Home » අලුත් කර්මාන්ත යුග­ය­කට සැල­සුම් හදන්න

අලුත් කර්මාන්ත යුග­ය­කට සැල­සුම් හදන්න

ආචාර්ය තිස්ස රවින්ද පෙරේරා

by Gayan Abeykoon
October 29, 2024 1:05 am 0 comment

ලංකාවේ දේශීය ව්‍යව­සා­ය­ක­යාගේ ව්‍යාපාර ලෝකය අඳුරු වීමට බලපා ඇති හේතු පිළි­බ­ඳ­වත්, දේශීය කර්මාන්ත නඟා සිටු­වී­මට නව රජය ගත යුතු ක්‍රියා­මාර්ග සම්බ­න්ධ­වත් ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය තිස්ස රවින්ද පෙරේරා සමඟ සිදු කළ සාක­ච්ඡා­වකි.

 

* පසු­ගිය කාලයේ පැවැති අර්බු­ද­කාරී වාතා­ව­ර­ණ­යත් සමඟ, ලංකාවේ දළ දේශීය නිෂ්පා­ද­න­ය­න්වල බිඳ­වැ­ටී­මට බලපෑ මූලික හේතු සාධක මොන­වාද?

ප්‍රධා­නම කාර­ණය තමයි, රටේ ආර්ථික සංව­ර්ධන වේගය අඩු­වීම හා ඒ සම­ඟම ඇති වුණ ඒක පුද්ගල ආදා­යමේ වෙනස් වීම. මේ වගේ සන්ද­ර්භ­යක් ඇතුළේ තමයි දළ දේශීය නිෂ්පා­ද­න­යන් බිඳ වැටීම සිදු­වෙන්නේ. 2020 වර්ෂයේ දී, ලෝකය පුරා ව්‍යාප්ත වූ කොවිඩ් වසං­ග­ත­යත් සම­ඟම ලෝකයේ බහු­ත­ර­යක් රාජ්‍ය­ය­න්වල වගේම, ලංකාවේ ආර්ථික තත්ත්ව­යත් විශාල බිඳ වැටී­මට ලක්වුණා. වසං­ගත තත්ත්වය හමුවේ කිසිදු අප­න­ය­න­යක් හෝ ආන­ය­න­යක් ලංකාව තුළ සිදු­වුණේ නැහැ. ඒක දේශීය නිෂ්පා­ද­න­ව­ලට ඍජුව බල­පෑවා. ඒ වගේම, රුසි­යානු යුක්‍රේන අර්බු­ද­යත් මෙම දේශීය නිෂ්පා­දන බිඳ­වැ­ටී­මට බල­පෑ­මක් ඇති කළා.

 

*කඩ­දාසි, සිමෙන්ති හා උළු වැනි මහා පරි­මාණ දේශීය කර්මාන්ත මේ වන­විට දැඩි අර්බු­ද­කාරී තත්ත්ව­ය­කට වැටී තිබෙ­නවා. මේවා නැවත නඟා සිටු­වීමේ අව­ශ්‍ය­තාව මොන වගේද?

නව රජය යටතේ කඩ­දාසි වගේ කර්මාන්ත හොඳ තැන­කට ගේන්න පුළු­ව­න්නම් ඒක ගොඩක් වැද­ගත්. පහු­ගිය රජය යටතේ, නැවත වාල­ච්චේන කඩ­දාසි කර්මාන්ත ශාලාව ආරම්භ කළා. නමුත්, ඒක කොත­රම් දුරට සාර්ථ­කව ක්‍රියා­ත්මක වෙන­වද කියලා හරි­ය­ටම කියන්න බැහැ. මේවා සැල­සු­ම්ස­හ­ග­තව සිදු­විය යුතු දේවල්. කඩ­දාසි, සිමෙන්ති හා උළු යන නිෂ්පා­ද­න­ව­ලට අම­ත­රව, රටේ සමස්ත දේශීය කර්මා­න්ත­වල නඟා සිටු­වී­මක් අත්‍ය­ව­ශ්‍ය­මයි. ඒ වගේම, මේ උළු කර්මා­න්තය පරි­ස­ර­යට විශාල හානි­යක් සිදු­වන කර්මා­න්ත­යක්. ඒ වගේ කර්මාන්ත ඉවත් කළ යුතු වෙනවා.

 

*එම කර්මාන්ත නැවත නඟා සිටු­වී­මට පැහැ­දිලි වැඩ­පි­ළි­වෙ­ළක් සකස් විය යුත්තේ කොහො­මද?

පළ­වෙනි කාර­ණය, සාර්ව මට්ට­මින් යුතු ජාතික ප්‍රති­ප­ත්ති­යක් නිර්මා­ණය කළ යුතුයි. මෙහිදී ජනා­ධි­ප­ති­ව­ර­යාගේ සිට පහ­ළම ස්ථර සිය­ල්ලෙහි දාය­ක­ත්වය ඇතිව ජාතික වැඩ­පි­ළි­වෙ­ළක් අව­ශ්‍යයි. එහිදී රාජ්‍ය ව්‍යව­සා­ය­ක­ත්ව­යට මූලි­ක­ත්වය දෙන­වද, පෞද්ග­ලික ව්‍යව­සා­ය­ක­ත්ව­යට මුල්තැන දෙන­වද, එහෙ­මත් නැත්නම් මේ කණ්ඩා­යම් දෙකම එකට එකතු කර­මින් නව ක්‍රම­වේ­ද­යක් හඳුන්වා දෙන­වද යන කාරණා තීර­ණය කළ යුතු වෙනවා. යම් හෙය­කින් රාජ්‍ය ව්‍යව­සාය ශක්ති­මත් කළොත්, රට බොහොම නරක අව­ධි­ය­කට ගමන් කර­නවා. නමුත්, මේ දෙකම එකට එකතු කළොත් රට තුළ වෙන­සක් ඇති කරන්න පුළු­වන් වෙනවා.

 

*ආර්ථික වශ­යෙන් දේශීය ව්‍යව­සා­ය­ක­යන් දිරි­මත් කිරීම හා ඔවුන්ව ඒ සඳහා පුහුණු කරන්නේ කොහො­මද?

හොඳ ව්‍යව­සා‍‍ය­ක‍ෙ­ය­කුට ලෝකයේ පව­තින ඕනෑම වාතා­ව­ර­ණ­යක් තුළ තමන්ගේ ව්‍යාපා­රය කර­ගෙන යන්න පුළු­වන් වෙන්න ඕනේ. නමුත් ලංකාවේ ව්‍යව­සා­ය­ක­යන්ට තියෙන විශා­ලම ගැට­ලුව තමයි, ලංකාවේ ආර්ථි­කය බිඳ වැටු­නොත්, දේශ­පා­ල­නය අස්ථා­වර වුණොත් ඔවුන්ට ඔවුන්ගේ ව්‍යාපා­රය කර­ගෙන යාමට නොහැකි වේවි කියන කාර­ණය. මේ නිසා ඔවුන්ව දිරි­මත් කිරී­මට නම් රට තුළ, කිසිම දව­සක වෙනස් නොවන ජාතික වැඩ­පි­ළි­වෙ­ළක් නිර්මා­ණය කළ යුතුයි.

 

* කර්මා­න්ත­ක­රු­වන්ගේ නිෂ්පා­දන අලෙ­වි­ක­ර­ණය හා වෙළ­ඳ­පොළ ආශ්‍රි­තව මතු­වන ගැටලු විස­ඳන්නේ කොහො­මද?

එවැනි ගැට­ලු­ව­ලට විස­ඳුම් ලබා­දෙන විශාල ආය­තන පද්ධ­ති­යක් රට තුළ ක්‍රියා­ත්මක වෙනවා. ගැට­ලුව, දේශීය කර්මා­න්ත­ක­රුවා එම ආය­ත­න­වල සහාය ලබා ගන්නේ නැහැ. මුලින්ම කළ යුතු වන්නේ, දේශය ව්‍යව­සා­ය­ක­යන් සම්බ­න්ධව නව­තම පර්යේ­ෂ­ණ­යක් සිදු කිරීම. ඒ හරහා ඔවුන්ගේ වෙළ­ඳ­පොළ ආශ්‍රිත ගැටලු හා අනෙ­කුත් ගැටලු හඳු­නා­ගන්න පුළු­වන්. ලංකාවේ කර්මාන්ත ක්ෂුද්‍ර, සුළු, මධ්‍ය පරි­මාණ හා මහා පරි­මාණ වශ­යෙන් කොටස් හත­රක් යටතේ හඳු­නා­ගන්න පුළු­වන්.

 

*කර්මා­න්ත­ක­රුවා දිරි­ගැ­න්වී­මට, නිෂ්පා­දන නැවත වර්ධ­නය කර ගැනී­මට නව රජ­යට විශාල වග­කී­මක් තියෙ­නවා. එහිදී රජය විසින් ගත­යුතු ක්‍රියා­මාර්ග මොන­වාද?

අප දේශීය කර්මාන්ත නඟා සිටු­වීමේ දී සිය­යට සිය­යක් රාජ්‍ය ව්‍යව­සාය සම්බන්ධ නොකර ගත යුතුයි. එය අකා­ර්ය­ක්ෂම ආය­තන පද්ධ­ති­යක්. ඒකට හේතුව එම ආය­ත­න­ව­ලට තිබෙන අණ­ප­නත් හා චක්‍ර­ලේ­ඛන. ඔවුන් මේවත් එක්ක බැඳිල තමයි ව්‍යාපාර සිදු­ක­රන්නේ. ඒ වගේම රාජ්‍ය ආය­ත­න­වල ටික කාල­යක් ගත­වන විට ඇති­වන නිල­බ­ල­වා­දය තුළින් දූෂිත නිල­ධාරී මණ්ඩ­ල­යක් බිහි­වෙ­නවා. නමුත් චීනය වගේ රට­වල රාජ්‍ය ව්‍යව­සා­ය­ක­යන් කට­යුතු කරන්නේ පුද්ග­ලික සමා­ගම් වගේ. ඇයි අපිට බැරි ලංකා­වෙත් ඒ ක්‍රමය ඇති කරන්න? ඕනෑ­වට වඩා රාජ්‍ය ව්‍යව­සාය ශක්ති­මත් කිරීම හානි­ක­රයි. ඒ නිසා පෞද්ග­ලික අංශය මේ වැඩ­පි­ළි­වෙ­ළට සම්බන්ධ කරවා ගත යුතුයි.

 

රන්දි ලිය­නගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT