Monday, April 21, 2025
Home » නවසීලන්තයට පළමුවරට කාන්තා පොලිස්පතිවරියක්

නවසීලන්තයට පළමුවරට කාන්තා පොලිස්පතිවරියක්

by chanaka
October 29, 2024 11:56 am 0 comment

නියෝජ්‍ය පොලිස් කොමසාරිස් ටානියා කුරා (Tania Kura) නවසීලන්තයේ පළමු කාන්තා (වැඩබලන) අනතර්වාර පොලිස් කොමසාරිස් ලෙස පත් කර ඇත.

දැනට සිටින ඇන්ඩෲ කොස්ටර් ලබන මාසයේදී පොලිස් කොමසාරිස් ධූරයෙන් ඉවත් වීම හේතුවෙන් කල් තියා ඒ සදහා ආදේශකයක් නවසීලන්ත පොලිසියේ අධීක්ෂණය යටතේ ටානියා කුරාව පත් කර තිබේ.

ඇය 1987 දී පොලිස් සේවයට එක්ව ඇති අතර 2020 වසරේ දී පළමු කාන්තා පොලිස් නියෝජ්‍ය කොමසාරිස්වරිය බවට පත් වූ ටානියා කුරා, දිස්ත්‍රික්ක පුරා මෙහෙයුම් කළමනාකරණය කිරීමේ පුළුල් අත්දැකීම් සහිත නිලධාරිනියකි.

නවසීලන්ත නිල පොලිස් වෙබ් අඩවියේ, ඇයව විස්තර කර ඇත්තේ “තම ජනතාවගේ සංවර්ධනය සහ ශක්තිමත්, ධනාත්මක සංස්කෘතියක් ගොඩනැගීම කෙරෙහි නිර්දය ලෙස අවධානය යොමු කර ඇති” ලෙසය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT