තෙලුගු සිනමාවේ සුපිරි නළු අල්ලු අර්ජුන් රංගනයෙන් දායක වූ ‘පුෂ්පා 2‘ චිත්‍රපටය තිරගත වීමටත් පෙර ඉන්දීය රුපියල් කෝටි දහසකට වැඩි ආදායමක් උපයා ගැනීමට සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. තෙලුගු සිනමාවේ ජනප්‍රිය සිනමාකරුවකු වන සුකුමාර්ගේ තිරරචනයෙන් හා අධ්‍යක්ෂණයෙන් ලබන දෙසැම්බර් මස 6 වැනිදා තිරගත වීමට නියමිත ‘පුෂ්පා 2‘ චිත්‍රපටය වෙන්කරවා ගැනීමෙන් හා පූර්ව ප්රචාරක කටයුතුවලින් එම ආදායම උපයා ඇති අතර, පූර්ව ප්රචාරක කටයුතු අතරතුර ඉන්දියාවේ එවැනි ආදායමක් උපයා ගත් පළමු චිත්‍රපටය ලෙස ද ‘පුෂ්පා 2‘ වාර්තාපොතට එක්වූ බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
අල්ලු අර්ජුන්ට අමතරව රෂ්මිකා මන්දානා සහ ෆහාඩ් ෆාසිල් රංගනයෙන් එක්වන මේ චිත්‍රපටය සඳහා වැය කර ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 500කට ආසන්න වන අතර, එය ඉන්දියාවේ වැඩිම මුදලක් වැය කළ චිත්‍රපට අතළොස්සට එක්වූ බවද වාර්තා වේ.