Home » 1960 මැති­ව­ර­ණයේ වාමාං­ශික එක්සත් පෙර­මුණේ කතාව

1960 මැති­ව­ර­ණයේ වාමාං­ශික එක්සත් පෙර­මුණේ කතාව

by Gayan Abeykoon
October 29, 2024 1:05 am 0 comment

ටී.බී. ඉලං­ග­රත්න සහ සිරිමාවෝ බණ්ඩාරනායක

1960 වසරේ මහ­මැ­ති­ව­ර­ණ­යට ශ්‍රී ලංකා නිද­හස් පක්‍ෂයේ නායි­කාව ලෙස සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක මැති­නිය පත් වූවාය. ඇයට ශ්‍රී ලංකා නිද­හස් පක්‍ෂය ඔස්සේ දේශ­පා­ල­න­යට අව­තීර්ණ වීමට අනන්‍ය වාතා­ව­ර­ණ­යක් පැව­තුණි. 1960 මාර්තු 19 වැනිදා පැවැති මහ­මැ­ති­ව­ර­ණ­යට වඩා 1960 ජූලි 20 දින පැවැති මහ­මැ­ති­ව­ර­ණය උණු­සුම් ස්වරූ­ප­යක් ගත්තේය. මේ මැති­ව­ර­ණ­යට කොමි­යු­නිස්ට් පක්‍ෂය සහ ලංකා සම­ස­මාජ පක්‍ෂය ද,  නිත­රග ගිවි­සු­මක් එනම්,  ශ්‍රී ලංකා නිද­හස් පක්‍ෂය තරග කරන ආසන සඳහා වමේ පක්‍ෂ දෙක තරග නොක­රන ගිවි­සු­මක් මඟින්,  ශ්‍රී ලංකා නිද­හස් පක්‍ෂයේ ජය­ග්‍ර­හ­ණය සඳහා උදව් කළේය. එහි දී නිශ්චිත බහු­තර බල­යක් සහි­තව ශ්‍රී ලංකා නිද­හස් පක්‍ෂය ජය­ග්‍ර­හ­ණය කරන ලදි. එම මැති­ව­ර­ණ­යෙන් ලෝකයේ ප්‍රථම අග­මැ­ති­නිය වශ­යෙන් සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක මැති­නිය බල­යට පත් වූවාය.

කෙසේ වුවද,  ශ්‍රී ලංකා නිද­හස් පක්‍ෂය ලත් මැති­ව­රණ ජය­ග්‍ර­හ­ණය ගැන යම් මිථ්‍යා­වක් ජන­තාව තුළ තිබුණි නම්,  එය වහාම වියැකී ගියහ. විශේ­ෂ­යෙන් 1961 වන  විට ප්‍රධාන කර්මා­න්ත­ශා­ලා­වල සුපු­රුදු ලක්‍ෂ­ණ­යක් බවට වැඩ­ව­ර්ජන සිදු­විය. ශ්‍රී ලංකා නිද­හස් පක්‍ෂ ආණ්ඩු­වට පැවැති සහ­යෝ­ගය දිගින් දිග­ටම බිඳ­වැ­ටීම පෙන්නුම් කරන තත්ත්ව­යක් උදා­විය.

ඒ වන විටත් දිව­යිනේ අඩු වැඩුප් ලබ­න්න­වුන් අතර,  වූ කොළඹ වරායේ ඩොක් කම්ක­රුවෝ වැඩි වැටුප් ඉල්ලා දැඩි වර්ජ­න­ය­කට එළඹ සිටි­යහ. 1959  දී ගෙන ගොස් තිබුණු වැඩ­ව­ර්ජ­න­යම ඉදි­රි­යට ගෙන­යා­මක් වූ මෙම වර්ජ­නය හට­ගත්තේ කම්ක­රු­වන්ගේ තත්ත්වය පිළි­බ­ඳව කලින් කරන ලද පරී­ක්‍ෂ­ණයේ නිග­ම­නය ඒ වන විටත් ප්‍රසිද්ධ නොකි­රීමේ ප්‍රති­ඵ­ල­යක් ලෙසය. හදිසි නීතිය ක්‍රියා­ත්මක කෙරුණු තත්ත්ව­යක් තුළ වර්ජ­නය නව­ත්වන ලදි. ඉන් අන­තු­රුව පැමිණි බැංකු ලිපි­කරු වර්ජ­නය දින 90ක් පුරා පැව­තුණි. ඉන් ඉක්බි­තිව පැව­තුණු ලංකා ගම­නා­ග­මන මණ්ඩ­ලයේ සේව­ක­යන්ගේ වර්ජ­න­යද හා වැල්ල­වත්ත රෙදි­පිළි කම්ක­රු­වන්ගේ වර්ජ­න­යද නිසා කම්කරු පන්තිය සහ බණ්ඩා­ර­නා­යක මැති­නි­යගේ ආණ්ඩුව අතර තීර­ණා­ත්මක ගැටු­ම­කට කර­ළිය සකස් වී තිබුණි. ඒ අනුව මැති­නිය වැඩ­ව­ර්ජිත කම්ක­රු­වන් කෙරෙහි සතුරු ප්‍රති­ප­ත්ති­යක් අනු­ග­ම­නය කළාය.

කම්කරු පන්තිය තුළින් මතු­වෙ­මින් ආ අර­ග­ලයේ අව­ශ්‍ය­තාව මඟින් වෘත්තීය සමි­ති­වල එක්ස­ත්භා­වයේ අව­ශ්‍ය­තාව ඇති­ක­ළේය. එමෙන්ම වමේ පක්‍ෂ­වල එක්ස­ත්භා­වය ද අව­ශ්‍ය­තා­ව­යක් ලෙස මතු වූයේය. ලංකා සම­ස­මාජ පක්‍ෂය කියා සිටියේ මේ අර­ග­ලය තුළ ඇති වූ එක්සත් බව තුළින් කම්කරු පන්තියේ විඥ්ඥා­නය ඉහළ දමනු ලැබ ඇති බවය. ශ්‍රී ලංකා නිද­හස් පක්‍ෂ ආණ්ඩුව පිළි­බ­ඳව කම්කරු පන්තිය තුළ පැවැති බොහෝ මිථ්‍යා­වන් එම අර­ගල මඟින් විනාශ කර දමා ඇති බවය.

වෘත්තීය සමිති මට්ටමේ අර­ගල මඟින් තමන්ට තවත් වැඩි දුරක් යා නොහැකි බවත් දේශ­පා­ලන තන්ත්‍ර­යම පිළි­බඳ ප්‍රශ්නය මතු කරන්නා වූ දේශ­පා­ලන අර­ගල අව­ශ්‍යව ඇති බවත්,  එම අර­ගල මඟින් දැනු­වත් කම්ක­රු­වන්ගේ පුළුල් ස්තර­යන්ට වටහා දී තිබෙන බවත්ය. ඒ අනුව වමේ එක්ස­ත්භා­ව­යක අව­ශ්‍ය­තාව ගැන සාකච්ඡා මතු වූයේය. මේ තත්ත්වය තුළ බෙ දී එකි­නෙ­කාට එරෙ­හිව සිටි මෙම පක්‍ෂ 1963 ආර­ම්භයේ පමණ සිට භේද ඉව­තලා එක්සත් වීමේ ප්‍රය­ත්න­ය­කට පිවි­සෙනු දැකිය හැකිය.

සම සමාජ පක්‍ෂය වාමාං­ශික සම­ගිය පිළි­බඳ අද­හ­සට එක­ඟ­තාව පළ කළේය.

පළ­මු­වෙන් කොමි­යු­නිස්ට් පක්‍ෂය හා මහ­ජන එක්සත් පෙර­මුණ අතර ද,  ඊට අන­තු­රුව සම­ස­මාජ පක්‍ෂය හා මහ­ජන එක්සත් පෙර­මුණ අතර ද,  ද්විපා­ර්ශ්වික සාකච්ඡා පැවැ­ත්විණි. මේ අනුව 1953 හර්තා­ලයේ 10 වැනි සංව­ත්ස­රය යෙදී තිබුණු 1963 අගෝස්තු 12 වන දින පක්‍ෂ තුනෙහි ඒකා­බ­ද්ධ­තා­ව­යෙන් යුතු මංගල රැලි­යක් පැවැ­ත්වී­මට තීර­ණය කරන ලදි. එහි දී මුල­සුන ගනු ලැබූවේ,  ලංකා සම­ස­මාජ පක්‍ෂයේ නායක ඇන්.ඇම්. පෙරේරා ද,  ශ්‍රී ලංකාවේ කොමි­යු­නිස්ට් පක්‍ෂයේ නායක එස්.ඒ. වික්‍ර­ම­සිංහ හා මහ­ජන එක්සත් පෙර­මුණේ නායක පිලිප් ගුණ­ව­ර්ධන යන තිදෙ­නාගේ සභා­පති මණ්ඩ­ල­යක් වශ­යෙනි. එහි දී “වාමාං­ශික එක්සත් පෙර­මුණ” පිහි­ටු­වන ලදි. එය කම්කරු පන්තිය අතර යෝධ පිබි­දී­මක් ඇති කළේය. මෙම තත්ත්වය බණ්ඩා­ර­නා­යක මැති­නි­යගේ දේශ­පා­ලන අනා­ග­ත­යට බල­වත් තර්ජ­න­යක් බව එතු­මි­යට මේ වන විටත් පෙනී ගියාය.

වාමාං­ශික සම­ගිය මත උද්දා­ම­යට පත් මෙරට කම්කරු පන්තිය එක්සත්ත්ව වෘත්තීය සමිති ඒකා­බද්ධ බල­ම­ණ්ඩ­ල­යක් පිහි­ටු­වා­ගත් අතර,  එහි මංගල රැලිය 1964 මාර්තු 21 දින ගාලු මුව­දොර පිටි­යෙ­හි දී ප්‍රබල වෘත්තීය සමිති 14ක මූලි­ක­ත්ව­යෙන් දැවැන්ත ජනතා සහ­භා­ගි­ත්ව­යෙන් ඇන්.ඇම්. පෙරේ­රාගේ නාය­ක­ත්වය යටතේ පව­ත්වන ලදි. එම රැලි­යේ දී කම්ක­රු­වන් විසින් දිනා­ගත යුතු ඉල්ලීම් 21ක් රජ­යට ඉදි­රි­පත් කළ අතර,  එම ඉල්ලීම් ලබා නොදෙන්නේ නම් ඉතා දැඩි වෘත්තීය සමිති අර­ග­ල­ය­කට පිවි­සෙන බවට රජ­යට අන­තුරු අඟ­වන ලදි. මෙම ඉල්ලීම් 21 පිළි­බ­ඳව කාව­දින කාර­ණ­යක් වූයේ එම­ඟින් ඉති­හා­සයේ පළමු වතා­වට වතු කම්ක­රු­වන්,  නාග­රික කම්ක­රු­වන් සමඟ ඒකා­බද්ධ වීමය. නොයෙක් අර්බුද මත සිටි රජ­යට එම අභි­යෝ­ග­යට මුහුණ දීමට කිසි­සේත්ම හැකි­යා­වක් තිබුණේ නැත. ඉල්ලීම් 21 නො දී කල්මැ­රී­ම­ටද ඉඩක් නැති බවත් එසේම එය ලබා දීම­ටද හැකි­යා­වක් නැති බවත් ආණ්ඩුව තේරුම් ගෙන තිබුණි. වාමාං­ශික එක්සත් පෙර­මුණ විශාල ජන බල­යක් සමඟ පෙරට ඒම එත­රම් හිත­කර නොවුණු නිසා මැති­නි­යට අප්‍ර­මා­දව ගත හැකිව තිබුණේ,  සතුරා විනාශ කිරීම හෝ සතුරා සමඟ මිත්‍ර වීම යන තීන්දු දෙකින් එකකි. ඒ අනුව ලංකා සම­ස­මාජ පක්‍ෂය සම­ඟින් හවුල් ආණ්ඩු­වක් පිහි­ටු­වීම සඳහා සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක මැති­නිය පිඹු­රු­පත් සකස් කළාය. එව­කට රජයේ අමා­ත්‍ය­ව­ර­යකු වූ ටී.බී. ඉලං­ග­රත්න මහතා සම­ස­මාජ නාය­ක­යන් සමඟ සාකච්ඡා කිරීම සඳහා යොද­වනු ලැබිණි. අව­සා­න­යේ දී සම­ස­මාජ පක්‍ෂය රජ­යට එක්වීම සඳහා කැමැත්ත ප්‍රකාශ කළද,  සී.පී. ද සිල්වා ප්‍රමුඛ අමා­ත්‍ය­වරු කිහිප දෙනකු විරුද්ධ වූ අතර,  වාමාං­ශික පක්‍ෂ රජ­යට එක්කර ගත­හොත් ඉල්ලා අස්වන බවට ඔවුහු තර්ජ­නය කර­න්නට වූහ. මේ සම්බ­න්ධ­යෙන් 1964 මැයි 09 වැනිදා කොළඹ නව නගර ශාලා­වේ දී පැවැ­ත්වුණු ශ්‍රී ලංකා නිද­හස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්වී­මේ දී වාමාං­ශික පක්‍ෂ හවුල් කර ගැනීමේ යෝජ­නාව ඉදි­රි­පත් කළ අතර,  හවුල් වීමට විරු­ද්ධව ඡන්දය ලබා  දී තිබුණේ 04 දෙනෙක් පමණි. සී.පී. ද සිල්වා පවා පක්‍ෂව ඡන්දය ලබා  දී තිබුණ අතර,  පක්‍ෂව ලැබුණු මුළු ඡන්ද සංඛ්‍යාව 212ක් විය.

එමෙන්ම වාමාං­ශික එක්සත් පෙර­මුණ ලෙස ආණ්ඩු­වට හවුල් වීමට එම පෙර­මුණේ විරෝ­ධතා ඇති විය. ඒ අනුව ධනේ­ෂ්වර පක්‍ෂ සමඟ හවුල් වීම නොකළ යුතු යැයි එඩ්මන්ඞ් සම­ර­ක්කොඩි,  මෙරිල් ප්‍රනාන්දු වැනි සම­ස­මාජ නාය­ක­යන්  ප්‍රකාශ කළ අතර,  හවුල් විය යුත්තේ වාමාං­ශික එක්සත් පෙර­මුණ වශ­යෙන් පම­ණක් යැයි ලෙස්ලි ගුණ­ව­ර්ධන,  කොල්වින් ආර්. ද සිල්වා හා බර්නාඞ් සොයිසා වැනි නාය­කයෝ ප්‍රකාශ කළහ. ලංකා සම­ස­මාජ පක්‍ෂයේ මධ්‍යම කාරක සභා­වට ඉදි­රි­පත් කළ හවු­ල්වීමේ යෝජ­නාව එක් ඡන්ද­ය­කින් පරා­ජය වූයේ පක්‍ෂව ඡන්ද 20ක් හා විරු­ද්ධව ඡන්ද 21ක් ලැබී­මෙනි. නමුත් මෙයින් පසු­බට නොවූ ඇන්.ඇම්. පෙරේරා 1964 ජුනි මස 07 වන දින පක්‍ෂයේ සමු­ළුව කැඳවා ඡන්ද විම­සීම කරන ලද අතර,  එහි දී හවුල් වීමට පක්‍ෂව ඡන්ද 507ක් ද විරු­ද්ධව ඡන්ද 176ක් ද ලැබී­මෙන් යෝජ­නාව සම්මත විය. අන­තු­රුව එඩ්මන්ඞ් සම­ර­ක්කොඩි,  බාලා තම්පෝ,  වී. කාරා­ල­සිං­හම්,  මෙරිල් ප්‍රනාන්දු,  ඩී.එස්. මල්ල­ව­ආ­රච්චි,  එස්.ඒ. මාටි­නස් හා ඩබ්. ධර්ම­සේන ප්‍රමුඛ “විප්ල­ව­කාරි කණ්ඩා­ය­මක්” ලංකා සම­ස­මාජ පක්‍ෂ නාය­ක­යින් ශ්‍රී ලංකා නිද­හස් පක්‍ෂ ආණ්ඩු­වට ඇතු­ලු­වීමේ ප්‍රති­ඵ­ලය වනු ඇත්තේ විවෘත පන්ති සහ­යෝ­ගි­තා­වය,  කම්කරු පන්තිය භේද භින්න කිරීම හා අර­ග­ලයේ ඉදිරි දර්ශ­නය අත­හැර සටන පාවා­දී­මක්” යන චෝද­නාව නඟ­මින් පක්‍ෂ­යෙන් ඛණ්ඩ­නය වූහ.

1964 ජුනි මස 11 වැනිදා ශ්‍රී ලංකා නිද­හස් පක්‍ෂය හා ලංකා සම­ස­මාජ පක්‍ෂය ප්‍රජා­ත­න්ත්‍ර­වාදී සම සමාජ පද­නම මත ඇති­ක­ර­ගත් පර­මාර්ථ 14ක් අඩංගු සමගි සම්මු­ති­යට පෙර­වරු 10.50ට අත්සන් තබන ලදි. ඒ අනුව සමගි රජයේ නව අමාත්‍ය මණ්ඩ­ලය රජ­ගෙ­ද­ර දී සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක මැති­නි­යගේ ප්‍රධා­න­ත්ව­යෙන් දහ­වල් 12ට යෙදුණු සුබ මොහො­තින් දිවු­රුම්  දී වැඩ භාර ගන්නා ලදි. සම­ස­මාජ නායක ඇන්.ඇම්. පෙරේරා මහතා මුදල් ඇමැති ධුර­යත්,  චම්ලි ගුණ­ව­ර්ධන මහතා රජයේ වැඩ ඇමැති ධුර­යත්,  අනිල් මුණ­සිංහ මහතා ජන­සතු සේවා ඇමැති ධුර­යත් භාර ගත්හ. ඇමැ­ති­ව­රුන් දෙදෙ­නකු ඉවත් කළ යුතුය යන පිලිප් ගුණ­ව­ර්ධ­නගේ කොන්දේ­සිය නිසා පිලිප්ට සභා­ගයේ දොර වැසිණි. කොමි­යු­නිස්ට් පක්‍ෂය වුව­ම­නා­වෙන් සිටි­යත් ඊට ආරා­ධ­න­යක් නොවූ හෙයින් ඊටද සභා­ග­යට යෑමට නොහැකි විය. මේ සිදු­වීම් සමඟ මෙරට ජන­තාව දහ­ස­කුත් එකක් බලා­පො­රොත්තු තබා­ගත් වාමාං­ශික එක්සත් පෙර­මුණ දෙදරා ගියේය.

එහෙත් මත­භේ­ද­කාරි පුව­ත්පත් මණ්ඩල පනත සහ රා පනත ආදී ක්‍රියා­මාර්ග සහ ඒවාට දැක්වුණු ප්‍රති­චා­රද හේතු­වෙන් හය මාස­යක් ගත­වී­මට පෙර මෙම සභාග රජය බිඳ­වැ­ටුණි. ඒ,  1964 දෙසැ­ම්බර් 03 වැනිදා පාර්ලි­මේ­න්තුව තුළ දී රාජා­සන කතාව පරා­ජය වීමෙනි. එහි දී රජ­යට විරු­ද්ධව ශ්‍රී ලංකා නිද­හස් පක්‍ෂ මන්ත්‍රී­වරු 14 දෙනකු ඡන්දය දුන් අතර,  සී.පී. ද සිල්වා මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් එම මන්ත්‍රී­ව­රුන් විප­ක්‍ෂ­යට එක්වී­මේ දී කළ ප්‍රකා­ශ­ව­ලින් ගම්‍ය වූයේ හවුල් රජය පිහි­ටු­වන අව­ස්ථා­වේ දී නිහ­ඬව සිටි­යද වාමාං­ශි­ක­යන් සමඟ එකතු වීම පිළි­බ­ඳව මේ පිරිස අකැ­මැ­ත්තෙන් සිට ඇති බවය. 1964 දෙසැ­ම්බර් 04 වැනිදා රාත්‍රී බණ්ඩා­ර­නා­යක මැති­නිය ජාතිය ඇමැ­තු­වාය. එහි දී පාර්ලි­මේ­න්තුව විසු­රුවා මහ­මැ­ති­ව­ර­ණ­ය­කට යන බව ප්‍රකාශ කළාය. එසේම මන්ත්‍රී­වරු 14 දෙනෙක් පිටු­පස සිට පිහි­යෙන් ඇන්න බවත් ජන­තා­වට දන්වා සිටි­යාය. අන­තු­රුව පාර්ලි­මේ­න්තුව විසු­රුවා හැරී­මට දෙසැ­ම්බර් 8 වන දින කට­යුතු කර ඊළඟ මහ­මැ­ති­ව­ර­ණය පිළි­බ­ඳව කරුණු දක්වන ලදි.

කෙසේ­වු­වද,  ලෝකයේ පළමු අග­මැ­ති­නි­යගේ හවුල් ආණ්ඩුව බිඳ­වැ­ටී­මෙන් පසුව වුවද ශ්‍රී ලංකා නිද­හස් පක්‍ෂය හා ලංකා සම­ස­මාජ පක්‍ෂ සභා­ගය දිග­ටම පැවැති අතර,  පසුව ලංකා කොමි­යු­නිස්ට් පක්‍ෂය ද එක්වී­මෙන් එය තුන් හවු­ලක් බවට පත්වී දැඩි ශක්ති­ය­කින් යුතුව විප­ක්‍ෂය මෙහෙ­ය­වී­මට ඔවුහු සමත් වූහ. 1970 පැවැති මහ­මැ­ති­ව­ර­ණ­යෙන් පාර්ලි­මේ­න්තුවේ තුනෙන් දෙක­කට අධික බල­යක් දිනා ගත් මෙම තුන් හවුල පක්‍ෂ තුනේ රජ­යක් පිහි­ටු­වන ලද ආකා­ර­යත් ලාංකේය දේශ­පා­ලන ඉති­හා­සය තුළ සට­හන් වී ඇත.

 

එම්. තාරික්

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT