුද්ධික දිනේෂ් කුමාර නමැති 31ක් හැවිරිදි එක්දරු පියකුටය.
2016 වසරේ නොවැම්බර් 08 වැනිදා බොරැල්ල පොලිසිය නව මැගසින් බන්ධනාගාරය පිටුපස සැකකටයුතු ස්ථානයක් පරීක්ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 14ක් ජාවාරම් කිරීම සඳහා ළඟ තබාගෙන සිටියදී විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබේ.
විත්තිකරු සන්තකයේ තිබුණු හෙරොයින් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර පරීක්ෂා කිරීමේදී එම හෙරොයින්වල ශුද්ධ බර ග්‍රෑම් 11.07ක් ලෙස වාර්තාවී තිබේ. නීතිපතිවරාය විත්තිකරුට එරෙහිව 1984 අංක 13 දරන විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනතේ 54 (අ) වගන්තිය යටතේ හෙරොයින් ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනා යටතේ නඩු පවරා තිබේ.
විත්තිකරුට එරෙහි චෝදනාවන්ට වැරැදිකරු කිරීමෙන් පසු දඬුවම් නියම කිරීමට පෙර විත්තියේ නීතිඥවරිය මන්ද්‍රි කාරක කරුණු ඉදිරිපත් කරමින් විත්තිකරුට පෙර වැරැදි නොමැති බවට අධිකරණයට දැනුම් දුන්නේය. එමෙන්ම විත්තිකරුට මාස 1ක දරුෙවක් සිටින බැවින් හා ඔහුගේ වයස සැලකිල්ලට ගෙන මරණ දඬුවම නොපමුණුවන ලෙස ඉල්ලා සිටියාය.
ඉදිරිපත් වූ කරුණුවලට අමතරව විත්තිකරු මෙම චෝදනාවට වසර 5කට ආසන්න කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටීම ද සැලකිල්ලට ගෙන ජීවිතාන්ත සිරදඬුවම් නියම කළේය.