Monday, April 21, 2025
Home » කෑගල්ල ප්‍රාදේ­ශීය සභාවේ හිටපු මන්ත්‍රීට දස වද දී ඝාත­නය කරලා

කෑගල්ල ප්‍රාදේ­ශීය සභාවේ හිටපු මන්ත්‍රීට දස වද දී ඝාත­නය කරලා

by Gayan Abeykoon
October 29, 2024 1:07 am 0 comment

කෑගල්ල විශේෂ - චමින්ද ජය­ලත් සහ බුලත්කොහුපිටිය සමූහ - ඩබ්ලිව්. රෝහණ

නිවෙසේ තිබූ මෝටර් රියෙන් ඝාත­ක­යන් පැන ගිහින්

වයෝ­වෘද්ධ බිරි­යගේ කට­ටත් ප්ලාස්ටර් ගහලා

සීසී­ටීවී රෙකෝ­ඩ­ර­යත් අරන් ගිහින්

අත් ගැට ගසා ඇඳ සිටි සර­මෙන් ගෙල සිර­කර කටේ ප්ලාස්ටර් ඔබා නිදි ඇඳේ­දීම ඝාත­නය කර සිටි කෑගල්ල ප්‍රාදේ­ශීය සභාවේ පොදු පෙර­මුණු හිටපු මන්ත්‍රී­ව­ර­ය­කුගේ සිරුර ඔහුගේ නි‍ෙවස වූ කෑගල්ල බුළු­රුප්ප කෙම්පි­ටිය වලව්වේ තිබී ඊයේ(28)පෙර­ව­රුවේ සොයා ගත් බව කෑගල්ල පොලි­සිය පව­සයි.

මෙලෙස නිදි ඇඳේ­දීම ඝාත­නය වී ඇති මිය­ගිය අය විශ්‍රා­මික ගණිත ගුරු­ව­ර­යකු මෙන්ම ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ නියෝ­ජ­නය කර­මින් කෑගල්ල ප්‍රාදේ­ශීය සභා මන්ත්‍රී­ව­ර­යකු ලෙස සේවය කර ඇති ක්‍රිෂාන්ත පුලස්ති මාර­පන නමැති 75 හැවි­රිදි අයකු බව ද පොලි­සිය කියයි.

මිය­ගිය අය එක්තැන්ව සිටින වයෝ­වෘද්ධ බිරිය සමඟ නිවෙසේ පදිං­චිව සිට ඇති අතර මේ ඝාත­නය සිදු­වන අව­ස්ථා­වේදී කාන්තා­ව­ටද කිසි­යම් අයකු හෝ පිරි­සක් විසින් පහ­රදී කටට ප්ලාස්ටර් අලවා ඇඳෙන් බිමට ඇද දමා තිබී ඇති බවත් පොලි­සිය සඳ­හන් කරයි.

නිවෙ­සට ඇතුළු වී ඇති නාඳු­නන අය නිවෙසේ තිබූ බඩු­මුට්ටු පෙරළා කිසි­යම් හෝ දෙයක් සොයා ඇති බවත් පසුව නිවෙස ඉදි­රි­පිට නවතා තිබූ මිය­ගිය අයගේ කාර් රථ­යද රැගෙන පලා ගොස් තිබූ බවට තොර­තුරු අනා­ව­ර­ණය වී ඇතැයි ද පොලි­සිය කියයි.

මේ අප­රා­ධය සිදු කළ අය නිවෙසේ සවි කර තිබූ සීසී­ටීවී කැමරා පද්ධ­තියේ රේකෝ­ඩ­රය ද රැගෙන ගොස් ඇති බවද හෙළිවී ඇතැයි ද පොලි­සිය පව­සයි.

එකො­ළොස් දෙන­කු­ගෙන් යුත් පවු­ලක වැඩි­මල් සහෝ­ද­රයා වන අතර,ඔහුගේ පුත්‍ර‍යා ඔස්ට්‍රේ­ලි­යාවේ පදිං­චිව සිටින බවත් දිය­ණිය කල­කට ඉහ­තදී මිය­ගොස් ඇති බවත් පොලි­සිය පැව­සීය.

මර­ණ­කරු එක්තැන්ව සිටින වයෝ­වෘද්ධ බිරිය සමඟ නි‍ෙවසේ පදිං­චිව සිට ඇති බවත් අස­ල්වැ­සි­යකු වන මහ­ග­ම­ආ­ර­ච්චිගේ තිල­ක­රත්න නමැ­ත්තකු කලක සිට නි‍ෙවසේ රාජ­කාරි කට­යුතු මෙන්ම මුර කට­යුතු ද කර­මින් සිට ඇති බවත් පොලි­සිය පැව­සීය.

මර­ණ­කරු දින කිහි­ප­ය­කට ඉහ­තදී තම කුඹු­රු­ව­ලට බිත්තර වී රැගෙන ඒමට පොලො­න්න­රුව ප්‍රදේ­ශ­යට ත්‍රිරෝද රථ­ය­කින් ගොස් පැමිණ ඇති බවට තොර­තුරු හෙළිව ඇති බව පොලි­සිය සඳ­හන් කරයි. එමෙන්ම ඊයේ (28) පෙර­වරු 7.30ට පමණ ආණ­ම­ඩුව ප්‍රදේ­ශයේ ලොරි­යක් වී මිලට ගැනී­මට කෙම්පි­ටිය වල­ව්වට පැමිණ ඇති බවට ද කරුණු හෙළිව ඇතැයි පොලි­සිය කියයි.

ඊයේ (28) පෙර­වරු 8.00ට පමණ නි‍ෙවසේ රාජ­කාරි කරන මුර­ක­රුගේ පිරිමි දරුවා ද වල­ව්වට පැමිණ වයෝ­වෘද්ධ යුව­ළට කතා කර ඇති අතර,කිසිම ශබ්ද­යක් නැති බැවින් ඒ වන විටත් ඇර දමා තිබුණු වලව්වේ ප්‍රධාන දොර­ටු­වෙන්  නිවෙස ඇතු­ළට ගොස් බලන අව­ස්ථාවේ දී එක් ඇඳක ගෙහි­මි­යාගේ කටේ ප්ලාස්ටර් ගසා අත්දෙක බැඳ ඇඳ සිටි සරම ගලවා ගෙල සිර කර ඇති අයුරු දැක ඇති බවට ප්‍රකාශ කළ බව පොලී­සිය කියයි.

එක්තැන්ව සිටි ගෙහිමි කාන්තා­වට පහර දී ඇය බිමට වැටී සිටින අයුරු ද දරුවා දැක ඇති අතර පසුව මර­ණ­ක­රුගේ සහෝ­දර සහෝ­ද­රි­යන්ට දන්වා ඇති බවත් පොලි­සිය කියයි.

පොලිස් කණ්ඩා­ය­මක් නි‍ෙව­සට ගොස් විම­ර්ශන කට­යුතු ආරම්භ කිරී­මේදී අනා­ව­ර­ණය වී ඇත්තේ යම් පිරි­සක් හෝ පුද්ග­ල­යෙක් නි‍ෙව­සට පැමිණ විදුලි මීට­රය විසන්ධි කර නි‍ෙව­සට රිංගා නි‍ෙවස ඇතු­ළත බඩු මුට්ටු පෙරළා දේපොළ සොයා ඇති බව පොලි­සිය පැව­සීය.

නි‍ෙවසේ සිටි එක්තැන්ව සිටි වයෝ­වෘද්ධ කාන්තාව ඥාතීන් විසින් කෑගල්ල මහ රෝහ­ලට ඇතු­ළත් කිරී­මට කට­යුතු කර ඇත.

ඝාත­ක­යන් නිවෙසේ තිබී රැගෙන ගිය කාර් රථය කෑගල්ල අවි­ස්සා­වේල්ල මාර්ගයේ පින්දෙ­ණිය පොලිස් වසමේ දමා ගොස් තිබි­යදී පින්දෙ­ණිය පොලි­සියේ නිල­ධා­රීන් විසින් පොලිස් භාර­යට ගනු ලැබ ඇතැයි ද පොලි­සිය කියයි.

කෑගල්ල මහ රෝහලේ විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරි වෛද්‍ය රුචිර නදීර මහතා සහ අධි­ක­රණ වෛද්‍ය නිල­ධා­රිනී නිරං­ජලා කුල­තුංග මහ­ත්මිය  නිවෙ­සට ගොස් මර­ණ­ක­රුගේ දේහය සම්බ­න්ධ­යෙන් මරණ පරී­ක්ෂණ පැවැ­ත්වූ­වාය.

ඝාත­නය සම්බ­න්ධ­යෙන් කෑගල්ල පොලි­සිය කෑගල්ල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කිරී­මෙන් පසු කෑගල්ල වැඩ­බ­ලන මහේ­ස්ත්‍රාත් මැල්කම් මචාඩෝ මහතා ගොස් මහේ­ස්ත්‍රාත් පරී­ක්ෂ­ණය සිදු කළේය.

කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි වයි.එල්.ලීල­වංශ,පොලිස් අධි­කාරි චන්දන කන්දේ­වත්ත නිල­ධා­රින්ගේ ඍජු අධී­ක්ෂ­ණය යටතේ කෑගල්ල මූල­ස්ථාන පොලි­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක නාලක මාගෙ­ද­ර­ගම මහ­තාගේ උප­දෙස් පරිදි අප­රාධ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක පුෂ්ප­කු­මාර රණ­සිංහ,උප පොලිස් පරී­ක්ෂක ලාල් ප්‍රියන්ත,පොලිස් සැර­ය­න්ව­රුන් වන මාර­සිංහ (48683) පොලිස් කොස්තා­ප­ල්ව­රුන් වන බණ්ඩාර (78617) නව­රත්න (79840) චානක (90427) කෑගල්ල කොට්ඨාස අප­රාධ ස්ථාන පරී­ක්ෂ­ණා­ගා­රයේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක තිවංක දෙහි­ම­ඩුගේ පොලිස් සැර­යන් වසන්ත (34165) නිල­ධා­රීහු සිද්ධිය සම්බ­න්ධ­යෙන් විම­ර්ශන කට­යුතු සිදු කරති.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT