Home » විමල් ඇතුළු 6කට එරෙ­හිව පැවරූ නඩුවේ සාක්ෂි විභා­ගය නොවැ. 25දාට කල් තැබේ
කොළඹ එ.ජා. කාර්යා­ලය ඉදි­රි­පිට උද්ඝෝ­ෂ­ණය කිරීම

විමල් ඇතුළු 6කට එරෙ­හිව පැවරූ නඩුවේ සාක්ෂි විභා­ගය නොවැ. 25දාට කල් තැබේ

by Gayan Abeykoon
October 29, 2024 1:00 am 0 comment

කල්පනි අබේ­සිංහ

2016 වසරේ දී කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යා­ලය ඉදි­රි­පිට මාර්ගය අව­හිර කර­මින් උද්ඝෝ­ෂ­ණය කිරීම තුළින් මහ­ජන පීඩා­වක් සිදු කිරීමේ චෝද­නාව යටතේ විමල් වීර­වංශ මහතා ඇතුළු 6 දෙනෙ­කුට එරෙ­හිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභා­ගය ලබන නොවැ­ම්බර් 25 වැනි­දාට කල් තැබී­මට කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (28) නියෝග කළේය.

මෙම නඩුවේ සාක්ෂි විභා­ගය ඊයේ (28) පැවැ­ත්වී­මට නිය­මි­තව තිබූ නමුත් විමල් විර­වංශ මහ­තාට උණ රෝගය වැලඳී ඇති හෙයින් අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටී­මට නොහැකි බව වීර­වංශ මහතා වෙනු­වෙන් පෙනී සිටි ජනා­ධි­පති නීතිඥ ජයන්ත වීර­සිංහ මහතා අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

ප්‍රධාන මහේ­ස්ත්‍රා­ත්ව­රයා නඩුවේ සාක්ෂි විම­සීම ලබන නොවැ­ම්බර් 25 පැවැ­ත්වී­ම­ටත් එදි­නට විත්ති­ක­රු­වන්ට සහ සාක්ෂි­ක­රු­වන්ට අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටී­ම­ටත් නියෝග කළේය.

2016 පෙබ­ර­වාරි 6 වැනි දින, එක්සත් ජාතීන්ගේ මානව හිමි­කම් කොම­සා­රිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ලංකා­වට පැමි­ණී­මට විරෝ­ධය පළ කර­මින් එක්සත් ජාතීන්ගේ කාර්යා­ලය ඉදි­රි­පිට, තුම්මුල්ල ඇතුළු මාර්ග අව­හිර වන අන්ද­මින් උද්ඝෝ­ෂ­ණ­යක නියැ­ළී­මට එරෙ­හිව මෙම නඩුව කුරු­ඳු­වත්ත පොලි­සිය මඟින් පවරා තිබුණි.

ජගත් මානව හිමි­කම් කොම­සා­රිස් සෙයිද් අල් හුසෙන් කුමරු ශ්‍රී ලංකාවේ සංචා­රය කළ අව­ස්ථාවේ ඊට විරෝ­ධය පළ කර­මින් විමල් වීර­වංශ මහතා ඇතුළු පිරි­සක් මෙම උද්ඝෝ­ෂ­ණය පැවැ­ත්විය.

විත්ති­ක­රු­වන් වන හිටපු ඇමැති විමල් වීර­වංශ මහතා, වීර­කු­මාර දිසා­නා­යක මහතා, මොහො­මඩ් මුස­ම්මිල්, ජයන්ත සම­ර­වීර, රොජර් සෙනෙ­වි­රත්න, පිය­සිරි විජේ­නා­යක යන අය ඊයේ අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටි­යහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT