නිවෙසේ තිබූ මෝටර් රියෙන් ඝාතකයන් පැන ගිහින්
වයෝවෘද්ධ බිරියගේ කටටත් ප්ලාස්ටර් ගහලා
සීසීටීවී රෙකෝඩරයත් අරන් ගිහින්
අත් ගැට ගසා ඇඳ සිටි සරමෙන් ගෙල සිරකර කටේ ප්ලාස්ටර් ඔබා නිදි ඇඳේදීම ඝාතනය කර සිටි කෑගල්ල ප්‍රාදේශීය සභාවේ පොදු පෙරමුණු හිටපු මන්ත්‍රීවරයකුගේ සිරුර ඔහුගේ නිෙවස වූ කෑගල්ල බුළුරුප්ප කෙම්පිටිය වලව්වේ තිබී ඊයේ(28)පෙරවරුවේ සොයා ගත් බව කෑගල්ල පොලිසිය පවසයි.
මෙලෙස නිදි ඇඳේදීම ඝාතනය වී ඇති මියගිය අය විශ්‍රාමික ගණිත ගුරුවරයකු මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කෑගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ලෙස සේවය කර ඇති ක්‍රිෂාන්ත පුලස්ති මාරපන නමැති 75 හැවිරිදි අයකු බව ද පොලිසිය කියයි.
මියගිය අය එක්තැන්ව සිටින වයෝවෘද්ධ බිරිය සමඟ නිවෙසේ පදිංචිව සිට ඇති අතර මේ ඝාතනය සිදුවන අවස්ථාවේදී කාන්තාවටද කිසියම් අයකු හෝ පිරිසක් විසින් පහරදී කටට ප්ලාස්ටර් අලවා ඇඳෙන් බිමට ඇද දමා තිබී ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
නිවෙසට ඇතුළු වී ඇති නාඳුනන අය නිවෙසේ තිබූ බඩුමුට්ටු පෙරළා කිසියම් හෝ දෙයක් සොයා ඇති බවත් පසුව නිවෙස ඉදිරිපිට නවතා තිබූ මියගිය අයගේ කාර් රථයද රැගෙන පලා ගොස් තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද පොලිසිය කියයි.
මේ අපරාධය සිදු කළ අය නිවෙසේ සවි කර තිබූ සීසීටීවී කැමරා පද්ධතියේ රේකෝඩරය ද රැගෙන ගොස් ඇති බවද හෙළිවී ඇතැයි ද පොලිසිය පවසයි.
එකොළොස් දෙනකුගෙන් යුත් පවුලක වැඩිමල් සහෝදරයා වන අතර,ඔහුගේ පුත්‍රයා ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින බවත් දියණිය කලකට ඉහතදී මියගොස් ඇති බවත් පොලිසිය පැවසීය.
මරණකරු එක්තැන්ව සිටින වයෝවෘද්ධ බිරිය සමඟ නිෙවසේ පදිංචිව සිට ඇති බවත් අසල්වැසියකු වන මහගමආරච්චිගේ තිලකරත්න නමැත්තකු කලක සිට නිෙවසේ රාජකාරි කටයුතු මෙන්ම මුර කටයුතු ද කරමින් සිට ඇති බවත් පොලිසිය පැවසීය.
මරණකරු දින කිහිපයකට ඉහතදී තම කුඹුරුවලට බිත්තර වී රැගෙන ඒමට පොලොන්නරුව ප්‍රදේශයට ත්‍රිරෝද රථයකින් ගොස් පැමිණ ඇති බවට තොරතුරු හෙළිව ඇති බව පොලිසිය සඳහන් කරයි. එමෙන්ම ඊයේ (28) පෙරවරු 7.30ට පමණ ආණමඩුව ප්‍රදේශයේ ලොරියක් වී මිලට ගැනීමට කෙම්පිටිය වලව්වට පැමිණ ඇති බවට ද කරුණු හෙළිව ඇතැයි පොලිසිය කියයි.
ඊයේ (28) පෙරවරු 8.00ට පමණ නිෙවසේ රාජකාරි කරන මුරකරුගේ පිරිමි දරුවා ද වලව්වට පැමිණ වයෝවෘද්ධ යුවළට කතා කර ඇති අතර,කිසිම ශබ්දයක් නැති බැවින් ඒ වන විටත් ඇර දමා තිබුණු වලව්වේ ප්‍රධාන දොරටුවෙන් නිවෙස ඇතුළට ගොස් බලන අවස්ථාවේ දී එක් ඇඳක ගෙහිමියාගේ කටේ ප්ලාස්ටර් ගසා අත්දෙක බැඳ ඇඳ සිටි සරම ගලවා ගෙල සිර කර ඇති අයුරු දැක ඇති බවට ප්‍රකාශ කළ බව පොලීසිය කියයි.
එක්තැන්ව සිටි ගෙහිමි කාන්තාවට පහර දී ඇය බිමට වැටී සිටින අයුරු ද දරුවා දැක ඇති අතර පසුව මරණකරුගේ සහෝදර සහෝදරියන්ට දන්වා ඇති බවත් පොලිසිය කියයි.
පොලිස් කණ්ඩායමක් නිෙවසට ගොස් විමර්ශන කටයුතු ආරම්භ කිරීමේදී අනාවරණය වී ඇත්තේ යම් පිරිසක් හෝ පුද්ගලයෙක් නිෙවසට පැමිණ විදුලි මීටරය විසන්ධි කර නිෙවසට රිංගා නිෙවස ඇතුළත බඩු මුට්ටු පෙරළා දේපොළ සොයා ඇති බව පොලිසිය පැවසීය.
නිෙවසේ සිටි එක්තැන්ව සිටි වයෝවෘද්ධ කාන්තාව ඥාතීන් විසින් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.
ඝාතකයන් නිවෙසේ තිබී රැගෙන ගිය කාර් රථය කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ පින්දෙණිය පොලිස් වසමේ දමා ගොස් තිබියදී පින්දෙණිය පොලිසියේ නිලධාරීන් විසින් පොලිස් භාරයට ගනු ලැබ ඇතැයි ද පොලිසිය කියයි.
කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුචිර නදීර මහතා සහ අධිකරණ වෛද්‍ය නිලධාරිනී නිරංජලා කුලතුංග මහත්මිය නිවෙසට ගොස් මරණකරුගේ දේහය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ පැවැත්වූවාය.
ඝාතනය සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු කෑගල්ල වැඩබලන මහේස්ත්‍රාත් මැල්කම් මචාඩෝ මහතා ගොස් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළේය.
කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වයි.එල්.ලීලවංශ,පොලිස් අධිකාරි චන්දන කන්දේවත්ත නිලධාරින්ගේ ඍජු අධීක්ෂණය යටතේ කෑගල්ල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගම මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර රණසිංහ,උප පොලිස් පරීක්ෂක ලාල් ප්‍රියන්ත,පොලිස් සැරයන්වරුන් වන මාරසිංහ (48683) පොලිස් කොස්තාපල්වරුන් වන බණ්ඩාර (78617) නවරත්න (79840) චානක (90427) කෑගල්ල කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිවංක දෙහිමඩුගේ පොලිස් සැරයන් වසන්ත (34165) නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරති.