Home » 89දී වැළ­කුණු චන්ද්‍රි­කාගේ පාර්ලි­මේන්තු ගමන

89දී වැළ­කුණු චන්ද්‍රි­කාගේ පාර්ලි­මේන්තු ගමන

by Gayan Abeykoon
October 29, 2024 1:05 am 0 comment

ශ්‍රී ලංකා මහ­ජන පක්ෂ­යෙන් ටී.බී. ඉලං­ග­රත්න මහතා ඉල්ලා අස්වී­මෙන් පසු පක්ෂයේ සභා­පති ධුර­යට පත්වූයේ චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක කුමා­ර­තුංග මහ­ත්මි­යයි. මේ සම­ඟම  ශ්‍රී ලංකාවේ වාමාං­ශික පක්ෂ අතර එක­මු­තු­වක් ද ඇති­විය. එය එක්සත් සමා­ජ­වාදී පෙර­මුණ නම් විය. එම පෙර­මුණේ නාය­කයා ලෙස විජය කුමා­ර­තුංග මහතා කට­යුතු කළේය. කෙසේ වෙතත් 1988 පෙබ­ර­වාරි 16 ඔහුගේ ඝාත­නය සිදුවූ අතර ඔහුගේ අව­ම­ඟුල් උත්ස­ව­යේදී එම පක්ෂයේ නායි­කාව ලෙස චන්ද්‍රිකා  මැති­නිය පත්ක­ර­ගන්නා ලදි.  අව­ම­ඟුල් උත්ස­වය ඇමැතූ ශ්‍රී ලංකා කොමි­යු­නිට්ස් පක්ෂයේ ලේක­ම්ව­රයා වූ කේ.පී. සිල්වා විසින් චන්ද්‍රි­කාගේ නාය­ක­ත්වය එම අව­ස්ථාවේ ප්‍රකාශ කළේය. ඉන් අන­තු­රුව සමා­ජ­වාදී එක්සත් පෙර­මුණේ ප්‍රති­පත්ති ඉදි­රි­යට ගෙන යන බවට චන්ද්‍රිකා විජ­යගේ දේහය ඉදි­රි­පිට දෑත් ඔසවා ප්‍රති­ඥා­දීම සිදු­විය. විජ­යගේ අව­මං­ගල උත්ස­වයේ සිදුවූ චන්ද්‍රිකා පෙර­මුණේ නාය­ක­ත්ව­යට පත්වීම සහ ඇගේ ප්‍රති­ඥා­දීම දේශ­පා­ලන වේදි­කාවේ මෙන්ම බොහෝ පාර්ශ්ව විසින් විවේ­ච­නය කර තිබිණි.

මේ වන­විට රට පැවැ­තියේ අඳුරු දේශ­ය­ක්වය. උතුර මෙන්ම දකුණ ද ආයුධ මඟින් පාල­නය කිරී­මට ආණ්ඩු­වට සිදු­විය. ඒ සම­ඟම 1987 ඉන්දු – ලංකා ගිවි­සුම යටතේ එක­ඟවී තිබූ පළමු පළාත් සභා මැති­ව­ර­ණය පැවැ­ත්වී­මට නිය­මිත විය. එවක ආණ්ඩු විරෝධී ප්‍රධාන දේශ­පා­ලන බල­වේ­ගය වූ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය මැති­ව­ර­ණය වර්ජ­නය කිරී­මට තීර­ණය කළේය. මේ අනුව එක්සත් ජාතික පක්ෂය සමඟ තරග කිරී­මට ප්‍රබල පක්ෂ­යක් නොවිණි. ඒ අනුව එක්සත් සමා­ජ­වාදි පෙර­මුණ මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වන බව තීර­ණය කළේය. ඒ වන­විට ගතවී තිබුණේ විජය කුමා­ර­තුංග ඝාත­නය වී මාස දෙකක් වැනි කෙටි කාල­යකි. කෙසේ වෙතත් තම පක්ෂය ගත් තීර­ණ­යට අනුව එජා­ප­යට විරුද්ධ බල­වේ­ග­යට නාය­ක­ත්වය ලබා­දී­මට චන්ද්‍රිකා කට­යුතු කළේය. ඇය රට පුරා යමින් ජන­තාව සංවි­ධා­නය කළාය. එමෙන්ම මේ රැස්වීම් ජන­තා­ව­ගෙන් පිරී ඉතිරී ගොස් තිබී­මද විශේ­ෂය.

කෙසේ වෙතත් බලයේ සිටි එක්සත් ජාතික පක්ෂය පළාත් සභා මැති­ව­ර­ණ­යෙන් ජය ගත්තේය. ප්‍රධාන විප­ක්ෂය වූයේ එක්සත් සමා­ජ­වාදී පෙර­මු­ණයි. එම නියෝ­ජ­නය කළ සම සමාජ පක්ෂයේ අතා­වුද සෙනෙ­වි­රත්න මහතා සබ­ර­ග­මුවේ විපක්ෂ නායක විය. දකුණු පළාතේ විපක්ෂ නායක ධුරය කොමි­යු­නිට්ස් පක්ෂයේ බී.වයි. තුඩාවේ  දකුණු පළාතේ විපක්ෂ නායක ධුර­යට පත් විය. සෙසු පළාත් සභා සඳහා විපක්ෂ නාය­ක­යන් පත්වූයේ ශ්‍රී ලංකා මහ­ජන පක්ෂ­යෙනි.

මැති­ව­ර­ණය එසේ අව­සන් වුව ඉන්ප­සුව චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක කුමා­ර­තුංග හදි­සියේ විදේශ ගත­විය. මාස­යක කෙටි කලක් සඳහා විදේ­ශ­ගත වන බව පැවැ­සු­වද  ඇය නැවත පැමි­ණියේ නැත. ඇයට එල්ලවී තිබූ මරණ තර්ජන එයට බලපෑ බව 1990 අප්‍රේල් 8 දා දිව­යින පුව­ත්පත සමඟ කළ සාක­ච්ඡා­වේදී ඇය කීවාය.

“විජ­යගේ මර­ණ­යෙන් පසු මට නිසි ආර­ක්ෂා­වක් පක්ෂ­යෙන් නොලැ­බුණු නිසයි මා ළම­යින් දෙදෙනා රැගෙන රටින් පිටව ගියේ”.

කෙසේ වෙතත් ඇයගේ දේශ­පා­ලන කට­යුතු විදේ­ශ­ග­තව සිට පවා සිදු කෙරිණි.

ඒ සම­ඟම පක්ෂය අභ්‍ය­න්ත­රයේ ගැටුම් එකි­නෙක කර­ළි­යට පැමි­ණෙ­න්නට විය. නායි­කාව විදේ­ශ­ග­තව සිට ඇතැම් ප්‍රකා­ශ­ව­ලට ඉදු­රාම වෙනත් කට­යුතු සිදු­වෙ­මින් පැවැ­තිණි. එහි එක් සිදු­වී­මක් වූයේ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යයි. 1989 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට තරග නොකළ යුතු බව චන්ද්‍රිකා දැරූ මතය විය. එහෙත් ඇය නාය­ක­ත්වය දුන් පිරිසේ බොහෝ­දෙ­නෙක් අපේ­ක්ෂ­ක­යකු ඉදි­රි­පත් කළ යුතු බව කීහ. ඒ අනුව එක්සත් සමා­ජ­වාදී පෙර­මුණේ ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා ලෙස ඔසී අබේ­ගු­ණ­සේ­කර ඉදි­රි­පත් කිරී­මට උත්සාහ දැරීය. එහෙත් එය සාර්ථක නොවිණි. ඒ අනුව ශ්‍රී ලංකාවේ මහ­ජන පක්ෂයේ ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා ලෙස ඔසී අබේ­ගු­ණ­සේ­කර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් විය. එය­ටද පක්ෂයේ නායි­කාව ලෙස විරුද්ධ වුව මහ­ජන පක්ෂය ඇයගේ එම අද­හස් නොතකා කට­යුතු කිරී­මට තීර­ණය කර තිබිණි.

“විජ­යගේ මර­ණ­යෙන් පසු රටේ සිටි මාස 2 ½ කාලය තුළ මට විරු­ද්ධව කුම­න්ත්‍ර­ණ­යක් පක්ෂය තුළම ක්‍රියා­ත්මක වුණා මගේ වහළ යට ඉඳ­ගෙ­නයි ඔවුන් මෙය කළේ.  මා අවු­රුදු කිහි­ප­යක් පක්ෂය වෙනු­වෙන් වැඩ කළා. පක්ෂ රැස්වීම් 90% කටම මා ගොස් තිබෙ­නවා. පක්ෂයේ ව්‍යව­ස්ථාව සක­ස්කළේ මායි…… මේ අත­ර­තුර පක්ෂය ප්‍රධාන තීන්දු­ව­ලදී මගේ අද­හස් විම­සුවේ නැහැ. ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වෙන එක ගැන­වත් ඔවුන් මගෙන් ඇහුවේ නැහැ…”

ජනා­ධි­ප­ති­ව­ර­ණය පැවැ­තියේ අති­බි­හි­සුණු පරි­ස­ර­ය­කය. බෝම්බ ප්‍රහාර, මිනී මැරුම් රැසක් සිදු­විය. මේ ප්‍රචණ්ඩ ක්‍රියා­වල චෝදනා රැසක් ජනතා විමුක්ති පෙර­මුණ වෙත එල්ල විය. එහෙත් සත්‍ය බෙහෙ­වින් වෙනස් ය. එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙර­මුණේ ගිණු­මට වැටෙන ලෙස බොහෝ අප­රාධ කර  තිබූ බව තතු දන්නන්ට රහ­සක් නොවිණි. ජනා­ධි­ප­ති­ව­ර­ණය සුළු ඡන්ද ප්‍රමා­ණ­ය­කින් රණ­සිංහ ප්‍රේම­දාස මහතා ජය ගත්තේය. ඒ සම­ඟම මහ­මැ­ති­ව­ර­ණය ප්‍රකා­ශ­යට පත්විය. එම මැති­ව­ර­ණය දැඩි ආර­ක්ෂා­කාරී මෙන්ම අනික් අතින් දරුණු  ප්‍රච­ණ්ඩ­ත්ව­යක් මධ්‍යයේ පවත්වා එක්සත් ජාතික පක්ෂය ජය­ග්‍ර­හ­ණය කළේය.

මැති­ව­ර­ණ­යෙන් ජාතික ලැයි­ස්තුවේ මන්ත්‍රී ධුර 15ක් සමඟ ආසන 125ක් ලබා­ගත් එක්සත් ජාතික පක්ෂය ජය ගත්තේය. ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය ආසන 67ක්, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙර­මණ ආසන 10ක්, මුස්ලිම් කොංග්‍ර­සය ආසන 4ක්, මහ­ජන එක්සත් පෙර­මුණ ආසන 3ක්, එක්සත් සමා­ජ­වාදී පෙර­මුණ ආසන 3ක්, ස්වාධීන කණ්ඩා­යම් අතරේ ආසන 13ක් ලෙස පාර්ලි­මේන්තු ආසන බෙදී ගියේය. මෙහිදී එක්සත් සමා­ජ­වාදී පෙර­මුණේ නියෝ­ජි­ත­යන් තිදෙ­නකු නම්කර තිබිණි. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ලංකා සම සමාජ පක්ෂයේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා නම් කෙරිණි. එහෙත් කොල්වින් ආර්. සිල්වා මහ­තාගේ හදිසි අභා­වය නිසා එම මන්ත්‍රී ධුරය හිස්විය. එම මන්ත්‍රී ධුරය සඳහා චන්ද්‍රිකා කුමා­ර­තුංග මහ­ත්මි­යගේ නම යෝජනා විය. එහෙත් එම  මන්ත්‍රී ධුරය භාර ගැනීම චන්ද්‍රිකා මැති­නිය ප්‍රති­ක්ෂේප කළාය.

“ජනතා ඡන්ද­යෙන් පාර්ලි­මේ­න්තු­වට පත්වීම මගේ අර­මු­ණයි. එසේ නොමැ­තිව පාර්ලි­මේ­න්තුවේ අසු­නක් බලා­පො­රො­ත්තු­වෙන් අත්‍ය­වශ්‍ය අඬ­ද­බර ඇති කර­ගැ­නීම මගේ වටිනා කාලය කා දැමී­මක් යයි සිතමි. එබැ­වින් වර්ත­මාන පාර්ලි­මේ­න්තුවේ ආස­න­යක් සඳහා මගේ නම යෝජනා කිරීම මා ප්‍රති­ක්ෂේප කරන අතර මාවෙත සහ­යෝ­ගය පළ කළ හිත­ව­තුන් වෙත මගේ කෘත­ඥ­තාව පළ­ක­රමි.”

ඇය එසේ සඳ­හන් කළේ 1989 අප්‍රේල් 30  දින අයි­ලන්ඩ් පුව­ත්ප­තට ලිපි­යක් ලිය­මිනි. එසේම ඇය හිස්ව පව­තින ධුරය පිළි­බඳ මෙසේද සඳ­හන් කළාය.

“ඔය මන්ත්‍රී පද­වි­යට කවුරු හරි පත් කළත් නැතත් ජන­තා­වට ඒක ප්‍රශ්න­යක් නොවෙයි. මන්ත්‍රී තන­තුර නොවෙයි වැද­ගත්, ජන­තා­වගේ ප්‍රශ්න වෙනු­වෙන් කට­යුතු කිරී­මයි.”

මේ අනුව එවර 1989 වර්ෂ­යේදී පාර්ලි­මේ­න්තු­වට පිවි­සී­මට චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක කුමා­ර­තුංග මහ­ත්මි­යට අව­ස්ථාව නොලැ­බිණි. ඒ සම­ඟම විදේ­ශ­ග­තව සිටි ඇය නැවත ලංකා­වට පැමි­ණියේ වසර දෙක හමා­ර­කට පසු­වය. එසේ පැමිණි ඇය ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ සාමා­ජි­ක­ත්වය 1991 නොවැ­ම්බර් මස ලබා­ග­ත්තාය. එහිදී ද ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ අභ්‍ය­න්තර ගැටලු රැසක් මතුව තිබිණි. කෙසේ හෝ 1993 වර්ෂ­යේදී ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය ප්‍රමු­ඛව පිහි­ටුවූ පොදු­ජන එක­සත් පෙර­මු­ණෙන් බස්නා­හිර පළාත් මහ ඇමැ­ති­නිය වූ ඇය පසුව 94 වර්ෂ­යේදී අග­මැති ධුර­ය­ටත්, ලංකාවේ පළමු විධා­යක ජනා­ධි­ප­ති­ව­රිය ලෙස­ටත් පත්වූ­වාය. ලංකා ඉති­හා­සයේ වැඩිම කාල­යක් එම තන­තුර හෙඹ­වූයේ ද ඇයය.

මලික් චමින්ද ධර්ම­ව­ර්ධන

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT