යාපනයේ කෝපායි නීර්වේලී ප්‍රදේශයේ නීති විරෝධී අන්දමින් මැතිවරණ ප්රචාරක කටයුතුවල නිරත වූ තිදෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී කෝපායි පොලිසිය පෙරේදා (27) අත්අඩංගුවට ගෙන ඇත. මේ සැකකරුවන් නීති විරෝධී ලෙස මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරතව සිටින බවට පොලිසියට ලද තොරතුරක් මත ඔවුන් අත්අඩංගුවට ගැනීමට යෑමේදී පිරිසක් ඔවුන්ට පහර දුන් බව කියමින් මොවුන් තිදෙනා රෝහල්ගත වී ඇත.
සිද්ධියට අදාළව යාපනයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත කෝපායි පොලිසිය එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට ද පියවර ගෙන තිබිණි. එසේම සැකකරුවන්ට පහර දුන් බව කියන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ද පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිසිය කියයි. රෝහල්ගතව සිටියදී අත්අඩංගුවට ගත් තිදෙනා හක්ගෙඩිය ලකුනින් මෙවර යාපනයෙන් මහමැතිවරණයට ඉදිරිපත් වී සිටින දෙමළ ජාතික සන්ධානයේ ආධාරකරුවන් තිදෙනකු බවට හඳුනාගෙන තිබේ.