DFCC බැංකුව තම තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් හා සේවාවන් වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) සමඟ හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේ ය. මෙම හවුල්කාරීත්වය යටතේ Co-location සේවාවන් සඳහා SLT අන්තර්ජාල දත්ත මධ්‍යස්ථානය භාවිත කිරීම සහ සියලුම DFCC ශාඛාවන් තුළ Cisco SD-WAN තාක්ෂණය භාවිතයට ගැනීම සිදුකෙරේ. මෙය අනාගත අවශ්‍යතාවන්ට අනුකූලව හැඩගැසෙන අතරම ගනුදෙනුකරුවන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීම සඳහා DFCC බැංකුව දරන උත්සාහයේ වැදගත් පියවරකි. Co-location ක්‍රමවේදය මඟින් බැංකුවට තම සේවාවන් සුරක්ෂිත ලෙස SLT සමාගමේ අන්තර්ජාල දත්ත මධ්‍යස්ථානය තුළ ස්ථානගත කිරීමට හැකි වන අතර, Cisco SD-WAN තාක්ෂණය මඟින් DFCC ශාඛා ජාලයේ අන්තර්ජාල සම්බන්ධතාව වැඩිදියුණු කිරීමට හැකියාව ලැබේ.
DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ ප්‍රධාන තොරතුරු නිලධාරී වින්ද්‍යා සෝලංගආරච්චි මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් පළකළේ ය. “SLT සමඟ අත්වැල් බැඳගනිමින් Cisco SD-WAN තාක්ෂණය භාවිතයට ගැනීම DFCC බැංකුවේ ඩිජිටල් පරිවර්තනයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැඳින්වීමට පුළුවන්. අපගේ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් අනාගතයට ගැළපෙන පරිදි වැඩිදියුණු කිරීම සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා මේ ආකාරයට ගෝලීය තාක්ෂණය තුළින් පන්නරය ලබමින් විශේෂඥ සේවාවන් ලබාදෙන දේශීය සමාගමක සේවය ලබාගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. මේ නව්‍ය ප්‍රවේශය නිසා අපගේ ගනුදෙනුකරුවන්ට ඉහළම තලයේ සේවාවක් අත්විඳීමට හැකි වේවි. දිගින් දිගටම මේ ආකාරයට නවීන තාක්ෂණය මූලික කරගත් පුරෝගාමී විසඳුම් හඳුන්වා දීමට අප බලාපොරොත්තු වනවා.”
SLT සමාගමේ අන්තර්ජාල දත්ත මධ්‍යස්ථානය භාවිත කිරීමට හැකිවීම මඟින් DFCC බැංකුවට තම ප්‍රධාන පෙළේ මෙහෙයුම් කටයුතු සඳහා වඩාත් කාර්යක්ෂම හා විශ්වසනීය යටිතල පහසුකම් භාවිත කිරීමට අවස්ථාව හිමි වේ. Cisco SD-WAN තාක්ෂණය නිසා දැනටමත් DFCC බැංකුවේ ශාඛාවල සන්නිවේදනය සහ සේවා සම්පාදනය කැපීපෙනෙන ලෙස වැඩිදියුණු වී තිබේ. මෙම තාක්ෂණය මඟින් Bandwidth භාවිතය වැඩිදියුණු වී Latency අවම වන බැවින්, ශාඛා අතර සම්බන්ධතාව වඩාත් කාර්යක්ෂම හා සුරක්ෂිත ලෙස පවත්වා ගැනීමට හැකියාව ලැබී ඇත. මෙම තාක්ෂණය මඟින් තොරතුරු තාක්ෂණ කටයුතු මධ්‍යගත ලෙස කළමනාකරණය කිරීමට හැකි වන නිසා, බැංකුවේ කාර්ය මණ්ඩලයට එක් පදනමක් හරහා සමස්ත ජාලය නිරීක්ෂණය කිරීම හා පාලනය කිරීම සිදුකළ හැකි වේ. මෙමඟින් මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු වන අතර, ජාලයේ විවිධ අංශ වෙන-වෙනම කළමනාකරණය කිරීමේදී මතුවන සංකීර්ණතා ද මඟහැරී යයි.