Monday, April 21, 2025
Home » ‘පුෂ්පා’ ප්‍රද­ර්ශ­න­ය­ටත් පෙර රුපි­යල් කෝටි දහ­සක් උප­යයි

‘පුෂ්පා’ ප්‍රද­ර්ශ­න­ය­ටත් පෙර රුපි­යල් කෝටි දහ­සක් උප­යයි

ඉන්දීය සින­මාවේ වාර්තා­ගත ආදා­ය­මක්

by Gayan Abeykoon
October 29, 2024 1:13 am 0 comment

තෙලුගු සින­මාවේ සුපිරි නළු අල්ලු අර්ජුන් රංග­න­යෙන් දායක වූ ‘පුෂ්පා 2‘ චිත්‍ර­ප­ටය තිර­ගත වීම­ටත් පෙර ඉන්දීය රුපි­යල් කෝටි දහ­ස­කට වැඩි ආදා­ය­මක් උපයා ගැනී­මට සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. තෙලුගු සින­මාවේ ජන­ප්‍රිය සින­මා­ක­රු­වකු වන සුකු­මාර්ගේ තිර­ර­ච­න­යෙන් හා අධ්‍ය­ක්ෂ­ණ­යෙන් ලබන දෙසැ­ම්බර් මස 6 වැනිදා තිර­ගත වීමට නිය­මිත ‘පුෂ්පා 2‘ චිත්‍ර­ප­ටය වෙන්ක­රවා ගැනී­මෙන් හා පූර්ව ප්‍රචා­රක කට­යු­තු­ව­ලින් එම ආදා­යම උපයා ඇති අතර, පූර්ව ප්‍රචා­රක කට­යුතු අත­ර­තුර ඉන්දි­යාවේ එවැනි ආදා­ය­මක් උපයා ගත් පළමු චිත්‍ර­ප­ටය ලෙස ද ‘පුෂ්පා 2‘ වාර්තා­පො­තට එක්වූ බව ඉන්දීය මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

අල්ලු අර්ජුන්ට අම­ත­රව රෂ්මිකා මන්දානා සහ ෆහාඩ් ෆාසිල් රංග­න­යෙන් එක්වන මේ චිත්‍ර­ප­ටය සඳහා වැය කර ඇති මුදල ඉන්දීය රුපි­යල් කෝටි 500කට ආසන්න වන අතර, එය ඉන්දි­යාවේ වැඩිම මුද­ලක් වැය කළ චිත්‍ර­පට අත­ළො­ස්සට එක්වූ බවද වාර්තා වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT