Home » නොවැම්බර් මස සිට සසිරි සතියට දින පහක් !

නොවැම්බර් මස සිට සසිරි සතියට දින පහක් !

by Gayan Abeykoon
October 29, 2024 1:26 am 0 comment

ලංකාවේ ප්‍රථම ඩිජිටල් ලොතරැයිපත ලෙස වැඩිම ලක්ෂපතියන් ප්‍රමාණයක් බිහිකරමින් ඔබේ විශ්වාසය දිනාගත් “සසිරි” ලොතරැයිය නොවැම්බර් මස සිට සතියට දින පහක් දිනුම් ඇදීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව සතියට දින 03ක් (අඟහරුවාදා, සිකුරාදා සහ ඉරිද) දිනුම් අදිනු ලැබූ සසිරි ටිකට්පත 2024 නොවැම්බර් 02 වැනිදා  සිට ඉහත සඳහන් කළ දින 03ට අමතරව සෑම බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවලදීත් දිනුම් ඇදීමට නියමිතය.

එදින සිට සෑම සෙනසුරාදා දිනකම තැඹිලි පැහැවර්ණයෙන් ද, සෑම බ්‍රහස්පතින්දා දිනක ම  නිල් පැහැවර්ණයෙන් ද නව ලොතරැයි පත් වෙළඳපොළට නිකුත්වේ.

මෙම අමතර දින 2 ට අදාළ ටිකට්පත් වෙළඳපළට නිකුත් කිරීම 2024.10.23 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපති/ප්‍රධාන විධායක නිලධාරී එම්.ආර්. හේමන්ත ස්වර්ණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ  සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුළු කළමනාකාරිත්වයේ සහභාගිත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩල ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදුකරන ලදි.

කවදත් ඔබට පහසුම ලෙස වැඩිම දිනුම් අවස්ථාවන් ගෙන ආ සසිරි ලොතරැයිය සමඟින් මෙතැන් සිට දින පහකදීම එක්වී උපරිම ජයග්‍රහණ ප්‍රමාණයක් හිමි කර ගන්නැයි සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලොතරැයි පාරිභෝගික ඔබගෙන් ඉල්ලා සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT