Home » බුදු­පි­ළිම විම­ර්ශන සීඅ­යි­ඩිය භාර ගත්තා ද? අධී­ක්ෂ­ණය කළා ද?

බුදු­පි­ළිම විම­ර්ශන සීඅ­යි­ඩිය භාර ගත්තා ද? අධී­ක්ෂ­ණය කළා ද?

ගම්ම­න්පි­ලගේ චෝද­නාවේ ඇත්ත කතාව-04

by Gayan Abeykoon
October 29, 2024 1:06 am 0 comment

මාවනැල්ලේ බුදු පිළිමය

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේ­සේ­කර සහ එම දෙපා­ර්ත­මේ­න්තුව භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්ති රවී සෙන­වි­ර­ත්නට එරෙ­හිව පාස්කු ඉරිදා දින ම්ලේච්ඡ ප්‍රහා­ර­යට අදා­ළව එල්ල වන චෝදනා සම්බ­න්ධ­යෙන් කළ සොයා බැලී­ම­ව­ලදී අනා­ව­ර­ණය වූ කාරණා ගැන පළ­වන ලිපි පෙළේ පළමු, දෙවැනි සහ තෙවැනි ලිපි මීට පෙර පළ විය. මේ එහි සිව්වැනි කොට­සයි.

 

මාව­නැල්ල පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක මාඹු­ලගේ දොන් දමිත නිලංග මහතා පාස්කු දින ඉරිද ප්‍රහා­රය ගැන සෙවූ ජනා­ධි­පති පරී­ක්ෂණ කොමි­ෂන් සභාව ඉදි­රියේ සාක්කි ලබා­දෙ­මින් සඳ­හන් කළ පරිදි 2018 දෙසැ­ම්බර් 26 වැනිදා වන විට ඔහුගේ පොලිස් බල­ප්‍ර­දේ­ශ­යෙන් පිට ස්ථාන­වල ද බුදු­පි­ළි­ම­ව­ලට හානි කිරීම් වාර්තා වී තිබී ඇත.

පොතු­හැර, පේරා­දෙ­ණිය පොලි­ස්ව­ස­ම්වල බුදු­පි­ළි­ම­ව­ලට හානි කිරීම සම්බ­න්ධ­යෙන් ද මාව­නැල්ල පොලි­සිය කරුණු අනා­ව­ර­ණය කර­ගෙන ඇත්තේ 26 වැනිදා සැක­කරු අත්අ­ඩං­ගු­වට ගැනී­මෙන් පසු කරුණු සොයා බැලී­මට එම පොලි­සි­වල නිල­ධා­රීන් පැමිණි අව­ස්ථා­වේ­දීය.

මෙම ලිපි මාලාවේ තුන්වැනි කොටසේ දී සඳ­හන් කළ පරිදි සැක­ක­රු­වන් පිරි­සක් අත්අ­ඩං­ගු­වට ගත් මාව­නැල්ල පොලි­සි­යට සැක­ක­රු­වන් දෙදෙ­නකු අත්අ­ඩං­ගු­වට ගැනී­මට නොහැකි විය. එම සැක­ක­රු­වන් දෙදෙනා එකම පවුලේ සහෝ­ද­ර­යන් වූ අතර මාව­නැල්ල පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා ජනා­ධි­පති කොමි­ස­මට ප්‍රකාශ කළ පරිදි ඔවුන් 26 වැනිදා උදෑ­සන 10ට පමණ එම නි‍ෙව­සට යන­විට නි‍ෙවසේ සිට ඇත්තේ සැක­ක­රු­වන්ගේ මව සහ සහෝ­ද­රි­යන් පමණි. ඔවුන්ගේ පියා ඊබ්‍ර­හීම් මවු­ලවි ද නි‍ෙවසේ සිට නැත.

සැක­ක­රු­වන් දෙදෙනා

මෙම සිද්ධියේ විම­ර්ශන සම්බ­න්ධ­යෙන් මුලින්ම නොවැ­ම්බර් 24 වැනිදා කෑගල්ල පොලිස් අධි­කාරි කාර්යා­ලයේ දී ප්‍රගති රැස්වී­මක් පවැත්වූ බවත් යළි ප්‍රගති සමා­ලෝ­චන රැස්වී­මක් පැවැ­ත්වූයේ දෙසැ­ම්බර් 31 වැනිදා නියෝජ්‍ය පොලි­ස්පති කාර්යා­ල­යේදී බවත් මාව­නැල්ල පොලි­සිය අධී­ක්ෂ­ණය කළ කෑගල්ල දිස්ත්‍රික් 2 භාර සහ­කාර පොලිස් අධි­කාරි තෙන්න­කෝන් මුදි­ය­න්සේ­ලාගේ ජගත් ගාමිණී තෙන්න­කෝන් මහතා ජනා­ධි­පති කොමි­සමේ දී සාක්කි දෙමින් සඳ­හන් කළේය. ඔහු වැඩි­දු­ර­ටත් සඳ­හන් කර තිබුණේ පොලිස් පරී­ක්ෂක අම­ර­පාල ඇතුළු කණ්ඩා­ය­මක් සෙසු සැක­ක­රු­වන් දෙදෙනා සොයා ගැනී­මට විවිධ ප්‍රදේ­ශ­ව­ලට ගිය බවයි.

සැක­ක­රු­වන් දෙදෙනා අත්අ­ඩං­ගු­වට ගැනී­මට අපො­හො­සත් වූ පසු­බි­මක දෙසැ­ම්බර් 29 වැනිදා දහ­වල් 12.21කට සහ­කාර පොලිස් අධි­කාරි ගාමිණී තෙන්න­කෝන් මහ­තාට පොලිස් මූල­ස්ථා­න­යෙන් ඇම­තු­මක් ලබා­ගෙන ඇති අතර පොලි­ස්ප­ති­ව­ර­යාට ඇම­තු­මක් ගන්නා ලෙසට උප­දෙස් ලැබී තිබේ. ඒ අනුව මුලින්ම ඇම­තු­මක් ගත්ත ද ප්‍රති­චා­ර­යක් නොලද තැන තෙන්න­කෝන් මහතා, පොලිස් මූල­ස්ථා­න­යට ඇම­තු­මක් ගෙන වෙනත් ජංගම දුර­ක­තන අංක­ය­කට ගෙන පොලි­ස්ප­ති­ව­රයා අමතා තිබේ.

සහ­කාර පොලිස් අධි­කා­රි­ගෙන් විම­ර්ශන ප්‍රග­තිය විම­සී­මෙන් අන­තු­රුව බස්නා­හිර ආණ්ඩු­කාර අසාද් සාලිගේ දුර­ක­තන අංකය සහ­කාර පොලිස් අධි­කාරි වෙත ලබා දී ඇති පොලි­ස්ප­ති­ව­රයා ඔහුට ඇම­තු­මක් ලබා දෙන ලෙසත්, යම් තොර­තු­රක් ඇති බවට ඔහු කී නිසා එම තොර­තුර ලබා­ගන්නා ලෙසත් පූජිත් ජය­සු­න්දර මහතා උප­දෙස් දී ඇත.

එයා ආවේ නැද්ද

දෙසැ­ම්බර් 29 වැනිදා පස්වරු 12.29ට සහ­කාර පොලිස් අධි­කා­රි­ව­රයා අසාද් සාලි මහ­තාට ඇම­තු­මක් ලබා දි තිබෙන අතර එහිදී අසාද් සාලි ප්‍රකාශ කර ඇත්තේ පොලි­සිය සොය­මින් සිටින සැක­ක­රු­වන් දෙදෙනා තම්සින් නම් මවු­ලවි විසින් එදි­නම ගෙනැ­විත් බාර දෙනු ඇති බව යැයි සහ­කාර පොලිස් අධි­කාරි කියා ඇත. එවැ­න්නක් කී බව අසාද් සාලි පසුව ප්‍රති­ක්ෂේප කර තිබේ. එම තොර­තුර ගැන සහ­කාර පොලිස් අධි­කා­රි­ව­රයා දහ­වල් 12.38ට පාලිත සිරි­ව­ර්ධන නමැති නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යාට දැනුම් දී තිබේ. එවිට ඔහු කියා ඇත්තේ එලෙස බාර දෙනවා නම් හොඳ බැවින් බලා සිටිමු යනු­වෙනි. කෙසේ වෙතත් අදාළ මවු­ලවි එදින සැක­ක­රු­වන් ගෙනැ­විත් බාරදී තිබුණේ නැත.

ඉන්පසු නියෝජ්‍ය පොලි­ස්පති පාලිත සිරි­ව­ර්ධ­නගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවති ප්‍රගති සමා­ලෝ­චන රැස්වී­මේදී පාලිත සිරි­ව­ර්ධන මහතා, සහ­කාර පොලිස් අධි­කා­රි­ව­ර­යාට උප­දෙස් දී ඇත්තේ අසාද් සාලි මහ­තාට ඇම­තු­මක් ගෙන ඒ ගැන විම­සන ලෙසයි. ඒ අනුව සහ­කාර පොලිස් අධි­කාරි තෙන්න­කෝන් මහතා අනිත් නිල­ධා­රීන් ද ඉදි­රි­පිට උදෑ­සන 11.28ට පමණ අසාද් සාලි මහ­තාට ඇම­තු­මක් ගෙන තිබේ. නියෝජ්‍ය පොලි­ස්පති දැනුම් දී ඇත්තේ දුර­ක­තන ඇම­තුම ගෙන සියලු දෙනාට ඇසෙන පරිදි ලවුඩ් ස්පීකර් දැමී­මට බැවින් ඔහු එය සිදු කර ඇති අතර සැක­ක­රු­වන් දෙදෙනා ගෙනැ­විත් බාර නුදුන් බව සහ­කාර පොලිස් අධි­කා­රි­ව­රයා ප්‍රකාශ කිරී­මෙන් පසු අසාද් සාලි ‘එයා ආවේ නැද්ද’ යැයි විමසා මඳක් රැඳී සිටින ලෙස දැනුම් දී වෙනත් අය­කුට ඇම­තු­මක් දී ඇත. ඒ අත­ර­තුර සහ­කාර පොලිස් අධි­කා­රි­ව­රයා ඇම­තුම විසන්ධි කර තිබේ.

මෙම සිද්ධිය අන­වශ්‍ය ලෙස ඉස්මතු කිරී­ම­කට ලක් කර ප්‍රධාන සිද්ධිය යට­පත් කිරීමේ අර­මු­ණක් ඇතිව හිටපු නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා කට­යුතු කර ඇති ද යන්න ගැන විම­ර්ශන කළ යුතුව තිබේ. ඊට හේතුව පාස්කු කොමි­ෂන් සභා­වේදී සාක්කි දෙමින් සහ­කාර පොලිස් අධි­කාරි කමල් පෙරේරා ප්‍රකාශ කළේ මෙම සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට විවිධ ප්‍රදේ­ශ­ව­ලට කණ්ඩා­යම් පිටත් කර හරි­මින් සිටි­යදී සැක­ක­රු­වන් දෙදෙනා එදින ගෙන­විත් බාර දෙන බවට නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා ප්‍රකාශ කළ බවයි. නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා ඒ බව සඳ­හන් කර ඇත්තේ අසාද් සාලි කීවේ යැයි කිය­මින් පොලි­ස්ප­ති­ව­රයා උපුටා දක්ව­මිනි. අසාද් සාලි එවැනි පොරො­න්දු­වක් නොවූ බවට ගාමිණී තෙන්න­කෝන්, සහ­කාර පොලිස් අධි­කා­රි­ව­රයා නියෝජ්‍ය පොලි­ස්පති කාර්යා­ල­යේදී කළ දුර­ක­තන සංවා­ද­යේදී හැඟී­යා­මක් ගැන කමල් පෙරේරා සාක්කි දුන්නේය. සැක­ක­රු­වන් ගෙනැ­විත් බාර­දෙන බවට නොකී බව එම සංවා­ද­යේදී ප්‍රකාශ වූ බව කමල් පෙරේරා මහතා කීවේය.

දිග­ටම විම­ර්ශන

මීට පෙර ලිපිය අව­සන් කළ පරිදි දෙසැ­ම්බර් 26 අලු­යම බුදු­පි­ළිම කැඩීමේ සිදු­වීම් වාර්තා­වී­මත් සමඟ විම­ර්ශ­න­ව­ලට සහ­යෝ­ගය දැක්වී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ මාර­සිංහ මහතා ඇතුළු කණ්ඩා­ය­මක් මාව­නැ­ල්ලට යොමු කෙරිණි. එසේම ශානි අබේ­සේ­කර මහතා ද 26 වැනිදා මාව­නැ­ල්ලට ගියේය. ඉන් පසු සහ­කාර පොලිස් අධි­කාරි කමල් පෙරේරා සහ ශානි අබේ­සේ­කර විම­ර්ශන සම්බ­න්ධ­යෙන් සාකච්ඡා කළ බව කමල් පෙරේරා, ජනා­ධි­පති කොමි­ස­මට කීවේය.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍ය­ක්ෂ­ව­රයා මෙවැනි අව­ස්ථා­ව­කට සහ­භාගි වීම සිදු වන්නේ කලා­තු­ර­කින් බවත්, නාලන්ද එල්ලා­වල ඝාතන සිද්ධිය විම­ර්ශ­න­යට නිල­ධා­රීන් යොමු කිරී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍ය­ක්ෂ­ව­රයා අදාළ ස්ථාන­යට ගිය පසු එහි අධ්‍ය­ක්ෂ­ව­ර­යකු නිල­ධා­රීන් යොමු කිරීම සඳහා එම ස්ථාන­යට පැමි­ණියේ මාව­නැල්ල බුදු­පි­ළිම සිදු­වී­මේදී බවත් සහ­කාර පොලිස් අධි­කාරි කමල් පෙරේරා මහතා ජනා­ධි­පති කොමි­ස­මේදී සඳ­හන් කළේය. දෙසැ­ම්බර් 26 වැනිදා දහ­වල් අදාළ සාක­ච්ඡා­ව­ලින් පසු විම­ර්ශ­න­යට සහාය වීමට කණ්ඩා­ය­මක් තබා යන බව කිය­මින් ශානි අබේ­සේ­කර මහතා පිටව ගිය බව ද ඔහු කීවේය. කොමි­සම එම අව­ස්ථා­වේදී සහ­කාර පොලිස් අධි­කා­රි­ගෙන් විමසා සිටියේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ක­මේ­න්තුව විම­ර්ශන බාර ගත් පසු අනිත් පොලි­සි­ව­ලින් විම­ර්ශන කරන්නේ ද යන්නයි. එහිදී සහ­කාර පොලිස් අධි­කාරි ප්‍රකාශ කළේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විම­ර්ශන කළ ද තමන්ට ද දිගින් දිග­ටම විම­ර්ශන කරන ලෙසට පාලිත සිරි­ව­ර්ධන මහතා උප­දෙස් දුන් බවයි.

ඒ අනුව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විම­ර්ශන බාර ගත්තේ ද එසේ නැත්නම් සහ­යෝ­ගය දැක්වීම පම­ණක් කළේ ද, පාලිත සිරි­ව­ර්ධන මහතා දිගින් දිග­ටම ඔහු යටතේ සිටින කණ්ඩා­ය­ම්ව­ලට විම­ර්ශන කිරී­මට උප­දෙස් දුන්නේ ඇයි ද යන්න ගැන පර­ස්ප­ර­තා­වක් මතු­විය.

මතු සම්බ­න්ධයි

තරිඳු ජය­ව­ර්ධන

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT